Chapter 12

123 40 12
                                    

"ඒ පූස්...මොකෝ උනේ..මේ දවස් දෙකේම ස්කූල් ආවෙත් නෑ 🤧"

"ඔයාගේ ෆෝන් වැඩ කලෙත් නැති නිසා අපි හොදටම බයවුනා..💔"

පූසා ස්කූල් ආවා කියලා හොබී දුන්න පනිවීඩේට ගේට් ඒක ලගට ගිය ජිමින් පූස්ගෙන් අහද්දි හොබී කිව්වා

"එදා ස්කූල් එකේදිම ජිනී මගේ ෆෝන් එක ගත්තා..🥲"

"එතකොට ආවේ නැත්තේ.."

"ජිනීගේ නීති තමා..මේ පාරත් මන් එයා එපා කිව්ව දේ කල එකට දුක හිතිලා. ඉතින් දන්නැද්ද මට පොඩි පනිෂ්මන්ට් එකක් ලැබුනා.."

"ඒකද මේ රතු පලු තීන්නේ..."

ජිමින් හොබී දෙන්නා එක්ක කතාකර කර ස්කූල් එක ඇතුල්ට යනගමන් සුගා එහෙම කියද්දි හොබී ඇහුවා.

"ශිට්..එයා මේ අහිංසක සීදේවි කොල්ලෙක් වගේ ඉන්න මගේ හියුන්නම් වෙන්න බෑ.."

"අනේ යකූ...මගෙ ජිනීට මුකුත් කියන්න එපා.එයා තමා හොදම කෙනා..."

"එතකොට අපි..."

"එයාට පස්සේ හොද අය..."

හොබීගෙයි ජිමින්ගෙයි කරෙන් අත දාගත්තු සුගා ඇහක් ගහන ගමන් කිව්වා.

"ආ..එහෙමයි නේහ්...කමක් නෑ දුකක් නෑ"

"එතකොට මේ ඇගේ තීන පලු මොනාද"

හොබී නහ උඩට ඇද ඇද එයාගේ දුක ප්‍රකාශ කරද්දි ජිමින් ආයෙම ඇහුවා.

"ඊයේ මායි ජිනියි බීච් ගිය වෙලේ මන් ස්ට්‍රීට්ෆුඩ් වගයක් කෑවා..ඒ කාපු මොනා හරි ඇලජික් වෙලා.."

"ඔහ් එහෙමද...බෙහෙත් මුකුත් ගත්තේ නෑ..."

"ඊයේ හවසම ගත්තා..දැන් අඩුයි.."

"ම්ම් එහෙනම් හරි..."

"පරිස්සම් වෙනවා පූසෝ..ඔයාට මුකුත් උනොත් අපි ඉදලත් වැඩක් නෑ..."

සුගාගේ උරහිස් උඩින් දාන් හිටි අත්වල ග්‍රහනේ වැඩිකල හොබී එහෙම කියද්දි ජිමිනිත් ඒකට එකග වෙන්න ඔලුව වැනුවා..

Attention please  //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Où les histoires vivent. Découvrez maintenant