05

92 28 3
                                    

Jungkook pov:

උදේ මට ඇහැරුණේ ටේහියුන්ගේ සිනිඳු අත්වල ස්පර්ශය මගේ මූණට දැණුනු නිසා.

"කුකී... දැන් නැගිටින්න අද හොඳටම පරක්කු වෙලා. බලන්න වෙලාව දැං එකොළහටත් ළඟයි. "

මම බිත්ති ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව එකොළහට ළඟයි කියල මං දැක්කා. ඒත් මගේ ඇඟට පොඩි අපහසුතාවයක් දැනුනු නිසා තවත් මිනිත්තු කීපයක් ඇඳේ හාන්සිවෙලා හිටියා. ටේහියුන් ද මගේ පපුවට ඔලුව තියාගෙන හිටියා. කලින් දවසෙ රෑ සිදුවුණු බිහිසුණු සිදුවීම ආයෙත් පාරක් මගේ හිතට ආවෙ ත්‍රාසජනක චිත්‍රපටයක්  වගේ. ගෙදරින් එළියට ගිහිල්ල ඔක්කොම හොයල බලන්න මම තීරණය කරා.

"ඔයා මොකද බයවෙලා වගේ කුකී.. දැන් හොඳ ළමය වගේ නැගිටින්න. අපි වොෂ් දාගමු. අද අපි මගේ හියුන්ලහ යන්න නේද හිටියෙ. ඔයාට මතක නැද්ද ඔයා මට පොරොන්දු වුණා අද මාත් එක්ක අපේ හියුන්ලහ යන්න එනව කියල "  ටේහියුන් කිව්වේ අමාරුවෙන් ඇඳෙන් නැගිටින්න උත්සහ කරන ගමන්. එතකොට තමයි මට මතක් වුණේ අපි දෙන්න ඊයෙ ගතකළ උණුසුම් රාත්‍රිය. මට ඒක මතක් වුණු ගමන් හිතට සතුටක් ආවා.  ඇත්තටම අද මම ටේහියුන් එක්ක එයාගෙ හියුන්ලහ යන්න පොරොන්දු වෙලා හිටියෙ.  ඒ නිසා තවදුරටත් මට ඇඳේ කම්මැලිකමේ ඉන්නෙ නැතුව නැගිටල ටේහියුන්වත් උස්සන් bathroom  එකට ගිහින් වොෂ් දාගෙන ලෑස්ති වුණා.   ඒත් තාමත් මගේ හිතේ දුවන්නෙ ඊයෙ රෑ වුණු ඒ මිනීමැරුම් ගැන. උඩතට්ටුවේ සිදු වුණේ මොකක්ද කියල පරීක්ෂා කරන්නෙ නැතුවෙ වෙන වැඩක් කරන්න මට හිත දුන්නෙ නෑ.

"මොකද ඔයා මේ බයවෙලා වගේ?" ටේහියුන් ආයෙත් පාරක් මගෙන් ඇහුවෙ මගේ හිතේ තියෙන නොසන්සුන් බව එයාට දැනිල වගේ.

"මුකුත් නෑ ටේ.. මේ ගෙදර උඩ තට්ටුවෙ කවුරුහරි පදිංචි වෙලා ඉන්නව කියල ඔයාට හිතෙන්නෙ නැද්ද ?" මම එහෙම ඇහුවම ටේහියුන් පුදුමයට පත්වුණා.

"ඔයාට පිස්සුද කුකී.. උඩ තට්ටුවට යන්න තියෙන්නෙ අපෙ මේ පහළ තට්ටුවෙ සාලෙ පඩිපෙළෙන්නෙ. ඉතිං අපි නොදැනුවත්ව උඩ තට්ටුවෙ කවුරුත් පදිංචි වෙලා ඉන්නෙ කොහොමද? අනික අපි මෙහෙට ඇවිත් කීප දවසක්ම වෙනවනෙ. ඔයා හීනයකවත් දැක්කද" ටේහියුන් කිව්වෙ හිනාවෙනගමන්.

"අපිට දුන්නු යතුරු කැරැල්ලෙ උඩ තට්ටුවෙ ප්‍රධාන දොරේ යතුර තියෙනවද?" මම ඇහුවා.

"නෑ එතන තියෙන්නෙ පහළ තට්ටුවෙ දොරවල්වල යතුරු විතරයි"

"ආ....  එහෙනං කමක් නෑ.. අපි එහෙනං ඉක්මන්ටම ගමනට ලෑස්තිවෙමු" මම කිව්වා. ඒත් ටේහියුන්ට නොදැනෙන විදියට මම ඉක්මන්ටම ගෙදරින් එළියට ඇවිත්  කලින් දවසෙ ඒ බිහිසුණු හඬවල් ආපු ජනේලය තිබුණු තැනට ගියා. උඩතට්ටුවේ තියෙන විශාල ජනෙල් කවුළුවලට අගුළු දාල තියෙනව මම දැක්කා. ඒවගේම දිගු කාලයකින් ඒවා ඇරල තිබුණු බවක්නම් පේන්න තිබුණෙ නැති නිසා මම ගොඩක් පුදුම වුණා.

ඒ විතරක්නම් කමක් නැ. ඒ කවුළුවට පහළ බිමද කිසිම සලකුණක් පේන්න තිබ්බෙ නෑ. කලින් දවසෙ රෑ මෙහේ කිසියම් දෙයක් සිදුවෙලා තිබුණු බවට කිසිම සලකුණක් තිබුණෙ නෑ. මට මොකක් හරි වැරදීමක්වත් සිද්ද වෙලාද කියල සැක සිතුණු නිසා ගෙදර වටේ ඇවිදල උඩතට්ටුවේ තිබුණු ජනෙල් කවුළු ඔක්කොමත් පහළින් තිබුණු භූමියත්  පරීක්ෂා කළා. ඒත් කිසිම විශේෂ සලකුණක් ඒ කිසිම තැනකින් මට හම්බවුණේ නෑ.

"කුකී... අනේ.. ඔයා තාම ඔතනද ? ඉක්මන්ට එන්නකෝ අපිට පරක්කු වෙනවනේ.. " ටේහියුන් ගෙදර ඉස්සරහ ගේට්ටුව ගාවට වෙලා කෑ ගහනව මට ඇහුණා. ඒ නිසා තවදුරටත් මට එතනට වෙලා ඉන්න පුලුවන්කමක් තිබුණෙ නෑ.


















..................................................................................................................................................

ඊළඟ චැප්ටර් එකත් අදම දෙන්නම්. Votes, comments  කරන් යන්න  ඒනං.




💜️💜️   💜️💜️💜️   💜️💜️

Mysterious Cyclist (අභිරහස් බයිසිකල්කරුවා ) [completed]Where stories live. Discover now