හීටරෙන් රත් වෙච්ච වතුර එකකින් නාලා ඇග දිගේ විතරක් උනුසුමක් ගලන් යද්දී මන් කාමරේ ජනෙලෙන් ඈත පේන ස්විස් කදුකරෙ දිහා බලන් හිටිය. හිත ඇතුලේන් සීතල ගැහීම් ගොඩක් ගොඩ ගැහෙද්දි ඇග විතරක් රත් වෙන එක හරි අමුතුයි..
දුර පේන ස්විස් කදු වගෙම හිත ඈත අතීතෙටම දුවන්නේ කෙලින් බලන්නවත් හිත හදාගන්න බැරි අබිගේ රූපේටත් ඇහැ හොරෙන්ම යන ගමන්..
සිතල හම ඇතුලට යන්න ඔහෙ ඉඩ දෙන ගමන් ඇගෙ තිබුනු බාත් රෝබ් එක ලෙහි බිමට වැටිනි.
අබි හිටියනම්......ගොඩක් කල් හිත අස්සේ හිම මිදුනු විලක වගෙ හැංගිලා තිබුනු එ සිතුවිල්ල මගෙ හිතට අමුතුමු සතුටක් ගෙනාවා...ඇග දිගට හිරිගඩු නැංවෙද්දී ජනෙල් විදුරුවට හුස්ම ගල් වෙද්දි පෙනි නොපෙනි යන අබිගේ හෙවනැල්ල...
හිටියනම් මොනා කරයිද ඇත්තට...හිතද්දිත් සිහින් හිනාවක් ඇගෙ මුවග රැදිනි.
අබිගෙ දෑතෙ ස්පර්ෂය ඇගෙ සිරුර පුරා යනු ඈට දැනිනි..උනුසුම් හුස්ම පොදක් ගෙල අගිස්සෙන් රැදෙනු ඈට දැනිනි... ඉග වටා එතුනු අබිගෙ දෑතින් සිරවි ඇගෙ සිරුරටම වාරූ වී දෙනෙත් පියගත්කල ලොකයෙන්ම තනිවුනු ලෙසක් ඈට දැනිනි..
විකාර.....ඔය දැන් මගෙ හිතෙ හොල්මන් කරනව වැඩි මෝඩ ලමයා!
අබිගෙ රාමු කල පින්තූරයට දොස් නගමින් ආෂූ ඇදුමක් ඇගලා ගැනිමට සැරසිනි. ක්ලබ් එකට යාමට රිසිවන තද නිලට හුරු ගවුමකින් සැරසිනි. ලාවට මුහුනෙ තවරාගත් මේකප් එකත් දෙතොල් රෝස පැහැ කල ආලෙපනයත් ඈට වඩා සුන්දර බවක් එක්කෙරිය.
---------------------------------------------------------------
(අබී )
සුපුරුදු කමිසයක් හා ඩෙනිමක් ඇදගත් අබි වෙනදාට වඩා කඩවසම් බවක් ඉසිලිය.
පැත්තට පීරූ කොන්ඩයත් සුවද විලවුන් සුවදත් ඈට එක් කලෙ වෙනස්ම ආකර්ෂනෂිලි ගතියකි.
නතාලිගේ ඇමතුමක් එනතුරු දුරකතනයෙ තිරය දෙස බලා සිටි ඈ මෙසය මත තිබු පුංචි ආබරන පෙට්ටිය ගෙන කමිසයට උඩින් දැමූ කබයෙ ලාගති.
YOU ARE READING
Cherry Blossm - චෙරි මල් (18+)
Genel Kurguහැගීම් එක්ක කරන සුන්දර සෙල්ලමක් >_< හනාහාකී චෙරි බ්ලොසම් Live with Plesure of Pain ) : )