5.

75 18 17
                                    


මධ්‍යම රාත්‍රියේදි  රාජධානියෙන් පිට වුනු ජන්ග්කුක් පැය ගණනක ගමනින් පසුව යාත්‍රාවේ තියෙන කුඩා එළිය ආධාරයෙන් වටපිටාව බලන්න ගත්තා.

අඳුරු වටපිටාවේ ඔහු මුහුද ඇර මොනවත් දැක්කේ නෑ. තවමත් ප්‍රිලේපියානු සීමාවෙන්වත් පිටවෙලා නොතිබුනු ජන්ග්කුක් යාත්‍රාවේ වේගය වැඩි කළේ මාළිගාවේ උදවිය ඔහුව හොයාගෙන එන්න පුළුවන් නිසා.

මේ අතර මාළිගාවේ එක්කෙනා දෙන්නා ඔටුනු පැලඳවීමේ උත්සවයට සූදානම් වෙන්න අවදි වෙන්න පටන් ගත්තා. රජතුමා වෙනදටත් වඩා උද්‍යෝගයකින් අවදි වී තමන්ගේ උත්සව ඇඳුම ඇඳගන්න කලින් පුතාව හොයාගෙන ගියේ ඒ දවසේ විශේෂ පුද්ගලයා ඔහු නිසා.

"සුභ උදෑසනක්....ආහ්!?"

ඔහු බලාපොරොත්තු වුනේ දැනටමත් අවදි වී උණු වතුරෙන් ස්නානය කරමින් ඉන්න ජන්ග්කුක් කෙනෙක්ව වුවත් ඔහු දුටුවේ හිස් කාමරයක්.

එහෙත් කාමරය මුළුමුනින්ම හිස් වුනේ නෑ. කුමාරයාගේ වැඩ කටයුතුවලට උදව් කරන්න ආව සේවකයෝ බයේ ගැහෙමින් කාමරයේ මුල්ලක හිටියා. කාමරයේ බඩු භාණ්ඩ ද එහෙමමයි. නමුත් කාමරය හිස්. ඔව් ඒ ජියෝන් ජන්ග්කුක් නැති නිසා.

"මොකද මේ වෙව්ල වෙව්ල ඉන්නේ? කොහෙද කුමාරයා?"

රජතුමාගේ මූණෙන් ඔහුගේ තරහා පෙනුනා. සුදුවට තිබුණ මුහුණ ටික ටික රතු පාටට හැරෙන්න ගත්තා.

"ර...ර...ර..."

"රා රා රා ගාන්නේ මොකද කියනවලා කොහෙද කුමාරයා?"

රජතුමා පොළොවේ අඩි හප්පමින් අහනකොට එකම එක සේවකයෙක් විතරක් ඔලුව බිමට හරවගෙන අතේ තිබුණු කඩදාසියක් රජතුමාට දික් කළා.

රජතුමා කලබලයෙන් දෙකට තුනට නවලා තිබුණ කඩදාසිය දිග ඇරියේ කොල්ලා හිතුවා වගේම පැනලා ගිහින් කියලා තේරුම් අරගෙන.

'මූ තනියෙන් නැතුව කෙල්ලෙක් එක්කම ද දන්නේ නෑ පැනලා ගිහින් තියෙන්නේ. අනේ පිය රජතුමනි මට ඔටුනු එපා කෙල්ල විතරක් ඇති කියලා තිබ්බොත් නේ. හොයාගෙන ගිහින් තියනවා උල.'

මෙහෙම හිත හිතම රජතුමා ලියුම කියවන්න ගත්තා.

දඩයක්කරුවන්ගේ රාජධානියේ කීර්තිමත් රජ ජියෝන් ජින්හෝ මගේ ආදරණීය පියාණනි,

Rifted [Taekook]Where stories live. Discover now