හරා හැමදාම වගේ පාන්දර පහට විනාඩි කීපයක් තියලා ඇහැරුනා.... පුංචි ම හඩක් වත් නැතී පාන්දර යාමේ සීතල නිහැඩියාවට හරා හැමදාමත් ආදරේ කලා.... තවත් මොහතකින් හරාගේ මූනට හිනාවක් අරගෙන දොර පැත්තෙන් මෘදු තට්ටුවක් ඇහුනා....
"ගුඩ් මෝනින් මිසිස් ජේන්!!!"
නිදාගෙන හිටපු ඉරියව්ව වෙනස් නොකරම හරා ටිකක් සද්දෙන් කිව්වා.....
"උදේ පාන්දර ඔය තරම් සද්දෙට කෑ ගහන්න එපා මිස් හරා!!!"
දොර ලගින් මිසිස් ජේන් ගේ තරවටු හඩ ඇහෙන කොට හරා හෙමින් හිනා වුනා...
"සොව්රීඊඊ!!"
කලින්ටත් වඩා සද්දෙන් කිව්ව හරා මිසිස් ජේන් ගේ ඉක්මන් පියවර හඩ තරප්පු පෙලේ ගැටෙන හඩ අහගෙන හිටියා.... ඊලගට නැගිටලා ගිහින් ජනෙල් තිර දෙපැත්තට ඇදලා දැම්මා.... ඈතින් පායන උදෑසන ඉරේ රත්තරන් පාට රැස් වැටිලා දම්පාට පාන්දර අහසේ ලස්සන චිත්රයක් මැවිලා තිබුනා...
පිනි ඉහිලා තියන නෑඹුල් රෝස පොහොට්ටුවකට හාද්දක් තියපු හරා ඇස් කොනින් එහාපැත්තේ බැල්කනි එක දිහා බැලුවා..... වෙනදට නම් පාන්දරින්ම නැගිටපු අංකල් හොබී එයාගේ සුපුරුදු උනුම උනු කොෆි එක බොන ගමන් ඩයරි එක ලියන හැටි හරා දකිනවා.... ඊලගට බැල්කනි එකෙන් එබෙන හරා රහසින්ම ගුඩ් මෝනින් කිව්වම ලස්සනට හිනා වෙන අංකල් හොබී හරාට පෙරලා සුභ පතනව....
ඒත් අද ඒ පැත්ත පාලුවට ගිහින් කියලයි හරාට දැනුනේ.... අත්වැට අල්ලගෙන ජන්කුක් ගේ රූම් එක දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු හරා බර හුස්මක් පහල දාලා බිම බලාගත්තා....
හරාට අංකල් හොබී ව දැනුනේ තමන්ගේ ම කෙනෙක් වගේ..... ඒත් පලවෙනි වතාවට හරාට හිතුනා අංකල් හොබී ට හරා කියන්නේ කවුරුත්ම නෙවෙයි කියලා.... තමන්ගේ ම කියලා හදවතේ උඩින් ම හරාට හිටියේ අංකල් හොබීයි මිසිස් ජේනුයි විතරයි.... රජතුමා තමයි හරාගේ අප්පා කියලා මිසිස් ජේන් වගේම හේසෝක් ත් හරාට කියලා තිබුනත්, ජීවිතේ කවදාවත් ම හැබැහින් දැකලා නොතිබුණු අප්පගේ ආදරේ මොන වගේද කියලා හිතාගන්න වත් පුලුවන් කමක් හරාට තිබුනේ නෑ....
YOU ARE READING
✔♡HIDDEN ROSE♡ (JJK fiction)
Fanfictionආදරේ ඇබින්දක් වත් නොලබපු පුංචි රතු රෝස මලක් ලග නැවතුන වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර බඹරෙක්..... "තමුන් නිසයි මගේ පපා මගෙන් ඈත් වුනේ මින් හරා!!!... තමුන් නිසයි මගේ මමා හැමදාමත් මිනිස්සු න්ගේ නරක කථා ඇහුවේ!!! මන් තමුන්ට වෛර කරනවා!!! මං රජතුමාට ත් වෛර කරන...