𝐃𝐚𝐮𝐠𝐡𝐭𝐞𝐫 𝐨𝐟 𝐀𝐩𝐨𝐥𝐥𝐨 - 𝕰𝖕𝖎𝖘𝖔𝖉𝖊 11

4 3 0
                                    

☀️ 🌿 ⚜️ 💫

අරියානාගේ මරණයත් එක්ක නිකලස් ගොඩක් කම්පනයට පත්වෙලා හිටියේ. නිකලස් වගේම මමත් එහෙමයි. අරියානාගෙ මරණය සිද්ද වෙලා දවස් පහ හයකට පස්සෙ ඉදලා කදවුර ඇතුලේ මොකක් හරි ලොකු අවුලක් තියෙනවා කියලා මට නිකමට හිතෙන්න ගත්තා. මම අදහස් කලේ හැමෝම අය නොදන්න ඒත් ටික දෙනෙක් දන්න රහසක් තියනවා වගේ දෙයක්. මොකද මට එහෙම හිතුනෙ මම දවසක් රංගාවාටය ලගට යනකොට ඇනබෙත් තවත් ගැනු ලමයෙක් සහ පිරිමි ලමයි දෙන්නෙක් එක්ක කතා කර කර හිටියා. ඒක ටිකක් වෙනස් විදියේ කතාවක්.

*╚═══❖•ೋ°°ೋ•❖═══╝*

"ඇනබෙත්... ඇනබෙත්.... මට කියන්න දෙයක් තියෙනවා." ඇනබෙත් සහ පිරිමි ලමයි දෙදෙනාගෙ කතාවට හරස් වෙමින් හති දමමින් දුවගෙන ආව ගැහැණු ලමයා කිව්වා.

"මොකක්ද මාරියා ප්‍රශ්නය? ඔයාට හෝඩුවාවක් ලැබුණද?"

"ඔවු ඇනබෙත්. මම හිතන්නෙ එහෙම තමා."

"කියන්න මොකද උනේ? අපේ අයව ඉන්න තැන හොයා ගත්තද?"

"ඉන්න තැන නම් දන්නෑ ඩේව්. හැබැයි මම දෙයක් දැක්කා. මම ටිකකට කලින් තනියම තහනම් වනාන්තරේ ඇතුලට ගියා."

"මොකක්.... තනියම" අන් සියල්ලෝම එකවර කිව්වා.

"ඔවු මම හිතන්නෙ මම කැලයේ අවසාන මායිමට කිට්ටු වෙනකල් ගියා. ඊට පස්සෙ මම දැක්කා එතන තියනවා අපේ කදවුර වගේම එකක්. හැබැයි මීට වඩා පොඩියි. එතන කට්ටියත් හිටියා විස්සක් විසි පහක් වගේ. "

"ඉතින් තව මොනවද දැක්කේ? ඔයා එයාලගේ මූණූ එහෙම දැක්කේ නැද්ද?"

"නැහැ ඩීන්. හැබැයි එතන ප්‍රධානියා වගෙ කෙනෙක් හිටියා. මම හිතන්නෙ එයා තමා එතන පාලනේ අරන් යන්නෙ. එයා ටිකක් හේඩිස් වගෙ. අනේ මංදා යංතං මූණ දැක්කේ මම. දිග ලොම් කබායක් පොරවගෙන හිටියේ. අතේ යශ්ටියක් වගේ එකකුත් තිබුණා."

"දැන් ඔයා කියන්න හදන්නේ හේඩිස් මෙහෙට ඇවිල්ලා කියලද?"

"නෑ ඩේව් එහෙම නෙවෙයි"

"මාරියා, ඔය මොකක් හරි ට්‍රිප් එකක් ආව කට්ටියක් වෙන්න බැරිද? මම කියන්නේ වන ජිවි සංරක්ෂණයෙන් හරි නැත්නං පරිසරාරක්ශක අංශයෙ හරි කට්ටියක් වෙන්න බැරිද?"

Daughter of ApolloWhere stories live. Discover now