Second

27 6 20
                                    


දහය වසරට ගියා...

ඒකෙදි නම් මං සතුටු උනා ඇත්තටම..

මොකද ඒ ක්ලාස් එකේ හොදට ඉඩ තිබුනා..අනික අපි හිටියේ දහය වසරෙ බිල්ඩින් එකේ උඩම.. ඒ කිව්වෙ තුන් වෙනි තට්ටුවේ..

අපිට ඉස්කෝලෙ පටන් ගත්තා..ඒත් අපිව දවස් දෙකකට ගෙන්නුවේ.. ඒ කිව්වෙ පළවෙනි අංක විසි හය සදුදා ඉස්කෝලෙ ගියොත් අනිත් අංක ටික අගහරුවාදට...කලින් සදුදා ආපු අය බදාදට..අනිත් අය බ්‍රහස් පතින්දට..එහෙම..මං හිටියෙ දෙවෙනි කොටසෙ..මොකද මගේ රෙජිස්ටර් අංකෙ 50 නිසා..ක්ලාස් එකේ 54ක් ළමයි හිටියා...

මං කලින් කිව්වා වගේම අපිව ක්ලාසස් වලට කැඩුවෙ නෑ..බින්දු ඇරෙන්න අනිත් ඔක්කොම මං ඉස්කෝලෙ යන දවසට වැටිලා හිටියෙ..බින්දුගෙ අංකෙ 25.

අවුරුද්දම එහෙමම ගෙවිලා ගියා..කියන්න තරම් විශේශයක් නෑ....

මං හිතුවා වගේම..මං කැමති උනා වගේම..මට ජනේලෙ තියෙන පැත්තෙ අන්තිම පේළියට කලින් පේළියෙ ජනේලෙ කොණ හම්බුනා..මං සතුටින් හිටියෙ දහය වසරෙදි..

මට අලුතෙන් යාලුවො තුන් දෙනෙක් අදුරගන්න පුලුවන් උනා..

සනී
සෙනෝ
දෙව්

ඒ තුන් දෙනා..

මට ක්ලාස් එකේ ළමයිවත් අදුරගන්න පුලිවන් උනා..

මං හැමෝමත් එක්ක කතාබහ කරලා හිටියා ඉතිම්..

දහයේ අන්තිම වාර විභාගේ ලියලා නිවාඩු දුන්නැයින් පස්සේ ආයෙම ඉස්කෝලෙ පටන් ගත්තා...එතකොට නම් ඔක්කොම ළමයි ටික ගෙන්නෙව්වා..

මං ඉස්කෝලෙ ගැන විතරක් කියන්නද??..

හරි හරි..

මං නමය වසරෙදි ඉන්ග්ලිශ් වලටයි මැත්ස් වලටයි විතරයි ටියුශන් ක්ලාස් ගියේ..ආ සයන්ස් වලටත් ගියා..

නමය වසරෙ මැදක් වෙන්න එද්දි අම්මා මාව හිස්ට්‍රි ක්ලාස් එකකටත් දැම්මා...

ඉතින් නමය වසරට එච්චරයි...

දහයෙදි මං ටැමිල් තෝර ගත්තු නිසා ටැමිල් වලටයි, සින්හල වලටයි ක්ලාස් යන්න පටන් ගත්තා..

මං ඔක්කොටම ගියේ අපේ ගමේ තිබ්බ ක්ලාසස් වලට..ගාල්...අහෙම්..මං කිව්වේ ටව්න් එකේ තියෙන එව්වට ගියේ නෑ...

Friends Where stories live. Discover now