Chaptor 9🥀

47 9 22
                                    

කුකීට එයා ගැනම කලකිරුනා. කෙල්ල අඩන්නේ එයා හින්දා කියලා හිතන්න ගත්තා. හිතට ආපු ක්ෂණික සිතුවිල්ල නිසා කෙල්ලව තමන්ට ලං කර ගත්තා.

☠️" මට රිදෙනවා මැණික... අනේ අඩන්න එපා... අනික ඇයි ඔයා අඩන්නේ ම්ම්ම් ...මට කියන්න ඔයා ගැන "

කුකීට තුරුලු වෙලා හිටිය කෙල්ල ටිකක් ඈත් වෙලා කදුලු පිහදාලා කතා කරන්න ගත්තා.

🥀" කුකී මං ඇත්ත කියන්නේ. ඒ දුවයි ඔම්මයි නැති උනාට පස්සේ ඒ අප්පා මේ ලෝකේ හිටියෙත් නැ. එයා එයාගේ ජිවිතේ එයාගේ අතින්ම නැති කරගත්තා. "

☠️" හරි මැණික හරි ... අපිට සිද්ධ උන දේවල් වෙනස් කරන්න බැ මැණික. ඒ අදුරු මතක අමතක කරන්න. මට ඒ කෙල්ලගෙන් වැඩක් නැ ඔයා මං ගාව ඉන්නකො. දැන් නාඩා ඉන්න. කෝ...ඔය කදුලු මේ මූනට ගැලපෙන්නැ මැණික."

🥀" යා. කුකී මං මෙච්චර වෙලා කිව්ව දේවල් අහගන නෙවෙද හිටියේ. යන්න කුකී ඔයා හරි නරකයි. ඒ වගේම හරි මෝඩයි අනේ "
කුකී අන්තිම ටික කියනකොට කෙල්ල කුකී දිහා බලන් හිටියේ බොරු තරහක් මවාගෙන කාමරේට ගියා.

☠️" මොකක් !! මං නරකයි කියලද කිව්වේ? මං නරකයි කියලා කිව්වට කමක් නැ මැට්ටියේ ඒත් මෝඩයි කියලා කියන්න එපා ඈ මගේ ආත්ම ගරුත්වයට මොකද වෙන්නේ ?"

🥀" ඒවා මං දන්නැ ...තොප්පිය හරි නම් දාගත්තට කමක් නැ"

Kookie POV, 🥀

මට නම් තෙරෙන්නෙ නැ මේ කෙල්ලව .... අහපු ප්‍රශ්නෙට නෙවෙයි උත්තර දුන්නේ .... මොකක්ද කතාවක් කියාගෙන ගියා...හැබැයි ඒ ලමයා පව් කියලත් හිතෙනවා... ඔයා කිව්වට සුදු චුටි මං අහගෙන නෙවෙයි ඉන්නේ කියලා මං හොදට අහගෙන හිටියේ සුදු චුටි .... අවාසනාවකට ඉතින් මට ඒ මුකුත්ම තෙරුනෙ නැ.... තෙරුන එකම දේ කවුද ලමයෙක් accident උනා කියන එක විතරයි....අනේ මන්දා මං මොකටද අනුන්ගේ මරණ ගෙවල් හොයන්නෙ මගේ වැඩේ කරන්නැතුව.... දැන් නිකන් මොන්ගල් වගේ... ඔයා ඔහොම කිව්වට අනාගතේ මේ කුකී කොල්ලා ගැන පසුතැවෙයි ඈ.... මට දුක මෙච්චර හැන්ඩ්සම් කොල්ලෙක්ට ඔයා මෝඩයෙක් කියලා කිව්වනෙ.... මේ ලෝකේ මෙච්චර කුරිරු ඇයි අනේ... ඔයා දැන් හිමීච්චි වගේ මාරු වෙලා ගියාට කමක් නැ... මේ ගේම් එකෙන් පස්සේ මං ඔයාව අල්ලගන්නම්කො සුදු චුටි.... ජිමිනී ටේහියුන්ගී දැන් මට හොදටම දෙස්දෙවොල් තියනවා ඇති....

STARRY  NIGHT 🥀Where stories live. Discover now