05.

185 30 5
                                    

Morning~

ටේට තුරුළු වෙලා රෑ නිදාගත්තත් උදේ ඇහැරෙනකොට ටේ හිටියෙ ජන්කුක්ගෙ ඇග උඩ.ටේ හිමීට ඇහැරලා අනිත් පැත්තෙන් හාන්සි වුනා.රෑ සිද්ධ වුන දේවල් හිමීට මතකෙට නැගෙද්දි අනිත් පැත්ත හැරිලා බැලුව ටේ ජන්කුක්ගෙ ඔළුව සිපගත්තා.නලලට වැටිලා තියෙන කෙස් ටික හිමින් පැත්තකට කරලා නලලත් සිපගත්තා.මූණ ලග දැනෙන උණුසුම නිසා ඇහැරුන ජන්කුක් හිමීට ඇස් ඇරියා.ලාවට හිනාවෙලා ටේගෙ බෙල්ලෙ මූන හංගනගෙන ආයෙත් නිදාගන්න හැදුවා.

ගුඩ් මෝනින් කූ....

ම්ම්...ගුම් මෝනිං බබා

තමන්ට හම්බුන අලුත් නමට කටපුරා හිනාවූන ටේ ජන්කුක්ගෙ කොන්ඩෙ ඇවිස්සුවා.

නැගිටින්න නැගිටින්න.......දැන් අයත් පහුවෙලා

අනේව්...මට බෑ..මට නිදි මතයි..

කෝ එහෙනම් මට නැගිටින්න දෙන්න

මට බෑ...මාත් එක්ක ඉන්නකො අද...ජෙනීගෙන් නෝට්ස් ඉල්ලගමුකො..අනේ ඉන්නකො

පොඩි එකෙක් වගේ කටත් උල් කරගෙන කියවන ජන්කුක් දිහා බලන් හිටපු ටේට ඒ ඉල්ලීම අහකදාන්න හිත ඉඩ දුන්නෑ.ඒ නිසා ආයෙත් කොණ්ඩෙ අවුස්සලා තොල් වලින් පුංචි පෙක් එකක් තියලා ආයෙත් නින්දට වැටුනා.

×××××××××××××××××××××××××

දවල් දොලහ වෙනකම්ම නිදාගත්ත දෙන්නා ඇහැරුනෙ දොරට තට්ටු කරන සද්දෙට.ටේ තමන්ගෙ ඇග උඩ ඉන්න ජන්කුක්ව හිමීට අයින් කරලා දොර ගාවට ගිහින් දොර ඇරියා.

ආහ් මහත්තයා ගුඩ් මෝනින්...දැන්ද නැගිට්ටෙ..මං මේ ආවෙ බුලත් දීලා සිරියහනෙන් ජෝඩුව කෑම කන්න එක්කන් යන්න

හැමදාම වගේ උදේ පාන්දර රැප් එක පටන් අරන්ම කාමරේට ඇතුලට ආපු ජින් ටේටත් බනින ගමන් ඇද ගාවට ගිහින් ජන්කුක් පොරවගෙන හිටපු ෂීට් එක ඇදලා දාලා ජන්කුක්ව ඇහැරවන්න ට්‍රයි කලා.ඇස් පොඩි කර කර නැගිටින ජන්කුක්ගෙ ඔළුවට හොද පාරක් ජින් ගැහුවා.

ආව්..ජින් හියුන් පිස්සුද අනේ

පිස්සු ඔව් මට පිස්සු මේ කොල්ලට කොලේජ් යන්න දීලත් නෑ.එයාවත් බදාගෙන හොදට නිදියලා..දැන් එනවා මට පිස්සු කියන්න..

𝐇𝐈𝐒 𝐌𝐀𝐅𝐈𝐀 𝐊𝐈𝐍𝐆 || ƚαҽƙσσƙ ||Where stories live. Discover now