ජන්කුක් හිත ආදරයක පැටලිලා.ඒක කියද්දිත් නිකන් හරි බොළඳයි වගේ නේද ?
ඒක ජන්කුක් දන්නවා , ඒත් ඉතින් එයත් ඒක ගැන මොනවා කරන්නද ?
අනික මනුස්සයෙක්ගේ බාහිර පෙනුමට විතරක් ආදරේ කරන එක හරි මෝඩ වැඩක්.
ඒත් ජන්කුක්ට...එයාට ඒක විශේෂයි , එයාට ඒක ඊට වඩා ගොඩක් වෙනස්.
ජන්කුක් දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ තමයි මේ කොෆී ෂොප් එක කරන්නේ. ඒත් තාමත් ඒ කිසිම දවසක එයාට ඕනේ කෙනා නම් ෂොප් එක ඇතුලට ඇවිත් නෑ. මෙච්චර කාලයකට තාමත් එයා ජන්කුක්ගේ කොෆී ෂොප් එකේ දොර ඇරගෙන ඇවිත් කෝපි එකක් ඕඩර් කරලා නෑ.
ඒත් ජන්කුක් දැනගෙන හිටියා එයා කොයිවෙලේ හරි එන්න පුළුවන් කියලා. මොකද ඒ බ්ලොන්ඩ් පාට කොණ්ඩයක් තියෙන පුංචිත්තා වැඩ කරන්නේ එයාගේ ෂොප් එක තියෙන තැන අහළ පහළකමයි.
ජන්කුක් දැකලා තියෙනවා ඒ හුරතල් පාට බටු ඇටේ එයාගේ ෂොප් එක ලඟින් ඇවිදගෙන යන විදිය. එතකොට එයා ළඟ තියෙන පාක් එකේ බංකුවකට වෙලා එයාගේ දවල් කෑම කන විදිහත් , එතන තනියෙන් ඉඳගෙන කුරුල්ලෝ සිංදු කියන විදිහ අහගෙන ඉන්නවත් , ඇස් දෙක වහගෙන අව්ව තපින විදිහත් ජන්කුක් දැකලා තිබුනා.
ජන්කුක්ට ඒ බ්ලොන්ඩ් කොණ්ඩේ තියෙන බටු ඇටේ හරියට නිකන් එයාගේ ලෝකෙම එළිය කරන ඉර එළිය වගෙයි දැනෙන්නේ. එයා හැමදාමත් බලාගෙන ඉන්නේ එක මොහොතකට හරි එයාගේ ඇස් දිහා බලන්න වාසනාවක් හම්බෙනකම්. ජන්කුක්ට ඕනේ වුණා එයා එක්ක හිනා වෙන්න , එයා එක්ක කතා කරලා එයාව අඳුරගන්න.
ඒත් අවාසනාවකට වගේ ඒ බටු ඇටේ කවදාවත් ෂොප් එක ඇතුලට එන්නේ නෑ , අඩුම ගානේ එයා ෂොප් එක දිහා ඇහැක් ඇරලා වත් බලලා නෑ.
ඒත් ජන්කුක් දැනගෙන හිටියා එයා බලනවා කියලා. ජන්කුක් දැනගෙන හිටියා එයාගේ බටු ඇටේටත් උනන්දුවක් තිබුණා කියලා. හැබැයි එයාට ඕනේ වුණේ ෂොප් එකට ඇවිත් කෝපි බොන්න නම් නෙවෙයි කියලත් ජන්කුක් දන්නවා.
ඒ දිලිසෙන ප්ලම්ප් ලිප්ස් එක්ක ෆ්ලෆී පාට කොන්ඩයක් තියෙන බටු ඇටේ එයා දිහා බලාගෙන ඉන්නවා ට්රේන් එකේ දී හැමදාම. එයා හිතනවා ඇත්තේ ජන්කුක් දකින්නේ නෑ කියලා වෙන්න ඇති , ඒත් ජන්කුක් ඒ හැමදේම දකිනවා. එයා දිහා බලන එක විතරක් නෙවෙයි , එයාගේ බටු ඇටේ කරන හැම දෙයක්ම ජන්කුක් බලාගෙනයි ඉන්නේ.
ජන්කුක් සැක කළා එයා දන්නේ නැතුව ඇති කියලා ජන්කුක් වැඩ කරන්නේ එයා හැමදාම පහු කරගෙන යන කොෆී ෂොප් එකේ කියලා. එහෙම දන්නවා නම් එයා සමහරවිට ඇතුලට එන්න ඉඩක් තිබුණා.
සමහරවිට...
***
YOU ARE READING
On Your Train | Jikook ✓
FanfictionSinhala translation Jimin sees a handsome stranger on his train