5th rose...

847 207 65
                                    

ඩයිනින්ග් ටේබල් එකෙන් නැගිටලා එහෙමම තමන්ගේ රූම් එකට යන්න ආපු ජන්කුක් ගේ ඇස් නැවතුනේ එහා පැත්තේ බැල්කනි එකේ හිටපු හරා ලග...සම් කවරෙකින් ආවරනය වුන ලොකු පොත් කීපයක් වට කරගෙන බැල්කනි එකේ තිබුන සුදුපාට රවුම් මේසෙට වාඩි වෙලා හරා හිටියේ ලොකු වැඩක වූනත් හරාව දැක්ක ජන්කුක් ට නම් හරාට ඒ වැඩේ කරගන්න දීලා එතනින් යන්න හිත දුන්නේ නෑ....

ඒ නිසාම හරාගේ බැල්කනි එක පැත්තේ තිබුන තමන්ගේ බැල්කනි එකේ පැති බැම්මට බරවුන ජන්කුක් උගුර පෑදුවා....හරා ඔලුව උස්සල බැලුවා....

"හේයි!! මාත් එන්නද?"

ජන්කුක් ඇහුවා... හරා ඇස් ලොකු කරලා බැලුවා... බැල්කනි දෙක අතර පරතරය අඩියක් විතර තිබුනා... ඉතින් එන කෙනෙක් එන්න ඕන විසිත්ත කාමරය හරහා ප්රධාන තරප්පු පෙළ පියමං කරලා හරාගේ කාමරේ ඇතුලෙන්.... ජන්කුක් අහන්නේ එහෙම එන්නද කියලා?? හරා හිතුවා....

"කමක් නෑනේ!!"

හරාගේ නිල් පාට ලොකු ඇස් දිහා බලලා ජන්කුක් ආයේත් ඇහුවා... හරා මොකුත් නොකියා බලාගෙන හිටියා... එක වතාවක් හරා දිහා බලලා හිනා වුන ජන්කුක් ඊලග තත්පරේ තමන් ගේ බැල්කනි එකේ පැති බැම්මට නැගලා හරාගේ බැල්කනි එකේ පැති බැම්මට අඩිය තියලා ඒ පැත්තට පැන්නා....

හරා ඇස් ලොකු කරගෙන කට ඇරගෙන බලාගෙන හිටියා.... ජන්කුක් හිනාවෙන ගමන් පුටුවක් ඇදලා අරගෙන හරාගේ ඉස්සරහින් වාඩි වුනා....

"හේයි ජස්ට් රිලැක්ස්!!"

හරාගේ මූන ඉස්සරහින් අසුරක් ගහලා ජන්කුක් කිව්වා... හරා ගැස්සුනා..

"ඔහ් ම්...මිස්ටර් ජ..ජන්කුක්..ඔයා ..වැටුන නම්!!"

තාමත් වේගෙන් ගැහෙන පපුවට අතක් තියලා හරා කිව්වා... ජන්කුක් අහක බලාගෙන හිනා වුනා....

"ඕවා මොනාද මං කොලේජ් කාලේ ඔයිට වඩා උස තැන් වලින් පැනලා තියනවා!!"

ජන්කුක් ගානකට නොගෙන කිව්වා...

"ඒ වුනාට මිස්ටර් ජන්කුක්!!..."

"කුකී කියන්න!!"

"ආ!!"

"ආහ් මට කුකී කියන්න..මට යාලුවෝ හැමෝම කථා කරන්නේ එහෙම!!..මිස්ටර් ජන්කුක් කියනකොට අපි ඈතයි කියලා හිතෙනවා මට....!!"

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now