එදිනෙදා දේවල් විතරක් ලියලා තිබුනු සාමාන්‍ය Diary එකක් උනු එකේ පිටු කීපයක් පෙරලපු Jiyang තමන්ට අවශ්‍ය යැයි හිතෙන තැනකින් කියවන්න පටන් ගත්තා...
"Haoxuan...මං එක්ක මගේ බෝඩින් එකේ ඉන්න ආවා... මට ගොඩක් සතුටුයි... අද අපි දෙන්නා ගොඩක් වෙලා ගොඩක් දේවල් කතා කරා... මට එයා ලග ඉන්නකොට පුදුම නිදහසක් දැනෙන්නේ... එයාට තුරුලු වෙලා ඉන්නකොට දැනෙන ඒ උණුසුමට... එයා කතා කරද්දි එයාගේ Cute Handsome මූණ දිහා බලන් ඉන්න එකට මම ගොඩක් ඇබ්බැහි වෙලා වගේ..."
"Why Am I Doing This...?"
පොත වහලා දාපු Jiyang නැගිටලා එලියට ගියා...
ටිකක් ඇවිද ඇවිද හිටපු කොල්ලා ආපහු ගේ ඇතුලට ඇවිත් පොත පෙරලන්න පටන් ගත්තා..."මට මේ දේවල් දැනගන්න ඕන..."
තවත් පිටු විස්සක් තිහක් එකපාර පෙරලපු Jiyang ආපහු කියවන්න පටන් ගත්තා...LUSI POV....
අද මම මගේ ජීවිතේ වැඩියෙන්ම සතුටු උනු දවස කිව්වොත් හරි මම අම්මා කෙනෙක් වෙන්න යනවා... ඉතින් මම ඒ සතුට Haoxuanටත් දෙන්න ඕන කියලා හිතාගෙන එයා නැවතිලා හිටපු Quarters එකට ගියා...
"ඔයා කව්ද...?"
"ම්..මම Lusi තාත්තේ... Haoxuanගේ Girlfriend..."
"හ්ම්...පුතා එලියට ගිහින් තවම ආවේ නෑ මට ඔය ළමයා එක්ක කතා කරන්න ඕන..."
"කියන්න තාත්තා..."
"තාත්තා...? තාත්තා නෙමේ සර් කියලා කතා කරනවා..."
"Sorry Sir..."
"ඔය ළමයා දන්නවද මම කවදහරි Haoxuanව බන්දලා දෙන්න හිතාගෙන ඉන්නේ අපි වගේම වැදගත් නම ගිය Business Family එකකට...ඔය ළමයා අපේ පවුලට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ..."
"ඒත්...තාත්... මම කිව්වේ Sir Haoxuan මට ආදරෙයි..."
"හ්හ්... ආදරේ...විකාර කියවන්න එපා ළමයෝ හරි අපි පොඩි Deal එකක් කරමු..."
"Deal එකක්..?"
"ඔව්... මම ඔය ළමයට ලක්ශ 10ක් දෙන්නම් ඒකත් අරගෙන ආපහු කවදාවත් Haoxuanව හම්බෙන්නේ නැතුව ඉන්න ඕන..."
"ඒ...ඒත් Sir I'm Pregnant..."
"ඔහ්...මේ කොල්ලානම්... කමක් නෑ Its Ok... මම තමුන්ට ලක්ශ පනහක් දෙන්නම්... ඒකත් අරගෙන මෙහෙන් යනවා හැබැයි ඔය දරුවව තමුන් නැතිකරන්න ඕන.. නැත්තන් තමුනුයි තමුන්ගේ බඩේ හැදෙන ඔය ළමයයි දෙන්නම මගේ අතින් දිව්‍යලෝකෙට යාවී..."
YOU ARE READING
Correction (YangXuan) (Completed)
Hayran KurguSorry For The Past, I Walk Into The Future With You I Promise...