රෑ නින්ද අහලකවත් නැතිවුනු Jiyang මුලු රෑම පහුවදා ගමනට උවමනා බඩු ලෑස්ති කරන්න ගත්තා...
"චූටි දූ කෝ නැගිටින්න..."
පහුවදා උදේම කෑමත් හදලා නිදාන හිටපු පොඩ්ඩිව ඇහැරවපු Jiyang එයාව එක්කන් Washroom එකට ගිහින් පිරිසිදු කලා...
පොඩ්ඩිට ඇදුමක් අන්දවපු Jiyang කෙල්ලව කෑම මේසේ පුටුවකින් ඉන්දවලා කෑම එක අතට දුන්නේ කන්න..."ඩැඩා අපි කොහෙද යන්න හදන්නේ..?"
බෑග් කිහිපයක් අරන් එලියට යන Jiyangව දැකපු පොඩ්ඩි ඇහුවා..."අපි අලුත් ගෙදරකට යනවා බබා..."
"ඒත් ඇයි මෙහෙ හොදයිනේ...?"
"ඔයා මෙහෙට වඩා එහෙට කැමති වෙයි එහෙ ලස්සනයි..."
"හී... හා..."
අවශ්‍ය බඩු සේරම කාර් එකට දාපු Jiyang පොඩ්ඩිව පිටිපස්සේ ශීට් එකෙන් ඉන්දවලා ශීට් බෙල්‍ට් එකත් දාලා කාර් එක Start කරා...
"SHIT..!!!"
ටික දුරක් කාර් එක පදවගෙන යද්දි කාර් එක ඉස්සහින් වේගෙන් ඇවිත් නවත්තපු ඩිෆෙන්ඩර් එකක් නිසා Jiyang හදිස්සියෙන් බ්‍රේග් එක පෑගුවා... කාර් එක එකපාර නැවතුනු නිසාම Jiyangගේ ඔලුව ගිහින් steering wheel එකේ වදිද්දී ඔලුවට අත තියාගන්න ගමන් Jiyang පිටිපස්ස බැලුවේ පොඩ්ඩි හොදින්ද කියලා දැනගන්න... පොඩ්ඩි හොදින්... වීදුරුවෙන් එලිය බලද්දි ඩිෆෙන්ඩර් එකෙන් කීපදෙනෙක් එලියට බැහැලා එනව දැකපු Jiyang කාර් එකෙන් බිමට බැස්සා..."Mr.Jiyang....ඔයාව මම සෑහෙන කාලෙක ඉදලා හොයන්නේ...ඔයාද මේ පොඩි එකීගේ භාරකාරයා..."
"Mr.Wang...තමුන්ට මොනවද ඕන...?"
"හයියෝ Jiyang ඔයා සෑහෙන්න කලබල වෙනවනේ... මම මේ මගේ චූටි මිනිබිරීව බලන්න ආවේ..."
Mr.Wang කාර් එකේ පිටිපස්සේ දොර අරින්න හදද්දිම අනිත් පැත්තෙන් කාර් එකේ දොර ඇරපු Jiyang පොඩ්ඩිව ඉක්මනට අතට අරගත්තා...
"මේ ඉන්නේ මගේ දුව..."
"විස්වාසද..? මොකද මම දන්නවා මේ ඉන්නේ මගේ පවුල ඇතුලේ හැදුනු පිලිලයක් කියල..."
"පොඩි ළමයෙක් ලග තියාන කියන්න ඕන, නොකියන්න ඕන දේවල් තියෙනව Mr.Wang"
Mr.wangගේ කටහඩේ සද්දෙට Jiyangගේ පපුවට ගුලිවෙන පොඩ්ඩි දිහා බලපු Jiyang කිව්වා...
YOU ARE READING
Correction (YangXuan) (Completed)
ФанфикSorry For The Past, I Walk Into The Future With You I Promise...