Fourth

13 4 4
                                    

අපි ට්‍රිප් එක ගියේ මහනුවර.

ඒක මරු හැබැයි. ඔන්න ඉතින් මං උදේම ඇහැරිලා ලෑස්ති උනා. අම්මත් කෑම ඒවා මේවා හදලා දුන්නා...අපේ සෙට් එක නූඩ්ල්ස් ගේන්න කිව්ව නිසා අපේ අම්මා නූඩ්ල්ස් හදලා දුන්නා..
ඔක්කොම ලෑස්ති කරං අම්මයි මායි ඉස්කෝලෙට ගියා. යන අතරමඟදි හම්බුනු කඩේකින් රෝල්ස් දෙකකුත් අරගත්තා...පාන්දර හතරහ මාරට ඉස්කෝලෙට එන්න කියල තිබුනෙ. ( ඒ වෙලාවට කඩ ඇරලා නෑ තමා. ඒත් උදේ පාන්දර වැඩට යන අය, ගමං යන අයට එහෙම ඒ වෙලාවට කන්න කඩ සෙට් වෙන්නෙ නැති නිසා එක අන්කල් කෙනෙක් ඔය ශෝට් ඊට්ස් කඩයක් පාර අයිනේ දාගෙන හිටියා)

අම්මටයි මටයි ඉස්කෝලෙට යන්න පැය භාගයක් ඇති උනා. මොකද ඒ වෙලාවෙ ට්‍රැෆික් එහෙම නැති නිසා...පාන්දර හරි සෝඉ හලෝලා....පාරෙ බලු භල්ලෙක් නෑ ඉදහිට යන වාහනයක් දෙකක් ඇරෙන්න...අපි යද්දි අපිට මඟදි ජනිදු බස් එක හම්බුනා. (ජනිදු බස් එක වඳුරඹ හරහා ගාලු යන යක්කලමුල්ල බස් දෙකෙන් එකක්.. මං ඉන්නෙ වඳුරඹනෙ..ඉතින් ඒ බස් එකේ ආවාම මට ගේ ගාවම දෙයියනේ කියලා බැහැගන්න ඇහැකි.. අනික මං ඒ බස් එකට හෙන ආසයි හලෝ.) ඒකෙ කන්ඩක්ට අන්කල් අපේ අම්මගෙ දුර~ නෑයෙක්ලු. ඉතින් ඒ වෙලාවට ඒ බස් එක පාරෙ වැඩ කරන්නෙ නෑනෙ.. අම්මයි මායි යන ගමං කතා කර කර ගියේ ජනිදු බස් එකත් කොහේ හරි ට්‍රිප් එකක් යනව ඇති කියලා...

කෝම හරි හතරයි කාලට විතර අම්මයි මායි ඉස්කෝලෙ.. එදා අපේ ඉස්කෝලෙන් යන්න ට්‍රිප් තුනක් තිබ්බා..එකක් අපේ එක. ග්‍රේඩ් ලෙවන් එක. තව එකක් ග්‍රේඩ් ටෙන් ට්‍රිප් එක. අනික සයන්ස් සෙක්ශන් එකේ අක්කලාගෙ ට්‍රිප් එක... අපිට මේන් ගේට් එක ගාවට එන්න කියලා තිබ්බා..ග්‍රේඩ් ටෙන් ළමයින්ට අලපලාව පැත්තෙ තීන ගේට් එකට..අක්කලා අපි එන්න කලින් ගිහින් තිබ්බා. අක්කලාගෙ ට්‍රිප් එක දවස් දෙකේ එකක්ලුනෙ. නුවර එළියෙලු. නංගිලා රත්නපුරේලු.අපි තමා මහනුවර යන්න ගියේ.නංගිලාට දීලා තිබ්බෙ ගොඩවත්ත බස් ෆැමිලි එකේ බස් අටක්.ක්ලාසස් අටට එක ගානෙ. අනේ එයාලට නං සෝයි. අපි හිතුවෙ අපිට ගොඩවත්තෙ ටික දේවි කියලා. ගිනිකිරිල්ලිද, සුන්දරීද, දුම්බර මැණිකෙද අරව මේවා නම් ගොඩක් තිබ්බ බස් ටික... සාංකාවෙ බැරි උනා අපේ ළමයින්ට. නම්කිලා අපිට කලින් යන්න පිටත් උනා. හතරහමාරට එයාල ගියේ. අපිට හතරහමාරට ඉස්කෝලෙට එන්න කිව්වට පහට තමා පිටත් වෙන්න හිටියෙ.

Friends Where stories live. Discover now