08 (End)

136 30 23
                                    

Jungkook pov:

"ටේහියුන්!!!" මට කෑ ගැහුණා. ඒ... ඒ ටේගෙ මූණ නෙවෙයි ද? එහෙමත් නැත්නම් මේ මූණ ටේගෙ මූණට කොච්චර නම් සමානද? මගෙ මුළු ඇඟම පණ නැතිවෙලා යනව වගේ මට දැණුනා. ඒ රාමු කරපු පින්තූර මගේ අතින් ගිලිහී බිම වැටිල ලොකු සද්දයක් එක්ක ඒකෙ වීදුරුව බිඳිල වීදුරුකටු සුනු විසුණු වෙලා ගියා.



"ක්-කුකී... මේ මොනවද සිද්ධ වෙන්නේ.. මේ මම!! මේ පින්තූරෙ ඉන්නෙ මමමයි. මගෙයි මේ පින්තූරෙ ඉන්න පිරිමි ළමයගෙයි වෙනසක් හිතාගන්න බෑ. " ටේහියුන් කිව්වේ වීදුරුකටු පසෙකට තල්ලු කරමින් ඒ පින්තූර අතට ගන්න ගමන්.

"ඔව් ඒ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


"ඔව් ඒ... ඔ-ඔයාම තමයි. ටේ... ඒ ඔයාම තමයි "  මම කිව්වා. මගේ හිතේ ලොකු වේදනාවක් ඇතිවුණා.



"ඔව් ඒ මම තමයි කුකී..!!" ටේහියුන් කිව්වෙ ඇස්වලින් ගලාගෙන එන කඳුලු තමන්ගෙ අත්වලින් පිහිදාන ගමන්.




"ටේ... මේ කතාව අපේ ජීවිතවලට සම්බන්ධයි. ඒකයි මේ දේවල් අපිට පේන්න ගත්තේ.. අපේ honeymoon එකට මෙතනම තෝරගත්තෙ අපේ ධෛවය නිසා වෙන්න පුලුවන්. මේක ඔයාගෙ කලින් ආත්මයක් වෙන්න ඇති. ඒත් ඒ ආත්මෙදි ඔයාගෙ අත ගත්තු තරුණයා මං නෙවෙයි. ඒක එහෙම වුණානම් ඒ පින්තූරෙ ඉන්න ඔයාගෙ මූණෙ මේවගේ අසරණකමක් රැඳිල තියෙන්න විදියක් නෑ ටේ..." මට කියවුණා..





ටේහියුන් ඒ පින්තූරය පැත්තකට දාල මාව තදින් බදාගෙන අඬන්න ගත්තා. මමත් ටේහියුන්ව මගෙ තුරුලට තවත් තද කර ගත්තා.



"ඒ ආත්මෙදි අපිට එකතුවෙන්න බැරිවෙන්නැති කුකී.. ඒත් මට දැං ඔයාව ලැබිල තියෙනවනේ." ටේහියුන් කිව්වෙ ඉකිගසමින් මගෙ පපුවට තවත් තුරුළු වෙලා.


Mysterious Cyclist (අභිරහස් බයිසිකල්කරුවා ) [completed]Donde viven las historias. Descúbrelo ahora