Chaptor 10🥀

57 9 10
                                    

ජින් හියුන් නම් කියන්නේ යුන්ගි අපේ අප්පා වගේ කියලා තමයි. අප්පා වෘතියෙන් දක්ෂ නීතිඥ වරයෙක්. සමාජෙට අනුව අපේ අප්පා වැරැද්දක් කලා. එයා හැම මොහොතෙම සාධාරණය වෙනුවෙන් පෙනී හිටියා. ඔව් කැලැ වැදුනු සමාජය කැමති නැ සාධාරණයට. දැන් වෙලාව ඇවිත් තියෙන්නේ ඒ සාධාරණයට සාධාරණයක් ඉශ්ට කරන්න. එදා අසාධාරණයක් උන නිසා.

🐉" වෙලාව හරි ලමයි අපි දැන් යන්න ඔනෙ ඉක්මන් කරන්න. Eun ඔයත් නගින්න. ලකී ඔයා ෆයිටර්ස්ලව බැලුවා නෙහ් ?"
නාම් ජුන් කියන්නේ නියම ලීඩර් කෙනෙක්. ජින් හියුන් වැඩිමල් උනත් එයාගේ තීරණේ උනේ ගැන්ග් එක නාම් ජුන් හියුන්ට භාර දෙන එක. ඒ තීරණේ හරියටම හරි.

අපි මේ යන්නේ අගමැති තුමා හම්බෙන්න. එයාගේ චැප්ටර් එක ඉවර කරන්න. මට නම් දැනෙන්නේ හරිම කුරිරු සතුටක්. ඔව් අද තමයි දවස. අද තමයි අන්තිම දවස ඔයා හුස්ම ගන්න.
අපේ ඇස් දෙක විතරයි පේන්න තියෙන්නේ. මුලු ඇගම කලු ඇදුමින් වැහිලා තියෙන්නේ කාටවත් අදුරගන්න බැරි විදිහට. අපි යද්දි ලකී එයාගේ වැඩේ හරියටම කරලා තිබ්බා. මන්දීරේ ඉස්සරා කිසිම සිකියුරිටි එකක් දැන් නැ. මිස්ටර් පාර්ක්ගේ වෙහිකල් එක ගාර්ඩ්න් එකේ පාර්ක් කරලා තිබ්බේ. අපිට ලේසියෙන්ම ඉස්සරා මේන් ගේට් එකෙන් ඇතුලට යන්න පුලුවන් උනේ කලින් ලකී ගිහින් ccTV cam එක වහපු හින්දා.

ටේහියුන්ගී වෙහිකල් එකෙන් බැහැලා කෙලින්ම ගිහින් සිකියුරිටි අන්කල්ගේ බෙල්ල මුලින්ම අල්ල ගත්තා. සිකියුරිටි අන්කල්ගේ අවාසනාව කොච්චරද කියනවා නම් ටේහියුන්ගීගේ ඇගිලි පහම අන්කල්ගේ මූනේ.

🐊" මෙතන කෑගහන්න ලෑස්ති වෙන්න එපා හරි "

😵" හරි සර් "

🐊" එන්න කියනවා අර බොඩිගාර්ඩ්ට "

මන්දීරේ ඉස්සරා හිටපු මනුස්සයව ගෙන්න ගත්තේ අපිට සිකියුරිටි අන්කල්ව ගෙනියන්න බැරි හින්දා. ඇතුලේ හිටපු එකා ආව ගමන් බිත්තියට හේත්තු වෙලා හිටපු හොබී පැනලා ඌව අල්ලගත්තේ පැනලා දුවන්න බැරි වෙන්න.

🐊" මේ සිකියුරිටියගේ කට වහලා ගේට්ටුවේ ගැට ගහලා දානවා."
සිකියුරිටි අන්කල්ගේ කට වහලා ගේට්ටුවේ ගැට ගහලා කලු ෂර්ට් එකක් ඇදගෙන හිටපු මනුස්සයා එක්ක හොබි හියුනුයි යුන්ගි හියුනුයි ඇතුලට ගියේ ccTV cam ඔක්කොම බ්ලාස්ට් කරන්න.
ඉස්සරාට කවුරු හම්බුනත් ඒ මනුස්සයාට හම්බුනේ සුදු ලේන්සු කෑල්ලක් එක්ක ඇසිඩ් ප්‍රහාරයක්.

STARRY  NIGHT 🥀Where stories live. Discover now