3.

102 26 28
                                    


විවිධ සැරසිලිවලින් අලංකාර කරලා තිබුණු උත්සව ශාලාවට ඇතුළු වුනු තරුණයන් දෙදෙනා තම තමන් සඳහා වෙන් කර තිබූ ආසනවලින් ඉඳගත්තා.

ඔවුන් දෙදෙනා අතර සාදය පුරාවටම කතාබහක් ඇති වුනේ නෑ. ඔවුන් කළේ කෑම බීමවලින් බඩ පුරව ගන්න ගමන් කල්පනා කරපු එක.

"අපේ එකාට යකෙක්වත් වැහිල ද?"

ජන්ග්කුක්ගේ සීයා රජතුමාගේ කනට කරලා ඇහුවේ ජන්ග්කුක්ගේ භයානක හැසිරීම දැකලා පුදුමයෙන්.

"ඒකනේ. මේ නම් මගේ කොල්ලා වෙන්න බෑ. වෙනදට මෙතන මැදට පැනන් මොකක්හරි ඕන්නැති වැඩක් කරන එකා අද බලන්නකෝ. මේ මාමේ මූ රාජධානියෙන් පැනලා යන්න සැලසුම් කරනවද දන්නේ නෑ."

රජතුමාත් මහල්ලාට රහසෙන්ම කිව්වා.

"ඒ මොන ඉලව්වකට ද?"

මහල්ලාගේ කෑගැහිල්ල නිසා ඔහු අසල ඉඳගෙන කතා කරමින් හිටිය රාජකීයන් කිහිප දෙනෙක්ම බයෙන් එතනින් ඈත් වුනා.

"නෑ ඉතින්...මේක අපි එයාට බලෙන්නේ දෙන්නේ. ඔය මූණ දැක්කම හිතෙනවා ඔටුනු පැලඳවීමේ උත්සවයෙන් පැනලා යන්න සැලසුමක් හිතනවා කියලා."

"නෑ නෑ. එහෙම එකක් නෙවෙයි. කොයිකටත් කොල්ලට වැඩිය එළියට යන්න දෙන්න එපා."

මහල්ලාගේ උපදෙස ඊළඟ දවසේ උදේම ක්‍රියාත්මක කරන්න හිතා ගත් රජතුමා තමන්ගේ උස රත්තරන් පාට අමුතු කෝප්පයේ තිබුණු රතු බීම, එක උගුරට බීලා දැම්මා.

රජතුමාට කොච්චර තමන්ගේ දරුවාව තේරෙනවාද කියනවානම් එතුමා සිතූ දෙය සියයට පනහක් නිවැරදියි.

ජන්ග්කුක් සැලසුම් කළේ පැනලා යන්න. එහෙත් එය රජකමෙන් පැනලා යාමක් නෙවෙයි. ඔහුට අවශ්‍ය වූයේ පොතත් සමඟ උත්සවයට පෙර නැවතත් පැමිණීමටයි.

"ජිමින්..."

සැර බීම ජාති නිසා මත්වෙලා හිටිය අධිරජ ස්කොට් ළඟට ගිය ජන්ග්කුක් කතා කළා.

"ඕකව හිර කූඩුවට දානවා!"

ජිමින් මේසේ උඩට ඔලුව තියාගන්න ගමන් කිව්වා.

"මොකාවද? නැගිටනවා...මෝඩ අධිරාජ්‍යයෝ!"

ජන්ග්කුක් ජිමින්ගේ පිටට හයියෙන් තට්ටු කරමින් කියන්න ගත්තා.

Rifted [Taekook]Where stories live. Discover now