ජන්කුක් හිටියේ හවස තේ මේසේට වාඩි වෙලා....නැවුම් කොෆි සුවද කුකීස් එක්ක ජන්කුක් කැමතිම බනානා මිල්ක් ෂේක් එකක් පුංචි ටේබල් එක උඩ තිබුන වුනත් ජන්කුක් ගේ අවදානේ තිබුනේ වෙනතක....
උදේ බැල්කනි එකේදි යන්න ගියායින් පස්සේ දැන් පැය හයකටත් වැඩී ජන්කුක් තාම හරාව දැක්කේ නෑ.... හරා දවල් කෑම මේසේට ආවේත් නෑ.... ජන්කුක් ඒ ගැන මිසිස් ජේන් ගෙන් ඇහුවත් හරා කෑම ගන්න පරක්කු වෙනවා කිව්වා ඇරෙන්න එතනින් එහාට දෙයක් මිසිස් ජේන් කිව්වේ නෑ.... ජන්කුක් ට අහන්න ඕන වුනත් අහන්න පුලුවන් කමක් තිබුනේ නෑ....
ජන්කුක් දවල් දවසම බැල්කනි එකට වෙලා බලාගෙන හිටියා හරා රූම් එකට ඒවී කියලා....ඒත් හරා අතුරුදහන් වෙලා....
"මාස්ටර් හේසෝක් නම් waffles වලට ගොඩක් කැමතියි, මිස්ටර් ජන්කුක් කැමතිද දන්නේ නෑ!! "
ලස්සනට සැන්ඩ්විච් කරපු බනනා waffles දෙකක් ජන්කුක් ගේ ඉස්සරහින් තියලා මිසිස් ජේන් කියනකොට ජන්කුක් ගැස්සිලා ගියා....
"ආහ් thankyou මිසිස් ජේන්!! අ..ඒක නෙවෙයි හරා කොහෙද? එයා ටී වලට එන්නේ නැද්ද?"
මිල්ක්ෂේක් එකෙන් උගුරක් බීලා ජන්කුක් ඇහුවා,...මිසිස් ජේන් තොල් තද කරලා ජන්කුක් දිහා බැලුවා...
"මිස් හරා මොකක් හරි දේකට හිත රිදවගෙන ඉන්නේ මිස්ටර් ජන්කුක්, එයා ලයිබ්රි එක ඇතුලේ ඉන්නවා!!"
"මොකක්!! "
ජන්කුක් කලබලෙන් නැගිට්ටා, ඊලගට මිසිස් ජේන් ගේ පුදුම වුන මූන දිහා බලලා සන්සුන් වෙන්න උත්සාහ කරපු ජන්කුක්,"අ ...මං හිතන්නේ එ..එයාගේ හිත රිදුනේ මං නිසා මිසිස් ජේන්....!!"
කියලා කිව්වා, මිසිස් ජේන් ඇස් අකුලලා බැලුවා....
"ආහ් ඇත්තටම හරා මගේ පපාට ගොඩක් කැමතියි, මං උදේ කිව්වා මං කාත් එක්කවත් මගේ පපාව බෙදාගන්න කැමති නෑ කියලා, මං හිතන්නේ හරාට ඒකට දුක හිතුනා, මං සොරි කිව්වොත් හොදයි!!"
ජන්කුක් කිව්වා...මිසිස් ජේන් යන්තමට හිනා වුනා...
"මිස්ටර් ජන්කුක් ට සිද්ධ වෙනවා දවසක හැමදේම මිස් හරා එක්ක බෙදා ගන්න!!"
YOU ARE READING
✔♡HIDDEN ROSE♡ (JJK fiction)
Fanfictionආදරේ ඇබින්දක් වත් නොලබපු පුංචි රතු රෝස මලක් ලග නැවතුන වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර බඹරෙක්..... "තමුන් නිසයි මගේ පපා මගෙන් ඈත් වුනේ මින් හරා!!!... තමුන් නිසයි මගේ මමා හැමදාමත් මිනිස්සු න්ගේ නරක කථා ඇහුවේ!!! මන් තමුන්ට වෛර කරනවා!!! මං රජතුමාට ත් වෛර කරන...