01

221 40 8
                                    

2020.11.02

Taehyung pov:

මේ ඔක්කොම පටන් ගත්තෙ අපි මේ ස්ටැම්ප්ලේක් වීදියේ නිවසේ පදිංචියට ආවත් එක්කමයි.  ජන්කුක්ගෙ කීමටම මිසක් මම මේ ගෙදරට ආවෙ හිතේ ලොකු කැමැත්තකින් නෙවෙයි. ඒත් දැං වෙන කරන්න දෙයක් ඇත්තෙත් නැ.  මම ජන්කුක්ගෙ කැමැත්තට ඉඩ දීල දෙන්නත් එක්කම මේ ගෙදර අද පදිංචියට ආවා.

වෙඩින් එකෙන් පස්සෙ අපේ honeymoon  එක ගත කරන්න පාළු පෙදෙසක් තෝරගන්න ඕන කියල මගෙ සැමියා ජන්කුක් මීට කාලෙකට කලින් මට කියල තිබුණා. ඇත්තටම එතරම් උද්‍යෝගයෙන් නොවුණද මම ඒකට එකඟ වෙලා හිටියා.   මට ඕන වුනේ අනිත් අය වගේම ලස්සන තැනක honeymoon එක ගත කරන්න  යන්න වුනත් ජන්කුක්ට ඕන වුනේ මේ විදියට.   ඒ නිසා අපේ වෙඩින් එකෙන් පස්සෙ අපි එංගලන්තයේ  උතුරු සීමාවේ පිහිටි ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්ෂයර්හි එක්තරා පාළු පෙදෙසක ඉදිකරන ලද නිවසක් කුලියට ගත්තා.

ඒක අවුරුදු ගණනාවකට කලින්  ඉදිකරපු  අලංකාර තට්ටු දෙකක නිවසක් වුනත්  එහි බිත්ති දීර්ඝ කාලයක් තිස්සේ අව්වැසිවලට හසුවී ඇතිනිසා අඳුරු පැහැක් අරන් තිබුණා.   ඒ නිසා ඒ ගෙදරට ලැබිල තිබුණෙ ටිකක් බයහිතෙන පෙනුමක්.   අපිට මේ ගෙදර කුලියට ලබාදුන්නු පුද්ගලයා මෙහි මුල් හිමිකරු නොවුනත්  මේ ගෙදර මේ විදියට ජරාජීර්ණ වෙන්න ඉඩ හැරල ඇත්තෙ ඇයි කියල ඇහුව වෙලාව ඔහු එයට සෘජු පිළිතුරක් දෙන්න කැමති වුනේ නෑ. මම ඒ වෙලාවෙ ඒ ගැන වැඩිය හිතන්න ගියේ නැහැ. ඒත් ඔහු එදා එහෙම හැසිරෙන්න හේතු වුණු කරුණු තේරුම් ගන්න එච්චර අමාරු නැහැ. ඒ මේ ගෙදර තියෙන  අත්භූත පෙනුම නිසා කියල මට විශ්වාසයි. මේ ගෙදර දැක්කම මගෙ හිතට පොඩි බයක් දැනුන කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි.

අපි කුලීකරුවන් කීපදෙනෙක් යොදවල මේ ගෙදර මිනිස් වාසයට සුදුසු තත්වයට පත්කර ගත්තා. ඒ වැඩ කරන්න දවස් දෙකක් විතර ගත්වුණා. ගෙදර ඔක්කොම අස්කරාට පස්සෙ අපි ගෙදර පදිංචියට ආවා. ඒ දවසෙ තිබුණෙ අපැහැදිලි අහසක් සහිත කාලගුණයක්. එය මගේ ගතට යම් සුවදායී බවක් දැනුණත් සිතට පොඩි චකිතයක් ගෙන දුන්නා. ඒත් ඒ ගැන අමතක කරල ජන්කුක් එක්ක සතුටින් කාලය ගත කරන්න මම උත්සහ කළා.

Mysterious Cyclist (අභිරහස් බයිසිකල්කරුවා ) [completed]Where stories live. Discover now