බැලූ බැල්මට තද කොළ පැහැයෙන් යුක්ත වුනු වනයේ ගසෙන් ගසෙන්ට යමෙක් මාරු වෙමින් දුවන්නේ හීයක වේගයෙන්.ඊට මදක් පිටුපසින් කෙඳිරි ගාමින් ගාටමින් එන දෙදෙනෙක් ඉදිරියේ සිටින්නාගේ නම පුළුවන් තරම් සද්දෙන් කිව්වේ ඔහුව නවතා ගැනීමට.
"ජන්කුක්!"
ඒ අතරේ විශාල මාළිඟාවක විශාල කාමරයක මැද පිහිටවා තිබූ ලීයෙන් තැනූ මේසය වටේ හොඳට ඇඳ පැලගත්ත පිරිසක් වැදගත් සාකච්ඡාවක.
"නැහැ. එයා දැන්ම මේකට සුදුසු නෑ."
ලා නිල් පැහැති දිග ගවුමකින් සැරසී සිටි කාන්තාවක් අවසානයේදි කතා කළා.
"ඔව්.මාත් එකඟයි. එයාට දැන්ම මෙච්චර ලොකු වගකීමක් ගන්න බෑ."
රැවුල සුදු වෙද පප්පා වැනි මිනිසෙක් කාන්තාව හා එකඟ වෙද්දි මේසය වටා හිඳගෙන සිටි සියළු දෙනා ඔලුව වනන්න ගත්තේ ඔවුන් ද මේ කතාවට එකඟ බව අඟවන්න. ඒත් එක්කෙනෙක් තවමත් බර කල්පනාවක.
"ජන්ග්කුක්...ඔහොම නවතිනවා."
වනාන්තරයෙන් එළියට පැනපු තරුණයා වේගයෙන් මාළිගාවේ තාප්පයක් දෙසට දුවන්න ගනිද්දි පිටුපස සිටිය කෙනෙක් කෑ ගැහුවා.
"කට! කට! ඔය තමුන් කතා කරන්නේ අනාගත රජතුමාට."
තවත් කෙනෙක් අනිත් කෙනාගේ කන මිරිකන ගමන් කිව්වා.
ඔවුන් ගාටන අතරේ ජන්ග්කුක් නම් තාප්පෙට නැඟලාත් ඉවරයි.
"මෙයා රජ වෙන්න කලින් ඔය උඩකින් වැටිලා බෙල්ල කඩාගන්නවා. ඒ නිසා ගරු කරන්න ඕනේ නෑ."
තමන්ගේ කන අතගගා කිව්ව තරුණයා ඔහුගේ කන මිරුකූ තරුණයාගේ පිටට තට්ටුවක් දාගෙනම මාළිඟාවට ඇතුළු වුනා. තාප්පෙන් නෙවෙයි ඇතුළු වීමේ දොරටුවෙන්.
"ඒත් දැන් එයාට අවුරුදු විසි පහක්. මේක එයාගේ කාලේ."
අන්තිමේදි කල්පනාවේ හිටිය මැදි වියේ මිනිසා කිව්වා. මූණ පුරා රැව්ල වවාගෙන හිටිය ඔහුගේ කළු පැහැති කොණ්ඩය උරහිසෙහි ගානට තිබුණා. ඔහු ඇඳගෙන හිටියේ දුඹුරු පැහැති අමුතු විදියේ කමිසයක් සහ කළු පැහැති සරමක්.
YOU ARE READING
Rifted [Taekook]
Fanfictionපෘථිවිය තුළ බිහිවූ ලෝක දෙකක්. ප්‍රිලේපියාව සහ ඒශ්මෙන්... අවුරුදු එකසිය විසි ගනනකට පෙර වෙන් වූ මිනිස්සුන් දෙකොට්ඪාසයක්. බලවත් අධිරාජ්‍යයෙකුගේ ආශාවක් ඉටු කිරීමේ අරමුණින් දිගු ගමනක් යාමට සැරසෙන මුරණ්ඩු දඩයක්කාර තරුණයෙක්. ඔහුගේ දීර්ඝ ගමන කෙළවර ඔහු බලාපො...