07

96 26 5
                                    

Jungkook pov:

පසුදින උදෑසන මම ගෙදරින් එළියට ආවා. මම ගෙදරින් පිටවෙනව දැක්ක ටේහියුන් මගෙ පස්සෙන් ආවා. ඉස්සෙල්ලම මං පරීක්ෂා කළේ ගෙදර උඩතට්ටුවෙ ජනෙල් කවුළුව. ඒත් ඒවායෙ කිසිම විශේෂත්වයක් දකින්න තිබුණෙ නෑ.

"මෙන්න මේ ජනේලෙ ළඟදි තමයි අර අවාසනාවන්ත දේ සිද්ද වුණේ කුකී... මට හිතෙන්නෙ එහෙමයි." ටේහියුන් කිව්වා.

"ඔව් මටත් සැකයක් නැ. ඒ මේ ජනේලෙ තමයි"

ඒත් එළියෙ ඉඳන් බැලුවට උඩතට්ටුවෙ තියෙන ඒ ජනේලයේ කිසිම විශේෂත්වයක් දකින්න ලැබුණෙ නෑ. දීර්ඝ කාලයක් අවු වැසිවලට නිරාවරණය වීම හේතුවෙන් අවපැහැ ගෙන තිබුණත් ඒ උස් ජනෙල් පියන් යුගළ ඉතා ශක්තිමත් දැවයෙන් කරල තියෙන බව පේනවා.

"වෙන කරන්න දෙයක් නැ ටේ.. අපි උඩතට්ටුවට ඇතුළුවෙන දොර කඩල හරි එතනට යමු." මම කිව්වා.

"ඒත් ඒක අපිට අයිති නැති වැඩක්නෙ කුකී... අපිට භාරදුන්නෙ පහළ තට්ටුව විතරයිනෙ" ටේහියුන් බයවෙලා කිව්වා.

"වෙන දෙයක් වුණාවේ. අපි උඩ තට්ටුවට ඇතුළු වෙලා බලමු. එහෙම නැතුව අපිට මේ ප්‍රශ්ණෙන් ගොඩ එන්න වෙන විදියක් ඇත්තෙ නෑ... යමු.." මම ටේහියුන් එක්ක පහළ තට්ටුවෙ සාලෙට ඇතුළුවෙලා පඩිපෙළ ළඟට ආවා.

පඩිපෙළ අවසානයේ තිබුණු දොර වහල තියෙනව පහළ ඉඳපු අපි දැක්කා. අපි තවත් පරක්කු නොවී පඩිපෙළ නැගල ඒ දොර ගාවට ළඟා වුණා. ඒක අගුළු දාල තිබ්බ නිසා අගුල කඩන්න සිද්ද වුණා. මුලින්ම මගේ ඇඟේ මුළු ශක්තියම යොදල දොරට පහරදී තල්ලු කරන්න උත්සහ ගත්තත් ඒක හරිගියේ නෑ. ඉතා ශක්තිමත් ඕක් ලීයෙන් හදපු දොරේ අගුල කැඩුණේ අපි දෙන්නගෙම මුළු ශක්තියෙන් කීප වතාවක්ම උත්සහ කිරීමෙන් පස්සේ. අගුලෙ යකඩ පට්ටම නැවිල ගිහින් දොර ඇරිල ඒක වේගයෙන් ගිහිල්ල පිටිපස්සෙ බිත්තියේ වැදුණා. ඒ දොරෙන් ඇතුළත තිබුණේ අඳුරු මූසල පෙනුමක්. අවුරුදු ගණනාවකින් ඒකෙ කිසිම මනුස්ස වාසයක් තිබිල නෑ කියල බැලූ බැල්මට කියන්න පුලුවන්. අපි මුලින්ම ඇතුළු වුණු විසිත්ත කාමරයේ කිසිම ගෘහ භාණ්ඩයක් තිබුණේ නෑ. ඇත්තටම ඒක මුළු මනින්ම හිස් කරල දාපු අඳුරු තැනක්. විසිත්ත කාමරය වගේම අනිත් කාමරවලත් කිසිම දෙයක් ඉතිරිවෙලා තිබුණෙ නෑ. ඒත් ඒ ඔක්කොටම කලින් මගෙ අවධානය යොමු වුණේ ගෙදර ඉදිරිපස වම් කොනේ තිබුණු කාමරයට.

Mysterious Cyclist (අභිරහස් බයිසිකල්කරුවා ) [completed]Where stories live. Discover now