09

164 22 3
                                    

හොස්පිටල් එකේදි කටකාර කමින් කතා කරපු ටේ කායි විසින් එවපු කාර් එකට නැග්ගට පස්සෙ එකපාරට සයිලන්ට් වුන එක ජන්කුක්ට ලොකු ප්‍රශ්නයක් වෙලා.

බේබී...

ටේ...

ටේහ්‍යොන්ග්!!!

ජ-ජන්කුක්...

බේබී ඇයි මේ...මො-ඔයා අඩනවද..

නෑ නෑ ජන්කුක්...මගෙ ඇහැට-

බොරු නම් කියන්න ලෑස්ති වෙන්න එපා බේබි...ඇයි මේ...

ලොකූ හුස්මක් පහත දාපු ටේහ්‍යොන්ග් අඩන්නෙ නැතුව ඉන්න කොච්චර පාලනයේ කලත් ටිකකින් ඉකි ගගහ අඩන්න පටන් ගත්තෙ ජන්කුක්ව බය කරලා...

ටේ...මොකද පැටියො මේ...

අනේ කූ...මම හිතලා අ-අඩන්නෙ න්-නෑ..මට..මට ඇ-ඇඩෙනවනෙ...

කෝ දැන් අඩන්නෙ නැතුව මට හේතුව කියන්නකො...

අර...අර ලමයි...ඇ-ඇක්සිඩන්ට් වෙලා ආපු ලමයි..එයා..එයාලා පව් කූ...බෙ-බෙහෙත් දාද්දි එයාලා...එයාලා ග්-ගොඩක් ඇඩුවා...ඇයි ඒ...ඇයි ඒ පු-පුංචි ලමයින්ට එහෙම කලේ...

ෂ්ෂ් බේබී...ඒකටද දැන් මේ අඩන්නෙ...

අඩ අඩම ඔළුව උඩ පහල කරපු ටේ ඉක්මනින් ජන්කුක්ගෙ උණුහුම් තුරුලට පැන්නෙ එයාගෙ තදින් රිදෙන පපුවට සැනසීමක් හොයාගෙන.ජන්කුක් වුනත් හෙමින් තමන්ගෙ තුරුලෙ ඉන්න ටේගෙ ඔළුව අතගාමින් කනට සැනසුම් වචන කියමින් සැනසුවා.අන්තිමට ඉකිගැසීම් විතරක් ඉතුරු වෙනකොට ජන්කුක් ටේගෙ ඔළුවෙන් පොඩි හාදුවක් තියලා ටේව ඈත් කලා.

දැන් ඕක ගැන හිතන්න එපා ටේ.. තේරුනාද...පොලිසියයි අනිත් හැමෝමයි මේ ගැන හොයනවා නෙ.අනික මේක ලොකු කේස් එකක්.ඔයාලා කවුරුත් නොදන්න දෙයක් තමයි මෙතන තියෙන්නෙ...

මො-මොකක් ද ඒ...

ඒක ගැන පස්සෙ කියන්නම් මන්...

ම්ම්...












ටික වෙලාවකට පස්සෙ දෙන්නම මැන්ෂන් එකට ආවා.කාර් එකෙන් බැහැලා ඇතුලට ගිය දෙන්නා දැක්කෙ සාලෙ මැද දනගස්සලා ඉන්න මිනිස්සු දෙන්නෙක්ව.ඊට ඉස්සරහින් යුන්ගි වගේම නම්ජුනුත් ගන් දෙකකුත් අතේ තියාගෙන ඒ මිනිස්සු දෙන්නට මොනවාහරි කියන ගමන්.

𝐇𝐈𝐒 𝐌𝐀𝐅𝐈𝐀 𝐊𝐈𝐍𝐆 || ƚαҽƙσσƙ ||Where stories live. Discover now