Chapter 05

18 7 16
                                    

"ඇයි උබ මේකේ ඉන්න කෙරුමා කියලද හිතාන ඉන්නේ ආ... අලුතෙන් Professor Xichen හදපු Project එකට තීන්ත හැලුවේ මම කියලා පාවලා දුන්නම උබ කෙරුමාද ඈ..."

"Pro..fess..or...ම්...මගෙන් ඇහුවා.. ඒක්..කයි..කිව්වේ..."

"ආයේ උබේ කට හෙල්ලිලා තිබුනොත් බලාගමු..."
Haoxuan කොල්ලට ගහපු පාර ඒ කොල්ලගේ තොල පැලිලා ලේ එන්න පටන් ගත්තා...

"ඒ Haoxuan එපා බන්..."
Yubin Haoxuanගේ අත අල්ලගත්තේ ආපහු සැරයක් කොල්ලට ගහන්න යද්දියි...

"අතැරපම් බිනා මූ කොහොමද එහෙම මාව පාවලා දෙන්නේ එකෙක් කට හෙල්ලුවේ නෑ මූ නිසා මම අහුවුනේ..."

"මොකද මේ කෑගහන්නේ...Haoxuan මොකක්ද උනේ...?"
ඈත තියාම haoxuan අතපය එහෙ මෙහෙ කර කර කෑගහනවා දැකපු Jiyang එතනට ආවා...

"දෙයියනේ... මේ ළමයගේ කටින් ලේ එන්නේ මොකද මේ...?"

"ඇයි දැන් එකෙක්ටවත් කතා කරන්න බැරිද..?"
දෙවෙනි පාරටත් Jiyang ඇහුවේ උත්තරයක් නොලැබුනු නිසා...

"මම ගැහුවා.."

"ගැහුවා..?"

"Professor අහකට වෙන්න මම ඕකාට අද..."

"Haoxuan පැත්තකට වෙනවා...තමුන් ඉස්කෝලේ එන්නේ ළමයි එක්ක රංඩුවෙන්නද..? මට Professor Xichen කිව්වා තමුන් එයාගේ Project එකට කරේ මොකක්ද කියලා...පොඩි කාලේ අම්මා හොද පුරුදු කියලා දීලා නැද්ද...?"

"Professor..."
Yubin ගැස්මක් එක්ක කතා කරත් Jiyang එයාව අතින් නතර කරා...

"යනවා පංතියට..."

"Haoxuan යනව පංතියට..."
දෙවෙනි පාරටත් කෑගැහුවට පස්සේ Haoxuan බිම බලාගෙන පංතියට ගියා...
Jiyang හැමවෙලේම හිනාවෙලා ළමයි එක්ක සුහදව ඉන්න නිසා එයාගේ මේ දැන් හැසිරීමට ගොඩක් ළමයි බයවුනා...

"Haoxuan උබ කොහෙද යන්න හදන්නේ..?"

"මගේ හිතට හරිනෑ බන් මම අද කලින් යනවා...බිනෝ මම උබලගේ Hostel Room එකේ නවතින්නද ටික දවසකට..."

"ඕක මොකක්ද බං...මෙන්න යතුර අරන් පලයන්..."

"Thank You බං..."

මුලින්ම Quarters එකට ගිය Haoxuan තමන්ගේ ඇදුම් ටිකත් බෑග් එකකට දාගෙන Hostel එකට ගියා...

"Haoxuan....haoxuan...."

හවස් වෙලා Uni එකෙන් ගෙදර ආපු Jiyang කොල්ලව හොයන්න පටන් ගත්තේ Haoxuan කලින් ආවත් මුලු ගෙදරම කරුවල වෙලා ලයිට් එකක්වත් දාලා නොතිබුනු නිසා...

Correction (YangXuan) (Completed)Where stories live. Discover now