සුදු පාට පෙටුනියා මල් යාය පුරාම දඟකාරකමට එහෙ මෙහෙ දුවන ඔහු දිහා මෝටර් රථයට හේත්තුවෙලා මම බලාගෙන හිටියා.
"ජන්කුකීත් හරියට සුදු පාට පෙටුනියා මලක් වගේ"
ඔහුත් එක්ක තරහින් වගේ ඔහුගෙන් ගැලවිලා සුලගත් එක්ක මුහුවෙන්න උත්සහ කරන සුදු දුහුල් කමිසය දිහා බලාගෙන මම හිතුවා.
"හියුන්ග් එන්නකෝ!"
යන්තමට රවාගෙන ඔහු කියද්දි බිම බලාගෙන හිනාවුණු මම සාක්කුවලට අත්දෙකත් දාගෙන ඔහු ලගට ගියේ මට පිටුපාලා ඔහු හතර වටේ පියාඹන දම් පාට සමනල්ලු දිහා ඇස් ලොකු කරගෙන බලන්න ගනිද්දි.
හිමින් ඔහුගේ බඳ වටා අත් යැව්ව මම මගේ පපුවට ඔහුව හේත්තු කරගත්තා.
ඔහුත් එක අතක් මගේ අත්දෙක මතිනුත් අනිත් අත මගේ කම්මුලකිනුත් තියනගමන් ඔලුව පිටුපසට කරලා මගේ උරහිස මතින් තිව්වෙ ගැඹුරින් හුස්ම ගන්න ගමන්.
"මට මගේ ගිෆ්ට් එක ඕනි හියුන්ග්. මට දෙනවද?"
ඔහුට පිලිතුරු විදිහට හිමින් ඔහුගේ සිහින් ඉන වටා තිබුණු එක් අතක් අයින් කරගත්ත මම ඒ අතින් එකින් එක ඔහුගේ කමිසයේ බොත්තම් ගලවන්න ගත්තෙ ඔහුගේ සිනිඳු හම මත මගේ ඇඟිලි තුඩු වදින වාරයක් ගානෙ ඔහුගේ හුස්ම තවත් ගැඹුරු වෙද්දි.
සෙමින් ඔහුගේ කමිසය ඔහුගෙන් ඉවත් කෙරුව මම සුලගත් එකක් එයට යන්න ඉඩ හැරියෙ ඔහු මට පිටුපාලා ඉද්දිම අඩියක් පිටුපසට වෙන ගමන්.
"හි_
ඔහුට වචනයක්වත් කියන්න නොදී නැවත ඔහුගේ ඉන වටා අත යවලා මම ඔහුගේ පිට මගේ පපුවට හේත්තු කරගත්තෙ ඔහුගෙන් සිහින් කෙදිරියක් පිටවෙද්දි.
"සීතලද ජන්කුකී?"
මම අහද්දි ඔහු හිස සෙමින් උඩ පහල යැව්වා.
"මම ඇහුවෙ සීතලද කියලා ජන්කුක්?"
මගේ උරහිසට බරවෙලා තියෙන ඔහුගේ මුහුණට නැවුණු මම ඔහුගේ නිකට සිපගන්න ගමන් මිමිණුවෙ ඔහු මගේ අත් අතර හෙමින් එහෙ මෙහෙ වෙනකොට.
"ඔ.. ඔව් හි හියුන්ග්"
වචන අහුලගන්න ගමන් ඔහු මිමිණුවා.
"ඉතින් ??"
ඔහුගේ කන් පෙත්ත හිමින් දත් අතරට ගන්න ගමන් මම ඇහුවා.
"ම.. මට ම මගේ ගිෆ්ට් එක ඔ.. ඕනි හියුන්ග්!"
A/N
Hii ❤
මේක short story එකක් කියලා දන්නවා නේද?
නිකන් අවුල් අවුල් වගේද?
මම Author Note එකක් මේ story එකේ දෙන්නෙ නැතුව ඉන්න හිටියෙ. ඒත් ඊලග chapter එක ගැන කියන්න දෙන්නම වෙනවනේ 🙂
ඊළඟ චැප්ටර් එක ගැන අදහසක් තියෙනවනේ ඉතින් කියවන්න බැරි නම් කියවන්න එපා හරිද?
මං ලියන පලවෙනි ස්මට් එක. ඉතින් දන්නෑ කොහොම වෙයිද කියලා. (වයස 20ටත් වැඩි මට ලැජ්ජයි අයියෝ!!!!)🙂
කමක් නෑ මොකක් හරි කරමු.
අදහස් කියාගෙන යන්න.
රීඩස්ලා ටික දෙනාවයි දන්නෙ ඉතින් මං ආසයි ඔයාලව අදුනගන්න.❤
To be Continued...