Chapter 4

116 29 6
                                    

මිස්ටර් ලී , හඩ දෝංකාර දෙන විශාල ශාලා හරහා එයා අපිව කැදවාගෙන ගියා..

මේ ශාලාව පුරවලා තිබුනේ කිරිගරුඩ ප්‍රතිමා සහ ආරක්ෂිත වීදුරු පෙට්ටි වල දාලා තිබුන ගොඩාක් පරන පෙනුමක් ඇති කලු තැබිලි මැටි භාන්ඩවලිනුයි

ඒ දැක්කාම අවුරුදු බරගානක් පරන මේවා මෙච්චර කල් ආරක්ෂිතව තිබුන එක ගැන මට පුදුම හිතුනා.

සිංහකයක් එක්ක කාන්තා මුහුනක් තිබුන කුලුනක් ලග නතර උන මිස්ටර් ලී අපිව එයාගේ වටේට එකතු කරගත්තා..

මේ ගල් කුලුන අපේ වයසේ ගෑනු ලමයෙක් වෙනුවෙන් හදපු ස්මාරකයක්ලු..

මේ කුලුන වටේ තීන කැටයම් ගැන මිස්ටර් ලී විස්තර කරන්න ගත්තා..ඒ කතා ගොඩක් රසවත්..

ඒත් මගේ පිටිපස්සට වෙලා තවත් ගල් කුලුනක තිබුන නග්න පිරිමියෙකුගේ කැටයම ගැන තොරතෝංචියක් නැතුව කියවන ඇස් ලොකු හාවාගේ කරච්චලය මට වදයක් උනා..

"ඔය දෙඩවිල්ල නවත්ත ගන්නවකෝ"
ජන්කුක් දිහාට හැරුන මන් කිව්වා..

ඒත් ඒක මන් ගොඩක් සද්දෙන් කියලා තිබුනා..

ලමයි ඔක්කොම හක හක ගාලා හිනාවෙන්න ගද්දි මිස්ටර් ලී කතාව නැවැත්තුවා..

"මට පේන්නේ ටේහියුන්ග්ට මේ ගැන මොනවා හරි කියන්න තියෙනවා වගේ.." මිස්ටර් ලී කිව්වා..

"නෑ සර්..."මන් මූන රතුකරන් කිව්වා..

"සමහරවිට ඔයාට පුලුවන් වෙයි මේ කැටයමෙන් කියවෙන දේ විස්තර කරන්න.."

වෙලාවට මන් ඒ කැටයම ගැන දන්නවා ඉතින් මට ඒක අස්වැසිල්ලක් උනා

"මේකෙන් කියන්නේ ක්‍රෝනෝස් එයාගේ ලමයින්ව ගිලින එක නේද.."

"ඔව්...ඒත් ඇයි එයා එහෙම කරන්නේ.."

"ම්...ක්‍රෝනෝස් කියන්නේ ටයිටන්වරුන්ගේ රජා.ඉතින් දෙවිවරු වුනු එයාගේ දරුවන්ව විශ්වාස කරන්න බැරිවුන නිසා එයා ලමයි ටික ගිල දැම්මා.ඒත් එයාගේ බිරිද සියුස් බබාව හංගලා ඒ වෙනුවට ගල්ගෙඩියක් ක්‍රෝනොස්ට ගිලින්න දුන්නා.පස්සෙ කාලෙක සියුස් ලොකු උනාම තාත්තගෙ බඩෙන් සහෝදර සහෝදරියන් ටික වමාරවලා බේරගත්තා.."

"ඊයා..."අර කැලෑ හාවා කෑගැහුවා..

"ඊට පස්සේ දෙවිවරු සහ ටයිටන්වරු අතරේ ලොකු යුද්ධයක් ඇති වුනා ඒකෙන් දෙවිවරු ජයග්‍රහනය කලා.."

"මේවා අපි මොකට ඉගෙන ගන්නවද මන්දා...අපි ජොබ් එක්කට යද්දි ක්‍රෝනෝස් එයාගේ ලමයි ගිල්ලේ ඇයි කියලා කවුරුත් අහන්නෑනේ.."

ජන්කුක් එයාගේ යාලුවා උන සුගාගේ කනට කෙදිරුවා..

"ජන්කුක්ට විශිෂ්ට ප්‍රශ්නයක් ඇවිත් තීන්නේ...ටේහියුන්ග් ඔයාට පුලුවන්ද එයාට මේ දේවල් ඉගෙන ගන්න එකේ වටිනාකම කියලා දෙන්න.."

"ම්ම්..ඇත්තටම මන් හිතන්නේ දැනුම මිනුම වගේ වැඩසටහනකට ගිහාම අපිට මේකෙන් ප්‍රයෝජන ගන්න පුලුවන්... ඒ නැතත් අතීතයෙන් වර්තමානය හරියට ගොඩනගාගන්න පුලුවන් කියලත් මන් අහලා තීනවා.."

"හ්ම්..ලකුනු තුන්කාලයි ටේහියුන්ග්. ක්‍රෝනෝස් ගිලපු ලමයි අමරනීය දෙවිවරු නිසා එයාලා පස්දෙනාම බඩ ඇතුලේ ජීරනය නොවී උස්මහත් වෙලා ජීවත් වුනා. ඉතින් මෙයාලව එලියට ගන්න සියුස් අබ සහ වයින් මිශ්‍ර කරලා හදපු කෑමක් ක්‍රෝනෝස්ට කන්න සැලැස්සුවා ඒ කෑම නිසා ක්‍රෝනෝස් එයාගේ බඩේ හිටපු ලමයි ටික වැමෑරුවා.ඊට පස්සේ මේ දෙවිවරු එකතුවෙලා එයාලගේ තාත්තව පරාජය කලා..ක්‍රෝනෝස්ගේ දෑකැත්තෙන් ඔහුව කෑලීවලට කපලා, ඒකෑලී ටාටරස්වල ,ඒ කියන්නේ පාතාල ලෝකයේ අදුරුම කොටසේ විසිරුවා.."

මිස්ටර් ලී කතාව කියලා ඉවර කරද්දි අපිට දවල් කෑම වෙලාවත් ඇවිල්ලා තිබුනා..

අපි කට්ටිය කන්න යන්න හදද්දි මිස්ටර් ලී මාව නවත්තගත්තා..

"සර්..?"

"මම අහපු ප්‍රශ්නයට හරිම උත්තරේ ඔයා ඉගෙන ගන්න ඕනී.."

"ටයිටන්ලා ගැනද.."

"සැබෑ ජීවිතය ගැන..දැන් ඔයා ඉගෙන ගන්න දේවල් ජීවිතයට අදාල කරගන්නේ කොහොමද කියන එක.."

"ආහ්.."

"ඔයා මගෙන් ඉගෙන ගන්න දේවල් ජීවිතයට ඉතාමත් වැදගත්.ඉතින් ඔයා මේ දේවල් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනී.."

"හරි සර්.."

අර සිංහ කෙල්ලගේ පිලිමේ දිහා දුක්බර මුහුනකින් මිස්ටර් ලී බලන අතරෙදි මන් එහෙම කියලා එතනින් ලිස්සුවා..

මිස්ටර් ලී ඒ පිලිමෙ දිහා බලලා හුස්මක් පාත දැම්මේ ඒ කෙල්ලගෙ මරනෙට මිස්ටර් ලීටත් යන්න සිද්ධ උනා වගේ..

----------------------------------------------------------

මේකේ කුකීට ටිකක් බැනලා තිබුනට මන් ඒක ඉස්සරහට වෙනස් කරනවා එතකල් ඉවසීමෙන් කතාව කියවන්න..

A sub - godحيث تعيش القصص. اكتشف الآن