ට්‍රිප් එකට පස්සෙ ආයෙම හැමදේම කලින් ට්‍රැක් එකටම වැටුනා.
උදේම නැගිටිනවා- ඉස්කෝලෙ යනවා- ඉගෙන ගන්නවා- පිස්සු කෙලිනවා- කැන්ටිම පැත්තෙ රවුම් ගහනවා- ඉස්කෝලෙ වටේ රවුම් ගහනවා- ඉතිහාසය ටීචට ගොටු අල්ලනවා- ගණන් ටීචට බැණ බැණ ටීචගෙ හොඳ කියනවා- ටීචර්ස්ලට බටර් ගානවා(විශේඅහයෙන් සිංහල ටීචට)- ක්ලාස් එක නිසා බැණුම් අහනවා- ඉස්කෝලෙ ඇරිලා ක්ලාස් එකට නවතිනවා- ක්ලාස් ඇරිලා රේල් පාරෙන් බස් ස්ටෑන්ඩ් එකට යනවා- ගෙදර යනවා- කනවා- බොනවා- වැඩතිබ්බොත් කරනවා- (හිතුනොත් විතරක්)පාඩම් කරනවා- අම්මට හොරෙන් ෆෝන් එක ඔබනවා- ටීවී බලනවා- ආයෙම කනවා- නිදාගන්නවා- නැඟිටිනවා- ආයෙම ඉස්කෝලෙ යනවා- එනවා- ක්ලාස් යනවා-
මෙහෙම තමා ජීවිතේ ගෙවුනෙ. ඇත්තටම අපිට ඉතින් මේන්ටේන් කරන්න තිබ්බෙ සිංගල් ලයිෆ් එකක් නිසා ගොඩාක් හොඳට ගියා. ඒත් බිනා ගැන නම් මට ඇත්තටම දුකයි. මොකද ඌට කොල්ලා ගැන බලන්නත් තිබුණු නිසා.
මං බිනාගෙ කොල්ලා ගැන කිව්වද??
ආ ඒකාගෙ නම සුළඟට සමාන පදයක්..හෙහේ 🤭 ශහෝදර පාසලේ කොල්ලෙක්.. ශහෝදර ප්‍රේමයක් නෙවේ හැබැයි. සිරාම ලව් එකක් ඒකනම්.බිනායා ඉතින් ඉස්කෝලෙ ඇවිත් ඒකා දීපු තෑගියි ඒකාව ක්ලාස් එකේදි හම්බුනු එක ගැනයි ඒකාගෙ අත හපපු එක ගැනයි ඒකාගෙ T- shirt එක කාපු එක ගැනයි. උගෙ යාලුවො ගැනයි. මොකක් හරි වල් කතාවකුයි අනිවාරෙන්ම කියනවා. 😂 අපිත් ඉතින් ඉදගෙන උල්පන්දම් දෙනවා..
මං කේ පොප් ෆෑන් කෙනෙක් උනු මුල හරියෙදි, මං නමක් හදාගත්තා මගේ ඇත්ත නමෙනුත් කෑලි දාලා තරුෂි කියන එකෙන් රුශී කියලා ගත්තා Dewmini කියන එකෙන් මින් කියන කෑල්ල ගත්තා. මං දාගත්තු නම මින් රුශී.. ඒක හදාගත්තෙ කොරෝනා නිවාඩුවෙ. ඉස්කෝලෙ පටන් ගත්තාම අපි ඉස්කෝලෙ ගියානෙ. ඉස්කෝලෙදි මට විහිළු කරන්නත් එක්ක මගේ නසරානියො සෙට් එක මට කතා කරේම මින් රුසී කියල.. මමත් ඉතිම් මොකාද එකා වගේ ඒකට ඇවිස්සෙනව... ඒ කාලෙ අපි හෙන බොළඳයි හලෝ.. ඒත් පස්සෙ හැමෝම මට නවී කියල කතා කරන්න ගත්තා. පස්සෙ ඒක රෝසා නවේ කියලා හදාගත්තා. දැන් රෝසායි බින්දුයි මට කතා කරන්නෙ නවේ කියලා. අනිත් අය නවී කියලා. විශ්මි මට කතා කරන්නෙ තරූ කියලා 🤭
YOU ARE READING
Friends
Non-Fictionfriends <3 memories will bring you back to the time that you want to go