මොනා කියන්නද මන්දාමං නවී.....
ඉස්කෝලෙ...ම්ම්ම්....කොළපාට ටයි එකක් තියෙන එකක් 🤭 ලේසියට අඹ කොළ ඉස්කෝලෙ කියමුකෝ 😂 (මං දැනටත් දන්නෙ නෑ ඇයි අපේ එකට අඹකොලේ කියන්නෙ කියලා.. සැක්)
මේකනේ මට ඉස්කොලේ නම දාන්න බෑ... දන්න අය සිටිත් නම් කටවසාගෙන සිටිනු මැනවි...කොහොමත් මේකට ඉස්කෝලේ අදාලමත් නෑ.ඒත් අදාල නැත්තෙත් නෑ...
මං නමය වසරෙන් පටන් ගන්නම්කෝ..ඒක ලේසියි මට..
නමය වසර...හිරවෙලා ගෙවපු ජීවිතයක්..මං කිව්වෙ ක්ලාස් එක ඇතුලෙ ඉඩ නෑ 😂..ඩෙස් ටික දාගන්නවත්... ඩෙස් හතරක ළමයි හයදෙනෙක් හිටියා..අවුලක්මත් නැති උනාට පොත් පත් තියාගන්න ඉඩ නැති වෙනකොට මට නම් යකා වැහිලා තියේ...
මට කොහොම යකා වැහුනත් වැඩක් නෑ..මං හිටියෙ තනිපංගලමේ.. 😂 මං ඒකට ගියේ සිස්සත්තෙං..හයේදි යාලුවො ටිකක් හම්බුනා..හතට යන්න ක්ලාස් කඩද්දි එකෙක්කත් නෑ...ඒත් හතේ ටික කලක් යද්දි මං වගේම පිස්සො සෙට් එකක් සෙට් උනු නිසා ගානක් නැතුව ඒ අවුරුද්දත් ගෙවුනා..අටේදි මං හැම දෙයියෙක්‍ටම වැද වැද හිටියෙ..මං කිව්වෙ ක්ලාස් කඩද්දි...
අපේ සෙට් එකේ මායි තව දෙන්නෙකුයි එකකට වැටුනා.. අනිත් දෙන්නා වෙන එකකට වැටුනා...අපි තුන්දෙනා මුලින් එකට හිටියත් එක්කෙනෙක් පස්සෙ වෙන් උනා..ඒ වෙනුවට අලුතෙන් දෙන්නෙක් මටයි මගේ යාලුවටයි හම්බුනා...
මං නමයෙදි ක්ලාස් කඩද්දිත් හැමතැනටම වැදලා ආවෙ..ඒත් ලක් එක හැමදාම නැනෙ බ්‍රෝ..
නමයෙදි මං තනියම එකක්ට වැටෙද්දි අනිත් තුන් දෙනාගෙන් දෙන්නෙක් එකම ක්ලාස් එකකට වැටුනා..අනිත් කෙනාට එයාගෙ පරණ යාලුවො ටිකක් ඉන්න එකකට වැටුනා...
දැන් හයේදි ඉදන් හිටපු එකෙක්වත් මට නෑ හරිත....
එදා නමය වසරෙ පලැවෙනි දවසෙ මං අතරමං උනු බලුපැටියෙක් වගේ බෑග් එකත් බදාගෙන වටේම ඉන්න ළමයි දිහා කැරකි කැරකි බලන ගම්ං හිටියෙ..මං අදුරන කවුරුවත් ඒ ක්ලාස් එකේ නෑ... මං එහෙම ඉදිද්දි එක ළමයෙක් මට කතා කලා....
"හලෝ ඔයාට ඉන්න තැනක් තියෙනවද"
"නෑනෙ.."
"අපේ පේළියෙ එක්කෙනෙක්ට ඉඩ තියේ..එනවද.."
YOU ARE READING
Friends
Non-Fictionfriends <3 memories will bring you back to the time that you want to go