ජන්ග්කුක් වීරයෙක් වගේ ගමන යන්න පටන් ගත්තත් සතියක් ඇතුළතම ඔහුට ගමනේ දුෂ්කර බව තේරෙන්න පටන් ගත්තා. ඒ ඔහුට කතා කරන්නවත් කෙනෙක් නොමැති නිසා.
දෙවන සතිය ආරම්භ වෙද්දි ජන්ග්කුක් හිටියේ ඒශ්මෙන් නම් වූ ලෝකයේ බාගයක් දුර ඇවිත්. ජන්ග්කුක් බලාපොරොත්තු වුනාටත් වඩා ඒශ්මෙන් මුහුදත් වටපිටාවත් අඳුරුයි. ඔහුගේ කාලය බලන යන්ත්රයට අනුව ඒ දහවල් කාලය වුනත් ඒශ්මෙන්හි ඉර එළිය කෙතරම් අඩුද කියනවානම් ඔහුට දැනුනේ ඒ ඉර බැස ගිය සවස් යාමය කියලා.
'මේකේ ඇත්තටම මිනිස්සු ජීවත් වෙනවද?'
ජන්ග්කුක් තමන්ගෙන්ම උත්තර නැති ප්රශ්න අහන ගමන් තවත් ඉදිරියට යාත්රාව පැදෙව්වා. පොත්වල ලියැවුනු අතීත කතාවල හැටියට ඒශ්මෙන්හි මුලින්ම හම්බුවෙන දූපත් රාජධානිය තමයි සාමාන්යයෙන් හොඳ තත්වයේ තිබුනු මනුශ්ය වාසයට සුදුසු එකම රාජධානිය.
එකදිගට මුහුදේම කල් ගෙවූ ජන්ග්කුක්ට ආයෙත් ගොඩබිමකට යන්න අවශ්ය වුනා. එන අතරමග මිනිස් වාසයක් නැති දූපත් කිහිපයකම නැවතුනු ජන්ග්කුක් මේ සැරේ යන්න හදන්නේ මිනිසුන් ඉන්නවා කියලා කියන ඒ රාජධානියට.
ජන්ග්කුක් සැලසුම් කළේ ආරක්ෂකයෝ කවුරුහරි වෙරළේ හිටියොත් ඔවුන්ව දෙපාරක් නොහිතා මරලා දාලා මුහුදට දාන්න. ඒත් බලාපොරොත්තු වුනු විදියට එතන කිසිම දෙයක් වුනේ නෑ. වෙරළට ආව ජන්ග්කුක්ව දිග ලොකු ගවුම් ඇඳගත්ත කුඩා ගැහැණු ළමයි හය දෙනෙක් ආදරයෙන් පිළිගත්තා.
"ඔබතුමා නේද අපේ කුමාරිකාව බලන්න එනවා කිව්ව කුමාරයා. ඔබතුමා ගොඩාක් කඩවසම්."
ජන්ග්කුක්ට පුරුදු භාෂාවකින් ඔවුන් කතා නොකළත් ජන්ග්කුක් හිතුවා වගේම ඔවුන්ට වැරදීමක් වෙලා කියලා නම් ජන්ග්කුක්ට තේරුණා.
'හොඳ වෙලාවට අපේ සීයා මේ භාෂාව බලෙන් හරි ඉගැන්නුවේ.'
ජන්ග්කුක් යාත්රාවෙන් බහිනකම් බලන් ඉන්න ගැහැණු ළමයි බලාගෙන හිටියා. ජන්ග්කුක් බොරු හිනාවක් මවාගෙන යාත්රාවෙන් බැස්සේ තමන්ගේ උස සපත්තු දෙකේම ආයුධ දෙකක් හංගගගෙන.
YOU ARE READING
Rifted [Taekook]
Fanfictionපෘථිවිය තුළ බිහිවූ ලෝක දෙකක්. ප්රිලේපියාව සහ ඒශ්මෙන්... අවුරුදු එකසිය විසි ගනනකට පෙර වෙන් වූ මිනිස්සුන් දෙකොට්ඪාසයක්. බලවත් අධිරාජ්යයෙකුගේ ආශාවක් ඉටු කිරීමේ අරමුණින් දිගු ගමනක් යාමට සැරසෙන මුරණ්ඩු දඩයක්කාර තරුණයෙක්. ඔහුගේ දීර්ඝ ගමන කෙළවර ඔහු බලාපො...