ජන්කුක් කුස්සියේ එයාලා දෙන්නට කෑම හදන අතරේ උදේ සීතල හුළඟ එයාලා වටේට දඟ කළා. එදා වැහිබර අඳුරු දවසක්. එයාලට කරන්ට් එක තිබ්බෙත් නෑ. ඉතින් ජන්කුක් ඉටිපන්දමක් පත්තු කරලා තිබුණේ. ඉටිපන්දම් එළියට කුස්සිය ළා තැඹිලි පාටකින් දිලිසුනා.පුංචි අත් දෙකක් ඇවිත් එයාගේ ඉණ වටේ එතෙන විදිහ දැනෙද්දී ජන්කුක්ට නිකන්ම හිනාවක් ගියා. ජිමින් එහෙමම එයාගේ ඔළුව ජන්කුක්ගේ පිට හේත්තු කරගත්තා. ජන්කුක් හිමීට ජිමින්ගේ පැත්ත හැරිලා ජිමින්ගේ ඉණ වටේ අතක් යවද්දී එයාට හොඳටම දැනුනා ජිමින්ගේ සිනිඳු ඇඳුම් වල ස්පර්ශය. ජන්කුක් පහළට නැවුණේ එයාගේ ආදරණීයයාගේ දෙතොල් සිප ගන්න.
"මං ෆයර්ප්ලේස් එක පත්තු කරලා තියෙන්නේ"
ජිමින් හීනි හඬකින් මිමිණුවේ එයාගේ අත් ජන්කුක්ගේ පපුව උඩින් තියාගන්න ගමන්. ජන්කුක් එයාලා දෙන්නට උදේ කෑමට සුප් එක හදලා ඉවර වෙනකම්ම ජිමින් එයාව බදාගෙන හිටියා.
"තැන්ක් යූ මැණික"
ජන්කුක් ජිමින්ව බදාගෙනම ලිප ඕෆ් කළා.
"කමු ද අපි ?"
"හරි... මං මේසය ලෑස්ති කරන්නම්"
ජිමින් ජන්කුක්ව අත ඇරියේ මේසය දිහාට යන්න. ජන්කුක්ගේ සිල්ක් ෂර්ට් එකකින් විතරක් ආවරණය වෙලා හිටිය එයාගේ පුංචි ආදරවන්තයා කුස්සියෙන් එළියට යන විදිය ජන්කුක් බලාගෙන හිටියා.
***
YOU ARE READING
Home | Jikook ✓
FanfictionSinhala translation When home was snatched away from him , he was back to being the lonesome wanderer