chapter 4. ✨️✨️✨️✨️

7 6 7
                                    

🌞 " ඔව් ඉතින් මේ අපි දෙන්නගෙම කාමරේ "

කුපාටි හිනවකුත් දාගෙන තේයන්ග් කියපු විදිහට මට හිතුනෙ දුවලා දුවලා ගිහින් එයාගෙ බෙල්ලෙන් අල්ලලා මුල්ලෙන් තියන්න.   .

🌷 " යහ්හ්... පිස්සුද ඔයාට "

🌞 " අනී... අනි.. බය වෙන්න එපා . එහා රූම් එකට යන්න . ඒක ඔයාගෙ. මෙන්න යතුර ... "

කියලා යතුරත් මගෙ අතට දෙනගමන් තේයන්ග් කපටි හිනාවක් දැම්මා.

මං හිතන් හිටියෙ sunshine කියන්නෙ හෙන අහින්සක කොල්ලෙක් කියලනෙ.. බැලින්නම් එයා මහ කුපාඩියෙක්..
එයා එහෙම නම් මමත් මෙහෙමයි.

No exquse !!! Tiyuuuu... warning !!!

කට කොනකින් හිනාවක් දාපු මම මගේ  රූම් එකට ගිහින් දොර වහගත්තා.

ඒ රූම් එක taeyangගෙ රූම් එකට වඩා ගොඩාක් වෙනස්. සුදුපාටයි , රෝස් පාටයි. හරි ලස්සනට arrange කරලා තියෙනවා .  ඒ හැමදේම බල බල ඉන්න අතරතුර මගෙ ඇහැ ගියෙ බිත්තියේ එල්ලලා තිබුනු එක පින්තූරෙකට. ඒක චූටි බබෙක් ඇදපු පින්තූරයක් වගේ . 

ඒකෙ හිටිය අයව දැක්කහම මට මතක් උනේ මගෙ ඔම්මයි , අප්පයි Mr. Yoon & Mrs. Yoonයි .  ඒ දෙගොල්ලොන්ගෙම හරියටම මැද්දට වෙලා චූටි ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි අත් දෙක අල්ලගෙන මූනට මූන බලාගෙන ඉන්නවා ඇදලා තිබුනා .

" උරි කචොග් ( මගේ පවුල ) . "

උඩින් ලොකුවට ලියලා තිබුන වාක්‍ය මං කියෙව්වා.

" සුදූට මතකද ඔය පින්තූරෙ..? "

මගෙ පිටිපස්සෙන් ඇහුනු යූනා ඔම්මාගෙ කටහඩ නිසා මං ටිකක් ගැස්සිලා ගියා.

🌷 " ම්ම්ම්.... මේ ඉන්නෙ අපිද ඔම්මා ? "

👩‍💼 " හ්ම්ම්... මේ ඔයාගෙ පවුල "

🌷 " මගේ ?? "

👩‍💼 " ඔව්... මේ පින්තූරෙ දැනට අවුරුදු 12කට කලින් ඔයා ඇදපු එකක්. "

🌷 " මං?? "

👩‍💼 " හ්ම්ම්... ඔයා ඉස්සර මෙහෙ ආවහම හැමදාම කතා කරන්නෙ ඔයාගෙ පවුල ගැන. ලොකු ලොකු කතා කියනවා.  මේ පුංචි කෙල්ලට ඒ කාලෙ තිබුනෙ ලොකූ හීනනෙ.
ඔයාට ඕනේ ලොකූ පවුලක්ලු. ඔම්මයි , අප්පයි මමයි යුන් අන්කලුයි අපේ තේයන්ග්යි ඔක්කොම එකට ඉන්න ලොකූ පවුලක්... "

Thank U niverse ✨️ ( Completed )Where stories live. Discover now