Chapter 05

200 76 2
                                    


"ඉතින් ඊටපස්සේ මොකද වුණේ ?"

ජන්කුක් ඇහුවේ බොරු කුතුහලයක් මවා පාන ගමන්. ඒත් ඇත්තටම එයාට ඕනේ වුණේ එයාගේ ඔඩොක්කුවට වෙලා එයාගේ උරහිසෙන් ඔළුව තියාගෙන ඉන්න එයාගේ ආදරවන්තයාගේ හුරතල් කතා තවත් ටිකක් අහන්න විතරයි. ජිමින් එයාට පිටුපාලා දිග කතාවක් කියන අතරේ ජන්කුක් හිටියේ එයාගේ ඉණ වටේ අතක් යවාගෙන.

"ඒ හා පැටියා මගේ ඔඩොක්කුවේ ඉදගත්තා. මං හිතන්නේ නෑ ඒ වුණාට එයා කැලේ ඉන්න කෙනෙක් කියලා. එයා මං කියන දේ ඇහුවා නේ. අනික එයා ලස්සනයි"

පොකුණ ළඟට වෙලා පොත් කියවන අතරේ එයාට හම්බවෙලා එයා එක්ක සෙල්ලම් කරපු හා පැටියා ගැන ජිමින් කතා කළේ හරි ආසාවෙන්.

"හ්ම්ම් , මං මොකුත් කළේ නෑ එයාට . හැබැයි මං එයාගේ ෆොටෝ ගොඩාක් ගැහුවා."

ජන්කුක් එයාගේ ආසම කේක් එක එයාට කවන අතරේ කෝපි කෝප්පයක් තොල ගාන ගමන් ජිමින් හුරතල් විදිහට හිනා වුණා.

එයාලා දෙන්නම එච්චර කැමති නෑ කාමරේ ගොඩක් එළිය වෙලා තියෙනවට. ඉතින් අදත් එයාලා හිටියේ ඉටිපන්දම් එළියේ. එයාලගේ කාමරේ තිබුණේ ප්‍රසන්න සුවඳක්. ඒකෙන් දැනුනේ එයාලගේ ගෙදර සුවඳ.

ජන්කුක් ජිමින්ට ඩේට් නයිට් එකක් ලෑස්ති කරලා තිබුණේ. එයාලගේ ඩේට්ස් වලට කවදාවත් මල් පොකුරු , මිල අධික තෑගි වගේ දේවල් අදාල වුණේ නෑ. ඒත් ඒවා හැම වෙලාවෙම විශේෂයි. ඉටිපන්දම් එළිය මැද එයාලගේ කැමතිම කෑම බීම එක්ක උණුසුම් හාදුයි නිමක් නැති කතාවකුයි. එයාලගේ ඩේට්ස් ගෙවෙන්නේ ඒ විදිහට.

"ජන්කුකා , මට ඔයාගේ ආදරේ විඳින්න ඕනේ"

ජිමින් කෙඳිරුවා. ජන්කුක්ගේ බෙල්ල පාමුල තැවරෙන පුංචි පුංචි හාදු නිසා ජන්කුක්ගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් අරගෙනයි තිබුණේ.

"මං මගේ ආදරේ කොච්චරක් ද කියලා ඔයාට පෙන්නන්නම් මැණික"

ජන්කුක් හිනා වෙලා ජිමින්ව සිප ගන්න පටන් ගත්තේ එයාලා දෙන්නව ඉටිපන්දම් එළියට පරාද කරන්න බැරි වෙච්ච අඳුර ගිල ගනිද්දි. එදා රාත්‍රියේ ඇහෙන්න තිබුණේ එයාලගේ උණුසුම් කෙඳිරිලි සහ මිමිණුම් විතරයි.

  
                                       ***

Home | Jikook ✓Where stories live. Discover now