Chaptor 3🥀

77 17 7
                                    

ජන්ග් කුකී රාමේන් එක ඉක්මන්ට කාලා එයාගේ රූම් එකට ගිහින් කෙලින්ම වොෂ් එකක් දාගන ආවේ බැල්කනි එකට. ටිකකින් එතෙන්ට ආවේ ටේමින් දෙන්නා. කුක් ටේ මින් තුන්දෙනා එක රූම් එකේ හිටියේ. කුකීගේ මූනේ ඇදිලා තිබ්බේ හරිම ලස්සන හිනාවක්. වෙනදාට තරහෙන් පුපුරන කුකී අද හිනාවෙනවා. හැබැයි එක දෙයක් ගැන ලතවුනා.

🐍" මොනාද කුකී ඔච්චරටම කල්පනා කරන්නේ මොකෝ මෝහීනීවත් හම්බුනාද "
එහෙම කියලා ජිමින් හිනාවෙන්න ගත්තා.

🐊" මොනාද කොටෝ කියවන්නේ මෝහීනී දැක්කා නම් මෙහෙම පැණි හිනාවක් දානවැ"

☠️"ටේ , රැ අහස ගොඩක් ලස්සනයි හද තරු එක්ක හිනාවෙනවා වගේ ඒත් අර අහස දිහා බලන් ඉන්න කුමුදු මල බලන් ඉන්නවා විතරයි කුමුදු මල දිහා බලන්න කිසිම කෙනෙක් නැ."

🐊" ඈ කූකී උබ කවදා ඉදන්ද කවි කියන්න ගත්තේ "
ටේ මින් දෙන්නා මුනට මුන බලලා දැහැනට සමවැදිලා ඉන්න කුක් දිහා බැලුවා.

☠️" එයා පව් හියුන් "

🐍" හරි හරි දැන් වරෙන් නිදාගන්න පව් පින් පස්සේ බලන්න පුලුවන් "

ටේට කෙසේවෙතත් ජිමිනට නම් වෙන්නේ මොනාද කියලා තේරුනා. ටේකුක් දෙන්නගේ ලගින්ම ඉන්නේ ජිමිනා. ඒ නිසාම ටේකුක් දෙන්නට කිසිම දෙයක් ජිමින්ට හොරෙන් කරන්න බැරි උනා. තමන්ගේ මල්ලිලා දෙන්නගේ පොඩි වෙනසක් උනත් ජිමින්ට තෙරෙනවා. කුකීම ඇවිත් එයාට ඒ ගැන කියනකන් ජිමින් හිටියා. ජිමින් හිතුවා කුකී ඇවිල්ලා එයාට කියයි කියලා. ඒත් එහෙම දවසක් ජිමිනට එයිද කුකී තමන්ගේ හියුන්ට අමු සොහෝනක් වෙච්ච කැලැවෙ සිද්ධ උන හැමදේම කියයිද?. කුකී ඒ හැමදේම ගැන දුක් උනා. ඇදේ පෙරලි පෙරලි ඇඩුවා. මොකද කුකී කියන්නේ ඇත්තටම අහිංසක හරිම ආදරණීය සෙල්ලක්කාරයෙක් පුංචි සෙල්ලක්කාරයෙක්. තමන්ගේ අතින් වෙන හැම මරණයක් ගානෙම එයා හිතින් විදෙව්වා. එයාම එයාව වෙනස් කරගත්තා එයාගේ ඉලක්කේ වෙනුවෙන්. පැටව් හත්දෙනෙක්ව මේ ලෝකේ අතරමං වෙච්ච දවස කුකීට හොදට මතකයි. ජින් හියුන් පුංචි කුකීව වඩාගෙන හයියෙන් දිව්ව හැටි ඔම්මා හයියෙන් විලාප දුන්න හැටි ඔම්මා අප්පා නැතුව ජින් ජුන් දෙන්නා තමන්ගේ මල්ලිලා ටික උස්මහත් කරපු හැටි ඔම්මා අප්පා නැතුව දැනුනු තනිකම මේ හැමදේම කුකී දන්නවා. මතක් වෙන වාරයක් ගානේ තනියම මුල්ලකට වෙලා ඇඩුවා.ඔම්මගේ අප්පගේ ආදරේ විදින්න ඔනි කාලේ දුක දරාගන්න පුරුදු උනා. ජින් හියුන් කූ පැටියව හොයාගන ආපුවාම අත්දෙක බැදගෙන දනිස්සේ ඔලුව තියාගෙන ඉකි ගහන පුංචි කූකීව අත්දෙකට ගත්තාම ජින් හියුන්ව හයියෙන් බදාගෙන බෙල්ලේ එල්ලුන හැටි. කුකීට නින්ද යනකන් ලගට වෙලා හිටපු හැටි.....ජින් හියුන් තමයි එදයින් පස්සේ මේ හැමෝටම ඔම්මා කෙනෙක් උනේ. හියුන්ලගේ ආදරේ විතරයි පුංචි කුකීට ලැබුනේ. පුංචි කුකී මේ ලෝකේ දැකලා කිරි සුවද යන්නත් කලින් පුංචි කූකී හියුන්ලා එක්ක තනිඋනා. ඒත් කුකී දුක් වෙන්නේ එයා නිසාද ? ඇත්තටම කුකී හිටියේ දුකයි සතුටයි මැද්දේ තේරුම් ගන්න බැරි හැගීමක හිරවෙලා වගේ.

STARRY  NIGHT 🥀Where stories live. Discover now