02

128 32 4
                                    

🔥🔞


No one pov:

එදා දවසෙ ටේහියුන්ගෙ කීමටම  ජන්කුක් ටේහියුන් එක්ක  ගෙදරින් පිටත් වෙලා  ඇවිදින්න ගියා. ටේහියුන්ට ඕන වුණේ තමන්ගෙ හිතේ තියෙන අමුතු හැඟීම මොහොතකට හරි නැතිකරගන්න. ඒ නිසා ඔහුට ඕන වුනේ ඒ ගෙදරින් එළියට ඇවිත් ටිකක් නිදහස් වෙන්න. ගෙදර ඉඳිද්දි ටේහියුන්ගෙ හිතට අමුතු මූසල හැඟීම් එන්න ගත්තත් ජන්කුක්ට ඒ ගැන නොකිව්වෙ ජන්කුක්ගෙ සතුටට බාධා කරන්න ඕන නැති නිසයි.  ඒ දෙන්න දවසෙන් භාගයක්ම ගතකරේ නිවසෙන් පිටත. දන්නෙම නැතුව කාලය ගත වුණා. එයාල නැවත ගෙදර ආවෙ රෑ 7 විතර වෙලා තියෙද්දි. එයාල එන ගමන් රෑ කෑම අරගෙනම ඇවිත් තිබුණා.

"ටේ... ඔයා වොෂ් එකක් දාගෙන එන්න එහෙනං" ජන්කුක් එහෙම කියල තමන් ඇඳන් හිටිය කබාය ගළවල අසළ තිබුණු රාක්කයෙන් එල්ලුවා. ටේහියුන් වොෂ් එකක් දාගන්න නිදන කාමරයට ගියා.  ටිකවෙලාවකින් ටේහියුන් වොෂ් දාල bathroom  එකෙන් එළියට එද්දි දැක්කෙ ගෙදර පොඩි එළියක්වත් නැ කියල. මුළු ගෙදරම කට්ට කරුවලයි. ටේහියුන්ගෙ හදවත වේගගෙන් ගැහෙන්න ගත්තා.

"ජ්-ජන්කුක්  ඔ-ඔයා කොහෙද"  ටේහියුන් බයෙන් බයෙන් කළුවරේම අත් දික් කරන් ඉස්සරහට හම්බවෙන බඩු මුට්ටු අතපත ගගා  ඉදිරියට එන්න පටන් ගත්තා. ජන්කුක්ගෙ කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ටේහියුන් තවත් බය වුණා.

"ජ්-ජන්කුක්... ඔ-ඔයා කොහෙද...  කුකී... ම්-මට බයයි.  මං ළඟට එන්න. ම්-මාව මෙහෙම බය කරන්න එපා"  ටේහියුන්ට බයටම ඉකිගැහුනා. එකපාරටම ටේහියුන්ට දැණුන තමන්ගෙ බෙල්ල පිටිපස්සට හුස්මක් වැදෙනව වගේ. ඒ එක්කම ශක්තිමත් අත් දෙකක් ටේහියුන්ගෙ ඉණවටා එතෙද්දි ටේහියුන්ට හයියෙන් කෑගැහුණා..  ඒත් තමන්ව පිටිපස්සෙන් බදාගත්තෙ කවුද කියල අඳුරගන්න ටේහියුන්ට වැඩි වෙලාවක් ගියේ නෑ.

"මගේ  ටේ බබා බය වුණාද ම්ම්ම්" ජන්කුක් ටේහියුන්ව තදින් බදාගෙන තමන්ගෙ නිකට ටේහියුන්ගෙ උරහිසින් තියාගත්තා. 

"හයියෝ කුකී.. මොනවද මේ කරන්නෙ. බය වුණාදත් කියල අහනව. තව පොඩ්ඩෙන් මට හාර්ට් ඇටෑක් එකක් හැදිල මෙතනම පණ යනව. මේ ලයිට්ස් දාන්නකො. මොකද මේ ලයිට් නිවල කරන්නෙ. මාව අතාරින්න" ටේහියුන් ජන්කුක්ගෙ ග්‍රහණයෙන් මිදෙන්න දැඟලුවත් ජන්කුක් එක්ක ටේහියුන්ට හැරෙන්නවත් බැරිවුණා..

Mysterious Cyclist (අභිරහස් බයිසිකල්කරුවා ) [completed]Donde viven las historias. Descúbrelo ahora