Chapter 11

200 37 14
                                    

"හොදා....යි,දැන් ඇයි ඔයාලා මන් දිහා ඔහොම බලන්නෙ...මන් මේ හොදට ඉන්නේ..."

ඔලුවයි අත්කකුලුයි බැන්ඩේජ් කරලා තීන පූස් එයා දිහා බලන් අඩන කට්ටියගෙ මූනු දිහා බලන් කිව්වා..

"ඉකේයියා ටේටේ ඔයත් අඩනවද..."

ඇද වටේ හිටි අය අතරින් ඇස් අග කදුලු තියන් ඉන්න ටේගෙ දිහා බලලා සුගා මූන ඇදකරන් ඇහුවා..

"මන් ඔහෙව මරනවා සුදූ..."

"ආව් මගේ කකුල..."

එහෙම කියපු ටේටේ බෙඩ් එකට නැගලා සුගාගේ ඇගට අතපය දාන් හග් කරා.

"අපි හොදටම බය උනා පූස්..."

"ඒයි ඔය අත රිදෙනවා...මට හුස්ම ගන්න බෑ ජූනී..."

ටේව අනුකරනය කරලා ජින්ජුන් දෙන්නත් ඇදට නැගලා පූස්ගේ ඇගට අතපය දාද්දි සුගා කෑගැහුවා..

"දැන් කිව්වේ හොදට ඉන්නවා කියලා.."

ජූන් එහෙම කියන ගමන් සුගාගේ ලිප්ස් වලින් හාදුවක් තියලා එයාව තදින් හග් කලා..

"මට අමාරුයි යකුනේ..."

සුගා ටේගේ කකුලක් අයින් කරන ගමන් කියද්දි තුන්දෙනාම සුගාගේ ඇගෙන් අයින් වෙලා ඇදේ වාඩි උනා..

"මේ පූස් මන් ගොඩාක් බය උනා හොදේ..."

ජින් එයාගේ කදුලු හන්ගගන්න ගමන් සුගාගේ බැන්ඩේජ් කරලා තීන අතක් බදාගෙන කිව්වා..

"හේයි දැන් ඒක වෙලා ඉවරනේ...ඔයා අඩනවා දැක්කොත් මගේ පැටියා ආයේ අඩාවී...."

සුගා ජින්ගේ අත ආපිටට අල්ලන් ජූන්ව පෙන්නලා කියද්දි ජින්ටයි ටේටෙයි හිනා ගියේ ජූන් කලින් අඩපු හැටි මතක් වෙලා.

"ඔයාලා කට්ටියව බය කලාට සොරි..වෙරි සොරි වස්තුව...."

ජූන් ලොකුවට මුකුත් කිව්වේ නැතත් එයා අවුලෙන් ඉන්නේ කියලා තේරුන නිසා එයාව ලගට ගත්තු සුගා අන්තිම ටික එයා දිහා බලන් කිව්වා..

"ඔය දෙන්නට තනි වෙන්න ඕනිද..."

ජින්ට ඇහැක් ගහපු ටේටේ නම්ගී ඩබල දිහා බලන් ඇහුවා.

ඒකට ඒ දෙන්නා උත්තරයක් දෙන්න හැදුවත් ඊට කලින් ඩෝර් එකට තට්ටු කරන සද්දයක් ඇහුනා.

"ඔයාට ගොඩක් ඩැමේජ් වෙලා නේද හියුන්ග්.."

හොබීව බලන්න ගිහින් හිටිය ජිමින් රූම් එක ඇතුල්ට ඇවිත් යුන්ගි එක්ක කතා කලා..

"ඒ වගේ නේද..."

අතපයයි ඔලුවයි බැන්ඩේජ් කරන් ඉද්දි මොනා කියන්නද කියලා හිතාගන්න බැරි උන යුන්ගි කිව්වා.

"ඔයාට මෙහෙම දෙයක් උන එක ගැන මට කනගාටුයි..ඒත් මගේ හියුන්ග්ව බේරගත්තට ඔයාට ගොඩාක් ස්තූතියි... ඇත්තටම ඔයා ඒ බේරගත්තේ මගේ ජීවිතේ ඉර..ඔයාට කොහොම ස්තූති කරන්නද කියලා මට හිතාගන්න බෑ හියුන්ග්...කම්සමිදා හියුන්ග්..."

ජිමින් එයාගේ ඇස්වලින් බේරෙන කදුලු පිහදලා යුන්ගිට කීපසැරයක්ම ආචාර කරලා ස්තූති කලා..

"මට සතුටුයි ඔයාගේ හියුන්ග්ව බේරගන්න ලැබුන එක ගැන..එයාව හොදට බලාගන්න..."

"හරි හියුන්ග්.."

යුන්ගි ජිමින් එක්ක හිනාවෙලා කියද්දි ජිමින් යුන්ගි එක්ක ආපිටට හිනාවෙලා කිව්වා..

"ජිමින් දැන් ඔයා ගෙදර යන්නේ කොහොමද "

අද එයාලා සුගා ලග නතරවෙන්න හිතන් ඉන්න නිසා එයාලා එක්ක ආපු ජිමින්ගෙන් ජින් ඇහුවා.

"අපි ටැක්සි එක්ක යන්න හිතන් ඉන්නේ ජිනී..."

"ඔයාලා මෙයාව කලින් ඉදන් දන්නවද.."

"ඔව් පූස්..මේ එයා..."

"ඕ.. එයාද..."

ජූන් ටේ දිහාට හොර බැල්මක් දාලා කියද්දි කටකොනට හිනාවක් ගත්තු සුගා ඇහුවා..

"ටැක්සි එක්ක යන්න ඕනි නෑ.මන් දැන් චේන්ජ් එකක් දාගන්න බිලට් එකට යන්න ඕනී..ඒ ගමන් ඔයාලව ඩ්‍රොප් කරන්නම්.."

මෙතන හිටියොත් කොහොමත් චොර වෙන නිසා ටේටේ එහෙම කියලා ඉක්මනින් රූම් එකෙන් එලියට ගියා..

"එහෙනම් කොල්ලනේ පරිස්සමෙන් ගෙදර යන්න..එයා ගොඩක් බයානකයි...."

"කමක් නෑ මන් කුම්ෆු කරාතේ ඔක්කොගෙන්ම බ්ලැක් බෙල්ට්..."

ජින් බයානක මූනක් මවන් ජිමින්ට කියද්දි කුකී බිය නොවන් අයියන්ඩි වගේ ජිමින්ගේ අතක් අල්ලන් කිව්වා..

"එහෙනම් බයක් නැතුව ඔයාලට ගෙදරටම යතැකී 😄..."

සුගා හිනාවෙවී එහෙම කියද්දි අනික් අයත් ඒ හිනාවට එකතු උනා..

(ටේටේ හමුදාවේ ලොක්කෙක්නේ ඉතින් කුම්ෆු කරාතේ නතින්....)

-----------------------------------------------------------

😶😶😶😶😶😶😶

My army officerWhere stories live. Discover now