06

95 26 7
                                    


Jungkook pov:

ඊටපස්සෙ මම ලේස්තිවෙලා ටේහියුන් එක්ක එයාගෙ හියුන්ගෙ ගෙදර යන්න පිටත් වුණා.   ලන්ඩන් වලට දුම්රියෙනුත් ඉතැන ඉඳන් taxi එකකිනුත් ගිහින් දවල් 1 වෙන්න විනාඩි කීපයකට කලින්  ටේහියුන්ගෙ හියුන්ගෙ ගෙදරට ළඟාවෙන්න අපිට පුලුවන් වුණා. ඒත් මගේ හිතේ රැඳිල තිබුණේ ඊයෙ රෑ මාව බයකරපු ඒ ඛේදජනක සිදුවීම් මාලාව. ඒ ශෝකජනක මානසික  වාතාවරණයෙන් මිදෙන්න මං කොච්චර උත්සහ කළත් නැවත නැවතත් මගේ හිත ඒ අඳුරු මතකය වෙත ඇදී ගියා.

"කුකී... අද නම් ඔයා හරි අමුතුයි. බලන්න මූණෙ කිසි හිනා පොදක්වත් නෑ. ඔයාට මොකද වෙලා තියෙන්නෙ?" ටේහියුන් මගෙන් ඇහුවෙ අපි ආපහු ගෙදර එන අතරතුරේ දුම්රියෙදී.

"නෑ එහෙම විශේෂයක් නැ. අද මගේ ඇඟට ටිකක් හරි නැ. සමහරවිට ඒනිසා වෙන්නැති ඔයාට එහෙම හිතෙන්නෙ." මම කිව්වා.

"ඇයි කුකී ඔයාට මොකක් හරි අසනීපයක්වත්ද? කියන්න මට. අපි බෙහෙත් ටිකක් ගන්න යමු" ටේහියුන් කලබලයෙන් මගෙ බෙල්ලටත් නළලටත් අත තියල බැලුවෙ මට උණ හැදිලද කියල බලන්න.

"නැ නැ එහෙම නැ ටේ... කලබල වෙන්නැපා. මේ නිකක් ඇඟට තෙහෙට්ටු ගතියක් විතරයි තියෙන්නෙ. ගමන් මහන්සිය නිසා වෙන්නැති. ගෙදර ගිහින් ටිකක් විවේක ගත්තම හරියාවි" මම කිව්වා.

අපි නැවත ස්ටැම්ප්ලේක් වීදියේ ගෙදරට එනකොට හවස හයට කිට්ටුවෙලා තිබුණා. රෑ වෙන්න කිට්ටු නිසා මුළු ගෙදරම අඳුරු වෙලා තිබුණෙ. මේ අඳුරු ගෙදර මොකක් හරි රහසක් හැංඟිලා තියෙනව කියල මගෙ හිත මට කිව්වා. ඒත් ඒ මොකක්ද ? අපි දෙන්නා ගෙදරට ඇතුළු වෙලා  ලයිට්ස් දාල  ගෙදර ආලෝකමත් කළා. ඒකෙන් ගෙදර තිබුණු මූසල ගතිය පොඩ්ඩක් අඩුවුණා කියල පෙණුණා. ඇඟට හීතලක් දැණුනු නිසා මම සාලයේ ගිනි උඳුන දැල්වුවා.

"ටේ... අපි ඉක්මන්ටම වෙන ගෙදරක් හොයා ගමු. ලන්ඩන්වලින් පොඩි කාමරයක් කුලියට ගත්තනම් අපි දෙන්නට හොඳටම ඇති." මම රෑ කෑම ගන්න අතරතුර ටේහියුන්ට කිව්වම එයා පුදුම වෙලා වගේ මංදිහා බැලුවා.

" ඇයි ඒ එකපාරටම? අපි තාම මෙහෙට ඇවිත් දවස් කීපයයිනෙ. ඔයාට දැන්මම එපා වුණාද? අනික මං නෙවෙයි ඔයාමනෙ මේවගේ තැනකට එන්න ඕන කියල මාව එක්කන් ආවෙ. අනික මේකෙ එහෙම වැරැද්දකුත් නැ. ගොඩක් නිදහස් නිස්කලංකයිනෙ." ටේහියුන් කිව්වා.

Mysterious Cyclist (අභිරහස් බයිසිකල්කරුවා ) [completed]Where stories live. Discover now