Comments goal එකක් දෙන්නම්...මේක ශෝක් චැප්ටර් එකක්...
ඔයාලගෙන් comments - 35+
.........................................................
"මම තමුන්ව...විනාස....නෑ නවත්තනවා....මාව අත ඇරපන් යක්ෂයා!"
"හීනයේ අවසානයේදී වීරයා ඔහුගේ බය ඉස්සරහා පැරදෙනවා...ජූන් යූන් කාමරයේ දොර ජනෙල් වහන්න. අපේ අමුත්තා මරණයෙන් ඇහැරෙන විදිය අපි විතරක් දැක්කම ඇහුවම හොඳටම ඇති."
"ආආහ්.....ආඅහ්හ්.....කිම් ටේහ්යුන්ග්!!!"
ඒ තරම් වෙලා තදින් පියවිලා තිබුණ ජන්ග්කුක්ගේ ඇස් දෙක ඇරුනත් ඔහුට කිසි දෙයක් හරියට පෙනුනේ නෑ.
ඇස් දෙකේ මොනවාහරි බැඳිලා වගේ තිබුණු ගතිය නැති කරගන්න ඔහු වේගයෙන් ඇස් පිල්ලම් ගහද්දි ඇස් දෙකම කඳුළුවලින් තෙත් වෙන්න ගත්තා.
ඒ අතරේ ඔහු අවදි වෙනකම් බලන් හිටිය පිරිසෙන් ටේහ්යුන්ග් ඇර අනිත් හැමෝම ඇඳ ළඟට ළං වුනා.
"අහ්...කවුරුහරි ඉන්නවද ඔතන?"
ජන්ග්කුක් අතක් එහාට මෙහාට කරමින් අහද්දි ඔහුට අහු වුනේ ජූන්ගේ අත.
"ඔබට අපව පෙනෙන්නේ නැති ද?"
ඒ වෙනකොට ජන්ග්කුක්ට ආයෙත් ටික ටික පෙනෙන්න පටන් අරන්. එකපාරටම ඔහු අන්තිමට සිහියෙන් ඉන්න අවස්ථාවේ හිටියේ ග්රේලන්ඩ් අඩවියේ කියලා මතක් වුනු ජන්ග්කුක් ජූන්ගේ අත අත ඇරලා ඇඳේ කෙලින් වුනේ විදුලි වේගයෙන්.
යෝධයෙක්, සාමාන්ය මනුස්සයෙක් සහ තරුණියක් ඔහුට තමන් ළඟටම වෙලා ඉන්නවා පෙනුනා.
"කවුද ඔහේලා? මම කොහෙද ඉන්නේ?"
මරු විකාරයෙන් කියවද්දි හිටිය බියගුලු ජන්ග්කුක් වෙනුවට ඔවුන් ඉදිරියේ හිටියේ බය කියලා වචනයවත් දන්නේ නැති ජන්ග්කුක්.
"ඔබව මරණයෙන් ගලවාගත් අයට ඔහොම කතා කිරීම නම් දඬුවම් ලැබිය හැකි වරදක් මිත්රයා..."
ජන්ග්කුක්ගේ දකුණු පසින් ඇහුණු ඒ ගැඹුරු කටහඬේ අයිතිකාරයා දිහා ජන්ග්කුක් හැරිලා බැලුවා.
විශාල පුටුවක ඉඳගෙන අමුතුම විදියේ හිනාවකින් මුහුණ සරසගෙන හිටිය ඔහු ජන්ග්කුක් ඔහු දිහා බලනවත් එක්කම එතනින් නැගිටලා ජන්ග්කුක් ළඟට ආවේ අඩියට දෙකට.
YOU ARE READING
Rifted [Taekook]
Fanfictionපෘථිවිය තුළ බිහිවූ ලෝක දෙකක්. ප්රිලේපියාව සහ ඒශ්මෙන්... අවුරුදු එකසිය විසි ගනනකට පෙර වෙන් වූ මිනිස්සුන් දෙකොට්ඪාසයක්. බලවත් අධිරාජ්යයෙකුගේ ආශාවක් ඉටු කිරීමේ අරමුණින් දිගු ගමනක් යාමට සැරසෙන මුරණ්ඩු දඩයක්කාර තරුණයෙක්. ඔහුගේ දීර්ඝ ගමන කෙළවර ඔහු බලාපො...