06

146 29 3
                                    

තමන්ට පූළුවන් තරම් කදුලු නැතිවෙනකම් අඩලා අඩලා ටේ කාමරෙන් එලියට ආවා.ඇවිත් වෙනත් ඇදුමකට මාරු වෙලා ඇදේ ඇල වුනා.ටේ ගොඩක් දේවල් කල්පනා කලා.ජන්කුක් ගැන,එයාගෙ හියුන්ග්ලා වගේම තමන්ගෙ හියුන්ග් ගැනත්.මෙච්චර දවස් තමන් එක්ක හුරතල් වුන ජන්කුක් එකපාරට යක්ෂයෙක් වගේ හැසිරුනේ කොහොමද කියලා හිතාගන්න බැරි වුනා.ජන්කුක් තමන්ට ආදරෙයි ද නැත්තං තමන්ව පාවිච්චි කරනවද කියලා ටේට සමහරවෙලාවට හිතුනා.

ටේ කියන්නෙ ගොඩක් හුරතලේට හැදුන කෙනෙක් නිසා ගොඩක් භයානක දේවල් එයාට ලොකු කම්පනයක්.කලින් උන සිද්ධිය නිසා වගේම තමන්ගෙ පෙම්වතාගෙ හැසිරීමත් ටේට ගෙනාවෙ ලොකු පීඩනයක්.කොච්චර අඩලා කල්පනා කලත් එයාට අමතක වුනා මාෆියාව කියන්නෙ මොකක්ද වගේම ජන්කුක් කියන්නෙ කවුද කියන එක.

අනිත් පැත්තෙන් බැලූවොත් ජන්කුක් සාධාරණයි.හේතුව එයා තමයි මාෆියාවේ කින්ග්.එයාගෙ පෞද්ගලික දෙයකට කෙනෙක්ට අත ගහන්න බෑ.ඒකයි එයා ඒ වගේ දෙයක් කලේ.අනිත් දේ තමයි මාෆියාවෙ සමාව කියන එක නැතිම දෙයක්.

==============================

හොයාගත්තද

ඔව් බොස්...කිම් ටේහියුන්ග් කියන්නෙ jk ගෙ ටීම් එකේ මෙම්බර් කෙනෙක්ගෙ සහෝදරයෙක්.ඒ වගේම පෙම්වතා.

මොකක්!!පෙම්වතා!!එහෙම දෙයක් වෙන්න බෑ!!
ටේහියුන්ග් අයිති වෙන්න ඕනී මටය නැතුව වෙන බල්ලෙක්ට නෙවෙයි!!

බොස්...

මේ සතිය ඉවර වෙන්න කලින් ටේහියුන්ග් මගේ ලග ඉන්න ඕනි... එච්චරයි...

ඕකෙ බොස්...

ආහ්..තව දෙයක්...jk ලග ඉන්න අපෙ එකාට කියපන් හෙට අරූට එන ඩීල් එක ගැන විස්තර කියන්න කියලා..

හරි බොස්.

"තමුසෙ කොහොමද jk මගෙ සේරම දේවල් මෙහෙම උදුරගන්නෙ ආහ්...තමුසෙට ටේවනම් අයිති වෙන්න දෙන්නෑ මං.බලන් ඉන්නවා"

================================

ගෙදරින් එලියට ගියපු ජන්කුක් තාම ආවෙ නැති නිසා ඇදට වෙලා කල්පනා කරපු ටේ ජන්කුක්ට කෝල් එකක් ගත්තා..පස් පාරක් විතර රින්ග්ස් යද්දි කෝල් එක ගත්තු ජන්කුක් කතා කලා...

හෙලෝ ටේ...

ජ-ජන්කුක්...

කියන්න....

මට සමාවෙන්න කූහ්...මට තිබුනා ඔයාට කෑනොගහ ඉන්න..ප්ලීස් ගෙදර එන්න..පහලට ගියාට කවුරුත් නෑ අනිත් අය කොහෙද ගිහින්...ප්ලීස් එන්නකො මම තනියම ඉන්න බයයි...

හ්ම්...ඉන්න ටේ මම ඉක්මනින් එනවා....

හරි කූ..

කෝල් එක කට් කරපු ටේ ආයෙත් ඇදේ හාන්සි වෙලා කල්පනා කලා.ඒත් එකපාරට එයාගෙ ඔළුවට දෙයක් ආවා.වෙන මොකක්වත් නෙවෙයි දැන් තමයි එයාට ජන්කුක් කියන්නෙ කවුද කියන එක මතක් වුනේ..

Tae pov

ආයිෂ්.....මෝඩ ටේ.එයා මාෆියා වල කෙනෙක් නෙ.තමුසෙ මහ මෝඩයෙක්...කූට බනින්න කලින් තවුසෙට හිතන්න තිබ්බා..පව් කුකී...මම එච්චර දේවල් කියද්දිත් කටවහගෙන අහන් හිටියා...එයා එච්චර මට ආදරෙයිද...

මම කල්පනාවෙන් මිදුනේ දොරටු තට්ටු කරන සද්දයක් ඇහෙද්දි.ටිකක් බය හිතුනත් ඉක්මනට ගිහින් දොර ඇරියේ ඒ ඉන්නෙ කූ කියලා හිතුන නිසා..

මම හිතුවා හරි...ඒ හිටියෙ කූ තමයි....එයා දොර ලග ඉද්දිම මම එයාව බදාගත්තෙ එයත් මාව තදින් බදාගන්නකොට...

ම්හ්...කූ මට සමාවෙන්න...

ෂ්ෂ් ඒක ගැන කතා කරන්න එපා පැටියෝ....

කූහ්....

හ්ම් කියන්න....

ඔය drinks ගත්තද...

ටිකක් විතර ගත්තා ඉතින්....

ටිකක්...හොද ටික මම කියන්නෑ...මෝඩයා එනවා යන්න වොෂ් දාන්න...ගදේ බෑ..

යාහ් යාහ්...මට බෑ මේ රෑ වොෂ් දාන්න...

හරි හරි ඉතින්....එහෙනම් මම එක්ක වොෂ් දාන්න කැමති නෑනෙ..

ඔයා එක්කද...

ඇස් දෙකත් ලොකු කරගෙන මන් දිහා බලන් ඉද්දී මට ගිලලා දාන්න හිතුනා... කොහොමද දෙවියනෙ මේ වගේ කෙනෙක් මේ වගේ දෙයක් කරන්න පෙලඹුනේ.....





















හී මේක නම් අමතක වෙලාම තිබ්බෙ🙂

හායි පීචස්

ගොඩ කාලෙකින් නේද👀👉👈

බායි😌❤️

𝐇𝐈𝐒 𝐌𝐀𝐅𝐈𝐀 𝐊𝐈𝐍𝐆 || ƚαҽƙσσƙ ||Where stories live. Discover now