08

208 27 11
                                    

ජන්කුක් එක්ක සුව නින්දක පසුවුන ටේ ගැස්සිලා ඇහැරුනේ තමන්ගෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට.නිදිමතේම තමන්ගෙ ඉන වටේ එතිලා තියෙන ජන්කුක්ගෙ අත් දෙක ගලවලා ෆෝන් එකත් අරන් ඇදේ ඉදගත්තා.

Good morning Dr.sung.

Morning ටේහ්‍යොන්ග්.පුළුවන්නම් ඉක්මනට හොස්පිටල් එකට එනවද.

මොකක් හරි හදිස්සියක් ද සර්..

විස්තර කිය කිය ඉන්න බෑ ටේහ්‍යොන්ග් ඉක්මනට එන්න..

හරි ස-

ටේ ඉක්මනින් වොෂ් එකක් දාගෙන ඇදුමක් ඇදන් කාමරෙන් එලියට දිව්වත් ආයෙ අනිත් පැත්ත හැරිලා ඇවිත් ජන්කුක්ගෙ නලලා ඉබලා ඉක්මනින් පහලට දිව්වා.ඒ යනකොට ටේට හම්බ වුනේ ජෙනීව.කොණ්ඩෙවත් පීරන්නෙ නැතුව රෑ හිටපු විදිහටම කිට් එක දාගෙන එන ජෙනී දිහා බලන් ඉදපු ටේ ජෙනී ආවට පස්සේ එලියට ගියා.

විනාඩි තිහකින් විතර හොස්පිටල් එකට ආපු දෙන්නා යනකොට දැක්කෙ තුවාල වෙලා අරන් යන පුංචි ලමයි.ඒත් එක්කම වගේ එතනට ආවෙ Dr.sung.

මොකක්ද වුනේ සර්...ඇයි මේ ලමයි...

මේ ලමයි ගියපු බස් එක ඇක්සිඩන්ට් වෙලා.ඒකත් වෙලා තියෙන්නෙ බස් එකට බෝම්බ් එකක් හයි කරලා.

දෙයියනේ...

ඔව් ජෙනී...පව් මේ අහිංසක ලමයි...කිසිම වරදක් නොකරපු මල් මේවට වැරදි නෑනෙ...

ඔව් සර්...මේ දේ කරපු උන්ට නම් හොදක් වෙන්න හොද නෑ...
හරි ජෙනී...ඔයා යන්න ICU ward එකට.ටේහ්‍යොන්ග් යන්න emergency unit එකට.

හරි සර්!!

ඉක්මනට තමන්ගෙ රාජකාරී පටන් ගන්න දෙන්නම දිව්වා.Dr.sungත් ඉක්මනට entry එක ලගට දිව්වෙ එතන ඉන්න අයට උදව්වක් වශයෙන්.

Emergency unit_

මේ වෙනකොට ටේ ඉන්නෙ ඔපරේෂන් එකක.අවුරුදු එකොලහක විතර පුංචි පිරිමි දරුවෙක්ගෙ කුසට කිදා බැහැපු යකඩ කූරක් අයින් කරන්න එයාට සිද්ධ වෙලා තිබුණා.ඔපරේෂන් එකේ මූලික වෛද්‍යවරයා විදිහට ටේහ්‍යොන්ට ඔපරේෂන් එක කරන්න සිද්ධ වුනා.

සර්ජිකල් අරන් ලමයගෙ බඩේ ගාලා බේල්ඩ් එකකින් තිරස් අතට කැපුමක් දැම්මා.කතුරක් ආධාරයෙන් හිමින් මස් තට්ටු කපලා ඒ අතර හිමින් තමන්ගෙ ග්ලව්ස් දාපු අත දාලා කිසිම හානියක් නොවන විදිහට ඒ මස්ල් ඈත් කලා.ආංශයට ටිකක් නුදුරින් තිබුන යකඩ කූර නිසා මේක ගොඩක් ප්‍රවේසමෙන් කල යුතු ඔපරේෂන් එකක්. ගෝස් කෑලි කිහිපයක් ගත්ත ටේ ඉක්මනින් තමන් කපපු තැන් වලින් තියලා නර්ස්ලාට කතා කලා.

𝐇𝐈𝐒 𝐌𝐀𝐅𝐈𝐀 𝐊𝐈𝐍𝐆 || ƚαҽƙσσƙ ||Where stories live. Discover now