"අන්න උබේ Crush එක යනවා..."
Haoxuanගේ පිටට තට්ටු කරන ගමන් Yubin කිව්වේ කෙල්ලෙක්ව පෙන්නලා"කට වහපම් ඇහෙයි..."
Yubinගේ බඩට වැලමිටෙන් ගහපු Haoxuan හිමීට කිව්වා..."බලපම් මූ දැන් කොච්චර කල් ඉදලද කස් කස් ගගා පස්සෙන් යන්නේ... මූට කොන්දක් නෑනේ කෙලින්ම ගිහින් I Love You Lusi උම්මා උම්මා උම්මා කියලා කියන්න..."
Jili ඒක රගපාලා පෙන්නපු විදිහට Yubinට බකස් ගාලා හිනා යද්දි Haoxuan Jiliට හොද ටොක්කක් ඇන්නා..."අහලා ඒකි බෑ කිව්වොත් ෆුල් නෝන්ඩිය... මේ Haoxuanට නෝන්ඩි වෙන්න බෑ..."
"මුගේ ලොකුකමත් තියෙනවා ලව් කරන්නත් ඕන.. ලව් කරන්න කලින් ඔය ලොකුකම බස්සගනිම්..."
"ඒක ඇත්ත ලව් කරද්දි බ/ල්ලෝ ගානට වැටෙනව කියලා මම අහලා තියේ..."
Yubin කිව්වේ කට අතින් වහගෙන හිනාවෙන ගමන්..."ඒවා ඉතින් හදේ තමා..."
"අපිත් මෙහෙනේ ඉන්නේ බලමුකෝ..."
"Haoxuan...ඔයාට Professor Xichen එයාගේ Office එකට එන්න කිව්ව..."
කොල්ලෝ තුන්දෙනා ලගට ආපු ගැහැනු ළමයෙක් එහෙම කිව්වා...."හරි මම එන්නම්..."
ඒ පාර මොන වින්නැහියක්ද දන්නෑ වෙන්න යන්නේ කියලා හිතන ගමන් Haoxuan Office එකට ගියා..."May i Come in Sir..."
"Yeah.."
"ඇයි මට කතා කලේ Professor...?"
"Haoxuan...පුතා... Hostel එකේ ඔයාට ඉන්න ඉඩ මදි..."
"ඒ...ඒත් සර් මම ඉන්නේ Beijing වල මෙහෙ Hostel එක නැතුව මම නවතින්නෙ කොහෙද..?"
"ඒක තමයි අපි ඔයාට Quarters එකක් දෙන්නම් ඒක Hostel එකට වඩා ඔයාට ලේසි වෙයි..."
"මම කැමති Professor..."
"හෙට සෙනසුරාදානේ එහෙනම් මම යතුර දෙන්නම් හෙට යන්න..."
"Thank You Professor..."
JiLi, Yubin එකම Hostel Room එකට වැටිලා තියෙද්දි Haoxuanට Professor Quartersවල නවතින්න වුනා...
කොල්ලා පහුවදා උදේම තිබුනු අඩුම කුඩුම ටිකක් ලෑස්ති කරන් තමන්ට ලැබුනු Quarters එකට ගියා...
යනකොටත් දොර ඇරලා තිබුනු නිසා කොල්ලා ඇතුලට ගියේ එයාගේ Roommate දැනටමත් ඇවිත් ඇති කියලා හිතාගෙන..."What Are You Doing Here..?"
කොල්ලා කෑගහන්න පටන් ගත්තේ සාලේ සෝෆා එක උඩට වෙලා කකුලක් පිට කකුලක් දමාන පොතක් කියවන Professor Jiyangව දැකලා...
YOU ARE READING
Correction (YangXuan) (Completed)
Fiksi PenggemarSorry For The Past, I Walk Into The Future With You I Promise...