මං කලින් එකේ කියන්න හිටපු හොඳම දෙයක් මට මගෑරිලා...
ඕලෙවල් අන්තිම දවසෙ...මං කිව්වනෙ අපිට තිබ්බෙ ටැමිල් කියලා. ටැමිල් කලේ මායි විචායි බිනායි බින්දුයි ලිසූයි ඉසූයි තමා... සෙනෝ කලේ කොමස්... රෝසා කලේ ජැපනීස්, විශ්මිත් කලේ කොමස්. ඉන්ග්ලිශ් මීඩියම්..
අපිට එදා exam එක 8.30 ඉදන් 11.40 වෙනකං තිබ්බේ. අපි පේපර් එක ලියලා ඉවර උනාම සෙනෝයි ඉසූයි අපි හිටපු ක්ලාස් එකට ආවා. එයාලා වෙන ක්ලාස් වල...ඉසූ F එකේනෙ. ඒ නිසා එයා අපිට අල්ලපු ක්ලාස් රූම් එකේ. සෙනෝ කොමස් නිසා වෙනම..රෝසාත් ජැපනීස් නිසා වෙනම..
අපිට හම්බෙලා තිබ්බේ 2 ශාලාව. නිපූ A එකේ නිසා එයා 1 ශාලාවෙ. විශ්මි G එකේ නිසා එයා 3 ශාලාවෙ.කොහොම හරි ඉසූයි සෙනෝයි ආවා අපි හිටපු ක්ලාස් එකට.අපි කතා කර කර ඉදලා බෑග්ස් හදාගෙන පල්ලෙහාට යන්න ලෑස්ති උනේ. බින්දුයි බිනායි සෙනෝයි විචායි ලිසූයි පල්ලෙහාට ගියා. මායි ඉසූයි උඩ නැවතුනා ඉසූගෙ බෑග් එක ගන්න.. අපි හිතුවෙ රෝසා පල්ලෙහාට ගියා කියලා. ඒත් අපි බලද්දි රෝසාත් තාම ක්ලාස් රූම් එකේ.... එයා බෑග් එක හදාගෙනත් නෑ ඒ වෙනකං. හැමෝම වගේ ගිහින් තිබ්බා.. ඒ පාර බිනා කෑ ගහගෙන ක්ලාස් එකට ආවා..
එතකොටම නෙත්මිත් ආවා ක්ලාස් එකට. නෙත්මි කියන්නෙ රෝසාගෙ යාලුවෙක්. එයා අපේ ක්ලාස් එකේ. ඉතින් එයා අපෙත් යාලුවෙක්. එයා ඇවිත් අපිට බායි කියාගෙන බෑග් එක අරගෙන ගියා..
අපි රෝසා බෑග් එක හදාගන්නකං කයිය ගහ ගහ හිටියෙ. පස්සේ බිනා ලොකූ ස්ප්‍රයිට් බෝතලයක් එලියට අරගත්තා බෑග් එකෙන්.. ඒක රෝසාට දුන්නාම රෝසාත් බෑග් එකෙන් කෑම පාර්සල් එකක් අරං බිනාට දුන්නා...
මෙයාලා කෑමත් ගෙනල්ලා... ඇත්තටම රෝසා කිය කිය තමා හිටියේ අම්මට කියල කෑම හදාගෙන එන්නං කියලා අන්තිම දවසට. ඒත් මං එයා ඒක ඇත්තටම කරයි කියලා හිතුවෙ නෑ... බිනාට කෑම එකක් වෙනම ගෙනාවෙ එයාට කන්න ඉන්න වෙන්නෙ නැති නිසා කිව්වා.
අපි හතර දෙනාත් පල්ලෙහාට ගියා ස්ප්‍රයිට් බෝතලෙත් අරං.. අනිත් අය හිටියෙ පල්ලෙහා 11 වසර බිල්ඩින්ග් එකට ඉස්සරහ තිබුනු කලින් ආර්ට් රූම් එක විදියට පාවුච්චි කරපු ක්ලාස් එකේ.. අපිත් ගියා එතනට.... අපි කෑම කන්න කලින් අත හෝදන්න කියලා කලින් OG එක තිබුනු තැන තිබුණු ටැප් ළඟට ගියා. එතකොට අපිට සෙක්ශනල් හෙඩ් සේනානායක මිස් හම්බුනා. අපි ටීචට කියන්නෙ සේනා කියලා. ඒක නිකං අර සේනා දළඹුවා වගේ නේත 😂💔
YOU ARE READING
Friends
Non-Fictionfriends <3 memories will bring you back to the time that you want to go