"අද වහින එකක් නෑ වගේ"ජන්කුක්ගේ ෂර්ට් එකේ බොත්තම එක්ක සෙල්ලම් කරන ගමන් ජිමින් කිව්වා. එයාලා හිටියේ පොකුණ අද්දර තිබුණ ගහක් යට. ජිමින් හිටියේ ජන්කුක්ගේ ඇඟ උඩ නිදාගෙන. එයාලාගේ එහා පැත්තේ එයාලා කන්න ගෙනාපු කෑම බීමයි කියවන්න ගෙනාපු පොත් ටිකයි තිබුණා.
"අපි ඩාන්ස් කරමු ද ?"
ජන්කුක් ජිමින්ගේ කොණ්ඩේ අස්සෙන් ඇඟිලි යවන ගමන් ඇහුවා.
ඉතින් මොහොතකට පස්සේ එයාලා හිටියේ එයාලා දෙන්නා ආසම කලාකරුවෙක් වෙච්ච ලානා ඩෙල් රේගේ සංගීතය ටේප් රෙකෝඩර් එකේ වාදනය වෙද්දී ඒකට අනුව අඩි තියන ගමන්. එයාලා හිනා වුණා , සිප ගත්තා , එයාලගේ ඇස් අතර අතරමන් වුණා. ඒත් ඒ ජිමින්ගේ මූණේ තිබුණ හිනාව නැති වෙලා ගිහින් එයා නටන එක නවත්තනකම් විතරයි. ජිමින්ගේ ඇහැකින් වැටිච්ච කදුළු බිංදුවක් එයාගේ කම්මුල් තෙමුවා.
ජිමින්ගේ ඉණ වටේ තිබුණ එයාගේ අත් වල උණුසුම් දියරයක් ගෑවෙනවා දැනෙද්දී ජන්කුක්ගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. එයා එයාගේ අත් දිහා බලද්දි එයාට දැනුනේ එයාගේ හදවත නවතිනවා වගේ. ජිමින් ඇදගෙන හිටපු සුදු පාට සිල්ක් ෂර්ට් එක වගේම එයාගේ අත් තෙත් වෙලා ගිහින් තිබුණේ ලේ වලින්. ඊළඟ මොහොතේ ජිමින් එයාගේ අත් අතරට කඩාගෙන වැටුණා. එයාට වෙඩි වැදෙනකම් එයාලගෙම ලෝකයක හිර වෙලා හිටපු එයාලා දෙන්නටම දැනුනේ වත් නෑ.
ජන්කුක්ගේ තොල් වෙව්ලද්දි එයාට කිසිම දෙයක් කතා කරගන්න පුළුවන් වුණේ නෑ. එයාට එයාගේ කටහඬ අහිමි වෙලා ගිහින්. එයාගේ එකම ආදරේ එයාගේ අත් අතරට කඩාගෙන වැටෙද්දි එයාට පුළුවන් වුණේ අසරණව බලාගෙන ඉන්න විතරයි. පොඩි වෙච්ච රෝස මලක් එයාගේ තුරුලේ කදුළු හෙළුවා.
"ජන්කුකා , ම-මං ඔයාට ආදරෙයි"
ජිමින් ඇස් වහගනිද්දි එයාගේ කටහඬ වා තලයට මුසු වුණා. ජන්කුක්ට එතකොට තමයි තේරුනේ මේක එයාගේ හිතේ ඇදිච්ච නපුරු හීනයක් නෙවෙයි කියලා. එයා ජිමින්ව බදාගෙන කෑ ගැහුවා. තත්පර ගානකට කලින් එයාගේ තුරුලට වෙලා හිනා වෙවී හුරතල් වෙච්ච එයාගේ ආදරවන්තයාගේ ලේ වලින් නෑවිලා ජන්කුක් යටි ගිරියෙන් කෑ ගැහුවා.
"දැන් අවුරුදු ගානක් තිස්සේ විකාර කළා ඇති ජන්කුක්. දැන් ගෙදර එන්න. ඔයාට විවාහ වෙන්න යෝජනා කරලා තිබුණ මිස්ටර් ලීගේ දුව තාමත් ඔයාව විවාහ කරගන්න ලෑස්ති. ඒ නිසා දැන් වත් විනෝද වෙන එක නවත්තලා හරි සිහියට ආවොත් හොඳයි."
ඒ කතා කළේ ජන්කුක්ගේ තාත්තා , එයාගේ ජිමින්ගේ මිනීමරුවා.
ජන්කුක් එයාගේ අත් අතර තිබුණු ජිමින්ගේ උණුසුම් ඇඟ සීතල වෙලා යනකම්ම කෑ ගැහුවා. දීප්තිමත් ඉර අව්වෙන් එළිය වෙලා තිබුන දවස කළුවර වෙනකම් එයාගේ කටහඬ නැති වෙලා යනකම් එයා කෑ ගැහුවා. ජිමින් එක්ක ඉද්දි එයා දැනගෙන හිටියේ සතුට කියන හැඟීම විතරයි. ඒත් අද එයි ආයෙත් එයාගේ අමතක වෙච්ච මතක ඔක්කොම නිසා විඳෙව්වා. එයාගේ හිතේ හැඟීම් කන්දරාවක් ගොඩ ගැහිලා තිබුණට ඒ එකක වත් සතුට තිබුණේ නෑ. ඒ වෙනුවට එයාට දැනෙන්න තිබ්බේ බිදුණු හදවතක රිදුම , වේලෙන්නේ නැති කදුළු වල සීතල , පසුතැවිල්ල , තනිකම , අඳුර විතරමයි. එයා ඔහේ බිම වැතිරිලා බලාගෙන හිටියේ එයාට එයාවම අහිමි වෙලා ගිය නිසා. ඒ හැමදේම නොදන්න රතු පාට පෙට්ටියක් ජන්කුක්ගේ කමිස සාක්කුවෙන් බිමට වැටෙද්දි ඒක ඇතුලේ තිබුන දියමන්ති මුදුව පඳුරක් අස්සේ නොපෙනී ගියා.
ජන්කුක් ආයෙත් ආරම්භයටම ඇවිත්. ඒත් එදාට වඩා අද වෙනසක් තිබුණා. අද ජන්කුක් නොමැරී මැරෙනවා. කාලයත් එක්ක එයාගේ අත් දෙකේ තැවරුණු ලේ එක්කම එයාගේ හිතේ හට ගත්ත වෛරය නැති වෙලා ගියත් එයාගේ වේදනාව දශමයකින් වත් අඩු වුණේ නෑ. එයා ආයෙත් ඉබාගාතේ ඔහේ සැරිසරන මං මුලා වෙච්ච සංචාරකයෙක්.
***
YOU ARE READING
Home | Jikook ✓
FanfictionSinhala translation When home was snatched away from him , he was back to being the lonesome wanderer