ජියෝන් ජන්කුක්ට කාර් එක කැඩුන නිසා පළවෙනි වතාවට ට්‍රේන් එකේ යන්න වෙද්දී එයා ඇත්තටම පුදුම වුණා එයාගේ බටු ඇටේ එයාගේ ට්‍රේන් එක එනකම් බලාගෙන ඉන්නවා දැක්කම. එතකොට ඊටපස්සේ එයා ඊලඟ දවසේ දකිද්දී ජන්කුක්ට ඊට වඩා සතුටු හිතුනා. ඊටපස්සේ දවසෙත් ආයෙත් එයා හිටියා.ඒක හරියට නිකන් එයාගේ ඉරණම්කාරයා මුණ ගැහෙන්න දෛවය එයාට ඉඩක් හදලා දීලා වගේ. ඒත් ඔච්චර හරබර හිතුවිලි එයාගේ හිතට එද්දි එයාට බය හිතුනා ඒ තරුණයා එක්ක කතා කරලා බලන්න.
එයාට තව දවස් දෙක තුනක් ඉවසලා බලන්න ඕනේ වුණා මේක නිකන්ම නිකන් අහඹුවක් ද විතරයි කියලා. ඒත් එයා හැමදාම ට්‍රේන් එකේ එද්දී ජන්කුක්ගේ හිතට කා වැදිලා තිබුනේ ඒක අහම්බයෙන් වෙච්ච දෙයක් නෙවෙයි කියලා.
දැන් ජන්කුක්ගේ ජීවිතේ ප්‍රධාන ඉලක්කය වුනේ හවසට ඒ ට්‍රේන් එකම අල්ලගන්න එක. මොකද එයාටත් ඕනේ වුණා එයා දන්නේ නෑ කියලා හිතාගෙන එයා දිහා හැමදාම බලාගෙන ඉන්න පුංචිත්තාට මොන ක්‍රමයකින් හරි ළං වෙලා ඉන්න.
ට්‍රේන් එකේ ගිය සති කිහිපයට ඒ ලස්සන බ්ලොන්ඩ් කොණ්ඩයක් තියෙන තරුණයා ගැන එයාගේ ඒක පාර්ශවීය ප්‍රේමය එයාගේ පාලනයෙන් බැහැර වෙලා තිබුනේ. ජන්කුක්ට ඕනේ වුණා එයා එකම එක දවසක් හරි ලැජ්ජා නොවී එයාගේ ඇස් දිහා කෙළින් බලනවා දකින්න.
ජන්කුක්ගේ ප්‍රාර්ථනාව දෙවියන්ට ඇහුණා වගේ දවසක් එයාගේ ඇස් ජන්කුක්ගේ ඇස් මුණ ගැහුණා. ජන්කුක් දැක්කා එයාගේ හිනාව නිසා ඒ බටු ඇටේ රතු වෙලා අහක බලාගන්න විදිහ.
***
YOU ARE READING
On Your Train | Jikook ✓
FanfictionSinhala translation Jimin sees a handsome stranger on his train