Next day
Author's povඋදේම නැගිටිලා සන්හි මුලු ගේම අස්සක් මුල්ලක් නෑර අස් කරලා තිබුනා.මුලදි මුලදි හෙන පඩි ටෝක් දුන්නට සන්හිත් අන්තිමට තෝර ගත්තේ එයා ආදරේ කරපු කෙනාව නෙමෙයි සන්හිට ආදරේ කරන කෙනාව.. ඉතින් කාලයත් එක්ක සන්හිත් ආදරේ කරන්න පටන් ගත්තා ජන්ග්හූක්ට.ඒකයි ඊයේ වුණ දෙයින් කෙල්ලගේ හිත එච්චරටම පෑරුනේ.. අනික දැන් ඉස්සර වගේ කෙල්ල ජන්ග්කුක්ගේ insta inbox එක මෙසේජ්වලින් පුරවන්නෙත් නෑ.ඒ වෙනුවට එයාට හම්බුනා දාන මෙසේජ්වලට සැනින් එසැනින් රිප්ලයි එවන එයා ගැන හොයලා බලන කෙනෙක්.ඉතින් තවත් ඕනිද?? එයාට ජන්කුක්ව???🙂🙂🙂🙂
සින්දුවක් මුමුණණ ගමන් ගේ අස් කරපු කෙල්ල නාලා ලස්සන ඇදුමක් දාගෙන කෝල් එකක් එනකල් ටිවී බල බල හිටියා... ඔය අතරේ ටීවී එකේ breaking news එකක් යනවා කොරියාවේ ඉදන් ඇමරිකාවට ආපු airplane එකක් අනතුරට ලක් වෙලා මුහුදට වැටුනා කියලා..
කෙල්ලට ඒක අහලා දෙලෝ රත් වුණා.මෙච්චර කල් බලන් ඉදලා මෙහෙම දෙයක් වෙද්දි කෙල්ල බය වුණා.. තප්පරෙට දෙකට ගගක් ගලනවා වගේ කදුලු බින්දු ඇස්දෙකෙන් එලියට පනිද්දි සන්හි ජන්ග්හූක්ගේ phone එකට කෝල් ගන්නේ වෙව්ල වෙව්ල.
ගන්න එක කෝල් එකක්වත් ආන්ස්වර් කරන්නේ නැති වෙද්දි කෙල්ල තව තව බය වුණේ ජන්ග්හූක්වත් එයාට නැති වෙලාද කියන බයට.. ඒත් එක පාරටම දොරේ ලොක් එකත් ඇරගෙන කලු පාට ඇදුමක් ඇදන් කලු පාටටම මාස්ක් එකකුත් දාගෙන පිරිමි කෙනෙක් ගේ ඇතුලට එනකොට කෙල්ල තවත් බය වුණා.
ඉකි ගගහා අඩ අඩ ඉන්න සන්හිව දැකලා කෙල්ලව බලන්න ආපු ජන්ග්හූක් පවා බය වුණේ කෙල්ලට කරදරයක්වත්ද කියලා හිතලා.ඉක්මණට අතේ තිබුණ බෑග් දෙක බිමින් තියලා දොරත් ලොක් කරලා ඒ පිරිමි ලමයා සන්හි ගාවට එද්දි කෙල්ල කෑ ගහගෙන පිටි පස්සට ගියේ ජන්ග්හූක් හිනා වෙවී කෙල්ලගේ මේ විකාර වැඩ දිහා බලන් ඉද්දි...
සන්හි-"යාහ්... කවුද තමුන් ආආ.. කොහොමද පාස්වර්ඩ් එක දැන ගත්තේ???"
සන්හි හොටු පිහ පිහ අඩ අඩ අහද්දි කෙල්ල ලගට අඩියට දෙකට ඇවිත් කෙල්ලව ඇදලා අරන් බදා ගෙන කොල්ලා කතා කරන්න ගත්තා...
YOU ARE READING
Unknown Number💬💦 [JJK/COMPLETED]
Fanficඇත්තටම ඔයා කවුද ජන්ග්හූක්....🥺🙄 මම ඔයා ආදරය කරන කෙනාම තමයි සන්හියා..සමාවෙන්න බොරු කරාට😞 Started date-12th November 2022 End date -05th December 2022