𝐃𝐚𝐮𝐠𝐡𝐭𝐞𝐫 𝐨𝐟 𝐀𝐩𝐨𝐥𝐥𝐨 - 𝕰𝖕𝖎𝖘𝖔𝖉𝖊 10

5 3 0
                                    

☀️ 🌿 ⚜️ 💫

"එහෙම නම් මේ තමා ගවේශණයට යන අපේ අය.

පොසයිඩන් කැබිනයේ එව්ලියන් මිරැන්ඩා
ඇතීනා කැබිනයෙන් ජේම්ස් වෝල්ටර්
සියුස් කැබිනයෙන් නිකලස් ස්කොට්

සුබ පතනවා තුන් දෙනාටම. තව දින දෙකකින් ගවේශණයට යන්න සූදානම් වෙන්න. දැන් ඔය තුන්දෙනා එන්න මා එක්ක අනිත් අයට තම තමන්ගේ කැබින් වලට යන්න පුලුවන්" කියලා කයිරෝන් මහ ගෙදර පැත්තට ගියා. නිකලස් යන්න හදනකොටම මම එයාව නවත්තගත්තා. මම හිතන්නෙ මගෙ මුහුණේ තිබුණ මලානික බව නිකලස් දකින්න ඇති. ඒ නිසාම එයා මගෙ දිහා ආදරෙන් බැලුවා.

"දැන් යන්න. මම ගැන බයවෙන්න එපා. උදේට කතාකරමුකෝ.... ආහ් කයිලා මෙයාව එක්කන් යන්න කැබිනෙට " නිකලස් කිව්වා.

දැන් නම් මගේ ඔලුව යකාගෙ කම්මල වගේ. එදා රෑ නින්ද ගියෙත් නෑ. පහුවදාත් මලානික විදියට ගත කරපු මම කදවුරුකරුවන් ගවේශණයට පිටත් වන දිනයේ කයිලාත් හෙලනුත් සමග නිකලස් මුණ ගැහෙන්න ගියා.

"එහෙනම් මචං සුබ පතනවා උබට. පරිස්සමින් " හෙලන් නිකලස්ට අතට අත දෙමින් පැවසුවා.

"ගවේශණයට මගෙනුත් සුබ පැතුම් සහෝදරයා"

"ස්තුතියි කයිලා, හෙලන් දෙන්නටම. පාර්තියෝ.... මොකෝ මේ මූණ? බලනෝකො හැටි මට යන ගමනත් යන්න බැරි කරන්නද හදන්නෙ"

"ඇත්තටම නොයා ඉන්න බැරිද? අනෙ මට බයක් දැනෙනවා "

"බය වෙන්න එපා මේක මම යන පලවෙනි ගමන නෙවෙයි. පරිස්සමට ආයෙ එන්න මම පොරොන්දු වෙන්නම්. ඔයාත් පරිස්සමට ඉන්නෝන හරිද?" කියලා නිකලස් මොහොතකට මාව සිපගත්තා.

"අහ්ම්.... අපිත් මෙතන ඉන්නව් හොදේ" කයිලා හයියෙන් හිනාවෙන ගමන් කිව්වා. මම ක්ෂණිකව නිකලස්ගෙ ග්‍රහණයෙන් මිදුණා.

"නිකලස්... මොනව උනත් පරිස්සමින්." මම දුක්මුසු හඩින් කිව්වා. නිකලස් හෙලන්ව කතා කරගෙන අපි හිටිය තැනින් ඈතට ගිහින් මොනාදෝ එයාට කියලා අපි හැමෝටම සමු දීලා එයාගෙ ගවේශණයට ගියා. අපි තුන්දෙනා ආයෙමත් කැබිනයට යන අතරතුරේදී මම හෙලන්ගෙන් නිකලස් කිව්වෙ මොනවද කියලා ඇහුවත් ඔහු මට ඒකට නිශ්චිත පිළිතුරක් දුන්නෙ නැහැ. නැවත නිකලස් කදවුරට එනකල් මම බොහොම බයෙන් හිටියේ. සති දෙකකුත් ගෙවිලා ගියා. ඒත් ගවේෂණයට ගිය කව්රුවත් තාම කදවුරට ආවෙ නැහැ. කොහොම උනත් මම හැමදේකටම හිත හදාගෙන තිබුණේ. මට එයා යන දවසෙ දැනුණ අමුතු මූසල හැගීම දැන් ආයෙ ආයෙ දැනෙන්න ගත්තා. ඔය අතරේ එක දවසක් කයිරෝන් භෝජන මණ්ඩපයට අපිව කැදෙව්වා.

Daughter of ApolloWhere stories live. Discover now