☀️ 🌿 ⚜️ 💫
"හොදයි එහෙම නම් මේක තමයි ඔයාගේ පලවෙනි අභියෝගය. මේ පරීක්ෂණයේ දී ඔයාගේ ඖෂධීය පැලෑටි, ඖෂධීය මල් වර්ග වගේ දේවල් ගැන තියන දැනුම තමා මම බලන්නේ. ඔයා දවස් දෙකක් ඇතුලත මට ඖෂධීය වටිනාකමකින් යුක්ත පැලැටි හරි මල් හරි කොල හරි සියයක් ගෙනත් දෙන්න ඕන. අපේ කදවුරු බිමෙනුයි, දඩයක්කාරියන් ගැවසෙන වනාන්තරයෙනුයි තමා හොයන් එන්න ඕනී. අභියෝගය බාර ගන්නවද?"
ඉල්ලගෙන කෑවද වපුරගෙන අස්වද්දගෙන කෑවද කියලා මටවත් හිතා ගන්න බැරුව ගියා. විවිධ වර්ගයන් සියයක්... දවස් දෙකකින්... හත්වලාමේ මම කොයි ලෝකෙන් හොයන්නද?... හරියට මේ දේවල් දන්නෙත් නෑ... මම හිතින් මටම කියා ගත්තා.
"මම සූදානම් ගුරුතුමනි" සුසුමක් හෙලලා මම කිව්වා.
"හොදයි දරුවෝ. හැබැයි ඔබ මේ ගමන යන්නෝන තනිවම. කිසිම කෙනෙක්ගේ උදව් නැතිව. කැලේ ඇතුලේ බය වෙන්න දෙයක් නැහැ. දඩයක්කාරියෝ නිතර දෙවේලේ ගැවසෙනවානෙ"
"හරි ගුරුතුමනි. ඔබ කියපු විදීයටම කරන්නම්"
"ආ මේක තියාගන්න. මේක ඔයාට උදව් වෙයි. දැන් මේ මොහොතේ ඉදන් ඔයාට තියන්නෙ පැය හතලිස් අටක් විතරයි. ඒ ඇතුලත හොයා ගත්ත ද්‍රව්‍ය සියයම මට ගෙනත් පෙන්වන්න " මගේ අතට පොතක් දෙන ගමන් ඔහු කිව්වා.
'ශාස්ත්‍රීය ඖෂධ විද්‍යාව' ඒ පොතේ ලියලා තිබූණා. ඒක බොහොම වටින පොතක් කියලා මට තේරුණා. ඔහුට මම ස්තුති කරලා කැබිනෙට ගියේ හෙලන්ට මේ ගමන ගැන කියන්න.
"හේ යාලුවා... මොකො මූණ අද"
"ඇස්ක්ලෙපියස්ගෙ පලවෙනි අභියෝගය ලැබුනා. පැය හතලිස් අටකින් බෙහෙත් පැල සීයක් හොයන්නෝන. මම මේ ඒක කියලා යන්න ආවෙ ඔයාට"
"ශා නියමයිනේ... ඔය වනාන්තරේ පැත්තට වෙන්න නම් ඕන තරම් ඇති. ඕනි නම් උදව්වට මමත් එන්නම්"
"ඔවු ඒ වනන්තරේට තමා යන්නෙ. ආහ් මට මේක තනියම යන්න කීවෙ හෙලන්. එහෙනම් මම යනවා. එනකොට ටිකක් හවස්වෙයි. මයිකල්ටයි, කයිලාටයි කියන්න හොදේ."
"ආ මේ ඔයාගේ ප්‍රථමාධාර මල්ල... මේක තියාගන්න. හදිසියකදී ඕනෑවෙයි."
YOU ARE READING
Daughter of Apollo
Fanfiction♡ This is my first fanfiction. I hope you all enjoy reading it. An ancient Greek myth was told here under the present circumstances. ♡ Language: Sri Lankan Sinhala ♡ Related to Percy Jackson Series and Greek Myths Note : As I own the original right...