9.

91 20 29
                                    


"තාත්..තේ....මාව...බේර...අහ් ඔහ් ටේ...ටේ..."

දහඩියවලින් තෙත්වෙලා හිටිය ජන්ග්කුක් ඇස් දෙක පියාගෙන කියවන දිහා බලාගෙන හිටියේ ග්‍රේලන්ඩ්හි රාජකීයන්.

"ආහ්....ආහ්...ටේහ්‍යුන්ග්...ටේහ්‍යුන්ග්..."

හෙමින් හෙමින් ටේහ්‍යුන්ගේ නම මුමුණන ජන්ග්කුක් සැරෙන් සැරේට මහ හයියෙන් කෑ ගහනවා.

"දැන් කෙතරම් වෙලා ද? මොහු අවදි වන්නේ නැද්ද?"

දිග ගවුමක් ඇඳගෙන හිටිය තරුණියක් ජන්ග්කුක්ව හාන්සි කරලා තිබුණ ලොකු ඇඳ ළඟට ගිහින් ජන්ග්කුක් දිහා බලාගෙනම ඇහුවා.

"තව මිනිත්තු කිහිපයක් ඉවසන්න. ඔහු අවදිවේවි."

ඇඳ මත වාඩි වී ජන්ග්කුක් දිහා බලාගෙන හිටිය මැදි වියේ පුද්ගලයා තරුණියට කිව්වා.

"ආහ්....රිදෙනවා....මට...යන්න...දෙනවා....කිම්.....ආහ්හ්...."

ජන්ග්කුක් මර හඬ දෙන දිහා තරුණිය හා මැදි වියේ පුද්ගලයාට අමතරව තවත් දෙදෙනෙක් බලාගෙන හිටියා.

"මොහු ඔබගේ නමම මතුරන්නේ ඇයි?"

උස මහත යෝධයෙක් වැනි තරුණයා ඇහුවේ ඔහුගේ එහා පැත්තට වෙලා ජන්ග්කුක් දිහා එක එල්ලේ බලාගෙන හිටිය තරුණයාගෙන්.

ඔහු ඇඳගෙන හිටිය තද කළු, රත්තරනින් කෙරූ මෝස්තර සහිත අත් දිග කමිසයේ අත් නිමවා තිබුනේ එහා මෙහා පේන රෙදි වර්ගයකින්. ඒ නිසා ඔහුගේ ශක්තිමත් අත් ඒ හරහා කැපිලා පෙනුනා.

එහි හිටිය අනික් පිරිමින් දෙදෙනාටම වෙනස් විදියක් ඔහුගේ ඇඳුම්.

ඔහුගේ කලිසම ප්‍රිලේපියාවේ විලාසිතාවට ගොඩාක් හුරු එකක් වුනා. කනේ රත්තරන් තිතක් වැනි කරාබුවක්, ගෙල වටා රත්තරන් පැහැ හදවතක හැඩයේ පෙන්ඩන්ට් එකක් දැමූ මාලයක්, දකුණු අතේ දබර ඇඟිල්ලේ මුදුවක් පැලඳගෙන හිටි ඔහු ලස්සන වුනේ ඇඳුමෙන් පැලඳුමෙන් විතරක් නෙවෙයි.

ඔහුගේ දුඹුරු පැහැති මෝහනය වෙන සුළු ඇස්, කමිසය ඇඟට ඇලී තියෙන නිසා ශක්තිමත් බව හොඳටම පේන ඔහුගේ හැඩිදැඩි සිරුර, රත්තරන් පාට හම....විස්තර කරන්න පුළුවන් ඔහුගේ සුන්දරත්වය හිස මුදුනේ සිට දෙපතුළ දක්වාම.

Rifted [Taekook]Where stories live. Discover now