Book #2 Violence with snow Sakura

112 8 0
                                    

කියවලා ඉවර කරපූ ඩාක් රොමෑන්ස් බුක් එක පැත්තකින් තියලා සීතල වැඩිවෙන බව දැනුන නිසා මං ජනෙලේ වහන්න ගියා....
වීදුරුව උඩ මගේ හුස්ම ගල් වෙද්දී යකඩ ජනෙල් රාමුව හොදටම සීතල වෙල...

අර්හ්හ් ...

සීතල එකපාරට දැනුනම නියූරෝනවලින්ම ආපූ සංවේදනය නිසා අත අහකට ගත්තත් මං හිමිට ආයි ජනෙල් රාමුව ඇල්ලුවා...

ම්හ්ම්...

-4ක විතර උශ්නත්වයක් ඒක....ෆ්‍රිජ් එකෙ අයිස් කැටෙ උශ්නත්වයම තමා ඉතින් හිකි හිකි....විදුරුවෙ රැදුනු ජල වාශ්පයට උඩින් මං මගෙ නම ලියුවා...ආශූ....

පොඩි + එකක් එක්ක...අබී...

මට තාම උබව අමතක කරන්න බෑ රත්තරන්

පරන මතක අස්සේ හින රෝන්දේ ගහද්දී ඇග ඉල්ලපූ ඒ සීතල පහසෙන් මං ඈත් උනා...ආයි පටන්ගත්තොත් නවත්තන්න වෙන් නෑ ...

ජනෙලෙ තදටම වහලා මං කුස්සිය පැත්තට ගියේ කෝපි එකක් හදාගන්න ඔනි නිසා හීටර්වලින් උශ්නත්වය රදවාගත්තත් ගොනිබිල්ලා වගෙ පොරවන් හිටියෙ  ගල් වෙලා මැරෙන්න බැ නෙ ඉතින්

කෝපි එක පුරවද්දී උනු වතුර බින්දුවක් මගෙ අතට වැටුනා ..ගානක් නැ. දුන් දාන කොපි එකත් අරන් මං ඇදට ගියා මඟදී මං කියො කියො හිටපු පොතත් අතට ගත්තා....

මෙ ටිකේම මේක කියොපු නිසද මං ද හිත මට අවනත නෑ වගෙ හැමතිස්සෙම අබිගේ මතකයක් හොයන් හිත අයාලෙ යනවා

මං දැන් මැරුන මනුස්සයෙක් කියලා මතක් වෙද්දී ...හිනත් යනවා... එත් මං කරෙ කරන්න තිබ්බ හොදම දේද..නැත්නම් මගෙ දයිවයෙන් පැනල ආපු එකද....

පොත කියොලා ඉවර කරද්දීත් මට ඒ හිටිය මාස්ටර් ගැන පොඩි ආසාවක් නොදැනුනා නෙමෙයි....😒 මං හැමතිස්සෙම එ චරිත අස්සෙ අබිව හෙව්වා එයාව දැක්කා .....

මෙක හරියන් නෑ එක්කො මං මෙ වගේ පාලු වෙලාවක මෙ වගේ ඩාක් රොමෑන්ස් නොකියවා ඉන්න ඔනෙ...කොහෙද ඉතින් උපන්දා සිට මගෙ මෝඩ මොලෙ කරන්නෙම වේදනාව පස්සෙන් ගිහින් ආතල් ගන්න එකනෙ ....

ෆෝන් එකේ සෙවල බැදිච්ච නෝට් පෑඩ් එකෙ මං ආයි පොඩි   නෝට් එකක් කුරුටු ගෑවා

Cherry Blossm - චෙරි මල් (18+)Where stories live. Discover now