අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ ඉතින් එන්න එන්නම ජිමින් තවත් හිත නොහොඳ කරගත්තා කියලා.තුන් වෙනි සතිය වෙද්දි තත්වය ගොඩක් දරුණුයි.
ජිමින් එක්ක එක කම්පැනි එකේ වැඩ කරන එයාගේ යාළුවා ටේහ්‍යුන්ග් කොච්චර කලබලකාරී දඟ මල්ලක් ද කිව්වොත් එයා කම්පැනි එකේ කොෆී මැෂින් එකත් කඩලයි තිබුණේ.
මුලින්ම ජිමින්ට ඒක ගැන කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ.එයාට ඒකේ පොඩ්ඩක් වත් අවුලක් නෑ.
ජිමින් කෝපි බොන්නේ නෑ. එයාගේ ජීවිතේට ඒක තිත්ත වැඩියි.
අන්න එහෙම තමයි එයා හිතාගෙන හිටියේ ට්‍රේන් එකේ පුංචි අවුල වෙනකම්. ඊට පස්සේ තමයි එයාට ලොකු ලොකු මූඩ් ස්වින්ග්ස් එන්න පටන් ගත්තේ. ඉතින් ජිමින් කෝපි වලට පුරුදු වුණා. ඊටපස්සේ ටික දවසකින් කම්පැනි එකේ කවුරුහරි වදයක් වී ගෙන එද්දී එයාට හිත හදාගන්නත් කෝපි එකක් ඕනේ වුණා.
ඉතින් වැඩ වැඩි කාර්යබහුල දවසක පාක් ජිමින්ට කෝපි එකක් ඕනේමයි එයාගේ ස්නායු පද්ධතිය සන්සුන් කරවගන්න.
ගෙදර කොෆී මැෂින් එකක් නැති නිසා ජිමින්ගේ එකම ගැලවුම්කරු වුණේ කම්පැනි එකේ කොෆී මැෂින් එක. ටේහ්‍යුන්ග්ගේ "පුංචි අත්වැරදීමට" (ටේහ්‍යුන්ග් තමයි එහෙම කියන්නේ ) පින් සිද්ධ වෙන්න දැන් එයාට උදව් කරන්න කෝපි කෝප්පයක් වත් නෑ.
ඒත් ටේහ්‍යුන්ග් දැන් දවස් ගානක ඉඳලා කියෝ කියෝ ඉන්නවා ජිමින් ජීවිතේට ගිහින් නැති හොඳම විදිහේ කෑම තියෙන කොෆී ෂොප් එකක් ගැන. ඉතින් ජිමින් හිතුවා එයාගේ මනස සන්සුන් කරගන්නත් එක්ක එයා චුට්ටක් ඒ පැත්තේ ගියොත් හොඳයි කියලා.
ජිමින් තීරණය කළා වැඩ ඉවර වෙලා ගෙදර යන්න කලින් ඒ ළඟ තියෙන කොෆී ෂොප් එකට ඔළුව දාගෙන කෝපි එකක් බීලම යනවා කියලා.
සමහරවිට එයාගේ දවස ආයෙත් ප්‍රබෝධමත් කරවන්න ඒකට පුළුවන් වෙයි.
සමහරවිට !
***
YOU ARE READING
On Your Train | Jikook ✓
FanfictionSinhala translation Jimin sees a handsome stranger on his train