Chapter 01

495 92 7
                                    

Sinhala translation of "Home" by Clumsyjikook_

සීතල හුළඟක් එක්ක වතුර බිංදු එක දෙක බිම වැටෙන සද්දේට යන්තම් නින්දෙන් ඇහැරුණු ජිමින් එයාගේ ආදරණීයයාගේ ඇඟට හේත්තු වුණේ උණුහුම හොයන්න. ඇරලා තියෙන ජනේලෙන් එන හුළඟ නිසා එයාට චුට්ටක් සීතල දැනෙන්න පටන් අරගෙනයි තිබුණේ.

ජිමින්ව යන්තම් වෙව්ලන්න පටන් ගත්තත් එයාගේ එහා පැත්තේ හිටපු කෙනාගේ උණුසුම් ඇඟට එයා යට වෙද්දී එයාට කොහෙත්ම සීතලක් දැනුනේ නැහැ. ජිමින්ව හංග ගත්ත අත් දෙක අතර එයාට දෙන්න ඕනේ තරම් උණුහුම තිබුණා.

"උදේ වෙලා මැණික"

මෘදු ඒත් ගැඹුරු කටහඬක් ජිමින්ගේ කනට කරලා මිමිණුවේ එයාගේ කන්පෙත්ත යන්තම් හපන ගමන්.

"තව විනාඩි පහක් දෙන්නකෝ"

ජිමින් නිදිමතේ කෙඳිරි ගෑවා. එයාගේ වචන එච්චර පැහැදිලිව ඇහුනේ නැතත් එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ජන්කුක්ට නම් ඒක දැනුනේ ලස්සන චූටි සුරංගනාවෙක් එයාට මොනවදෝ මුමුණනවා වගේ.

"ඔයාට අද එළියට යන්න ඕනේ නැද්ද ?"

ජන්කුක් නහයෙන් අඬ අඬ ඇස් අරින එයාගේ චූටි බෝයි ෆ්‍රෙන්ඩ්ට කිව්වා. ඒ රෝස පාට ප්ලම්ප් ලිප්ස් චුට්ටක් කිස් කරන ගමන් එයා පිටිපස්සට වුණේ එයාගේ ජිමින්ගේ නිදිමත මූණ බලන්න.

"ඔයා හරි නරකයි කුකී"

ජිමින් නහයෙන් පිඹලා ජන්කුක්ගේ පපුවේ එයාගේ මූණ හංග ගනිද්දී එයා හිනා වෙලා ජිමින්ගේ ඔළුව මුදුන කිස් කළා.

   

                                      ***

Home | Jikook ✓Where stories live. Discover now