Chapter 06

228 99 24
                                    


ජන්කුක්ගේ කාර් එක හදලා දැන් ගොඩක් දවස් , ඒත් එයා තාමත් ඒක ඔහේ ගෙදර දාලා තිබුණා.

ඒකට වග කියන්න ඕනේ ට්‍රේන් එකේ ඉන්න බ්ලොන්ඩ් කොණ්ඩේ.

එයාගේ එහා පැත්තේ ඉඳගන්න එදා අවස්ථාවක් ලැබුණම ජන්කුක් දෙපාරක් නොහිතාම එතන එයාගේ බටු ඇටේට එහා පැත්තේ සීට් එකෙන් පස්ස තියාගත්තා.

බටු ඇටේගේ ඇස් වැහිලා තිබුණේ. එයා එයාගේ කකුල් දෙක දික් කරගන්න හැදුවේ ඉස්සරහ ඉන්න කෙනාට වදයක් වෙන්නේ නැති වෙන්න උපරිම උත්සාහ කරලා. එයා කරන රස්සාව එයාව ගොඩක් මහන්සි කරවනවා වෙන්න ඕනේ , ඒක පේනවා එයා දිග හුස්මවල් ගන්න විදිහෙන්. ජන්කුක් කැමැත්තෙන් එයාගේ කකුල් දෙක මසාජ් කරලා දෙන්න තිබ්බා බටු ඇටේ එයාගේ වුණා නම්. එයාගේ කකුල් කැක්කුම අඩු වෙද්දී එයාගේ හුරතල් පාට මූණේ හිනාවක් ඇදෙනවා බලන්න ජන්කුක්ට ආසයි.

ජන්කුක් ඉස්සරහ බලාගෙන ගියේ කොයි වෙලේ හරි බටු ඇටේ ඇස් අරියි කියලා හිතුන නිසා. මෙහෙම කියන එක විකාරයක් වගේ ද දන්නේ නෑ , ඒත් ජන්කුක්ට හැම වෙලාවෙම එයා කරන දේවල් දැනෙනවා. මොකක්දෝ විදිහකින්...

එයාගේ එහා පැත්තේ ඉන්න තරුණයා එතන ඉන්නේ ජන්කුක් කියලා තේරුම් ගත්ත ගමන් සම්පූර්ණයෙන්ම ගල් ගැහිලා ගිය විදිහ ජන්කුක්ට තේරුනා.

ඊට පස්සේ ඊළඟ මිනිත්තු පහළොව , නැත්තම් ඊටත් වැඩි කාලයක් ඇතුලත එයා ඇඟිල්ලක් වත් හෙලෙව්වේ නෑ. ඒක එක්තරා විදියකින් ජන්කුක්ව රිදෙව්වා , ඒත් එයා ඒක ඔන්න ඔහේ හිතෙන් අත ඇරලා දැම්මා. සමහරවිට බටු ඇටේ චුට්ටම චුට්ටක් ලැජ්ජාකාරයෙක් වෙන්න ඇති. ජන්කුක් ප්‍රාර්ථනා කළා එයාලට ඉක්මනට කතා කරන්න අවස්ථාවක් හම්බ වෙන්න කියලා , මොකද දැන් එයාට තවත් බලන් ඉන්න බෑ වගේ.

බටු ඇටේ බහින්න ඕනේ තැනත් ළං වෙලා. ජන්කුක්ට හිතුනෙම එයා දැන් කතා කරලා කිව්වේ නැත්නම් බටු ඇටේට බැහැගන්න බැරි වෙයි කියලා හරි තැනින්. ඉතින් එයා චුට්ටක් තට්ටුවක් දාලා සෙනඟ පිරිච්ච දුම්රියක කියන්න පුළුවන් උපරිම තරම් හොට් කටහඬකින් කතා කළා.

"මේ ඔයා බහින්න ඕනේ තැන නේද ?"

එයාගේ ප්‍රතිචාරය බලන්න ලස්සනයි. බටු ඇටේගේ ඇස් එකපාරටම ලොකු වෙද්දි ජීවිතේ දෙවනි වතාවටත් එයාලගේ ඇස් එකට එක මුණ ගැහුනා. එයාගේ ඇස් ලස්සනයි. ජන්කුක්ට දැනුනේ වෙනමම ලෝකයකට ඒ දුඹුරු පාට බෝල ඇස් වලින් පිවිසෙන්න ආරාධනා කරනවා වගේ.

ඒත් එයා තාම උත්තර දුන්නේ නෑ , ජන්කුක්ට ඉතින් ඒක ගැන වද නොවී ඉන්න බැරි වුණා.

"ඔයා හොඳින් ද ?"

බටු ඇටේ ඔළුව වැනුවා. හරිම හිමින්. ජන්කුක්ට එතකොට තමයි තේරුනේ එයාලා කොච්චර ළඟින් ද ඉන්නේ කියලා. තව සෙන්ටි මීටර් පහක් එයා ඉස්සරහට නැවුණොත් එයාට පුළුවන් එයාගේ එහා පැත්තේ ඉන්න බ්ලොන්ඩ් කොණ්ඩේ තියෙන පුංචි සුරදූතයා සිප ගන්න.

ඒත් එයා එහෙම කළේ නෑ. මේක ඒකට වෙලාව නෙවෙයි. ජන්කුක්ට ඕනේ වුණේ නෑ එයාලගේ පළවෙනි සිප ගැනීමම එච්චර හදිස්සියේ කරන්න. එයාට නිදහසේ විඳින්න ඕනේ වුණා ඒ දිලිසෙන පිම්බුණ තොල් දැනෙන්නේ කොහොමද කියලා. එයාට ඕනේ වුණේ පළවෙනි කිස් එකෙන්ම එයාට තමන් කොච්චර ආදරේ ද කියලා දැනෙන්න. ජන්කුක්ට ඕනේ වුණා එයාගේ මුළු හදවතම එයාගේ බටු ඇටේට දෙන්න.

ඒත් තාමත් ඒකට වෙලාව නෙවෙයි.

"ඔයා බහින තැන මෙතන"

ජන්කුක් ආයෙත් කිව්වේ එයාගේ නොසන්සුන් සිතුවිලි ගැනයි බටු ඇටේ මොකුත් නොකියා එයා දිහා බලාගෙන ඉන්න විදිහයි ගැන හිතන ගමන්.

ඒත් එක්කම ජන්කුක් දැක්කා එයා ආයෙත් පියවි සිහියට එද්දී එයාට තේරෙන විදිය එයා කොහෙද ඉන්නේ කියන එක.

"ෂිට් !"

එයා කෙඳිරි ගාන ගමන් ඉක්මනට බැහැ ගත්තා.

ඒක කොච්චර හුරතල් පාට ද කිව්වොත් ජන්කුක්ට හිතුණේ එයාව දිය වෙලා වැක්කෙරෙයි කියලා. එයාගේ හදවතින් පටන් අරගෙන මුළු ඇඟ පුරා පැතිරුණු උණුහුමත් එක්ක ජන්කුක් හීනි හඬකින් හිනා වුණා.

එයාගේ බටු ඇටේ තමයි කියුට්ම.

                                      ***

On Your Train | Jikook ✓Where stories live. Discover now